පළකල දිනය : Fri, Jul 29th, 2016

මහින්දට ඊයේ වුනු අකරතැබ්බයට පිහිටට ආපු තීන්ත කඩේ කතාව

Gossip Story About Jana Satana Pada Yathraඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරන ලද පාද යාත්‍රාවේ පළමු දිනය වූ ඊයේ දිනයේදී ඒ සඳහා සහභාගි වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාව මහජනතාව හමුවේ ආරක්ෂා කර ගැනීමට අපහසුවූ පුවතක් වාර්තා වේ..

හිටපු ජනාධිපතිවරයා මුලින්ම එක්ව ඇත්තේ පෙළපාලියේ මැද කොටසට වන අතර එහිදී පාගමනේ මුල් කොටසේ සිටි පිරිස පසුබසින්නට වී ඇති නිසා ඔහු ඉදිරියට පැමිණ තිබේ.

ඒ අවස්ථාවේ මහින්ද රාජපක්‌ෂ මහතාව දුටු ජනතාව ඔහුගේ අත් ඇල්ලීමටත් සිප වැළඳ ගැනීමටත් පටන් ගෙන ඇති අතර එය ඔහුගේ ආරක්ෂකයන්ට හෝ වළක්වා ගනු නොහැකිවී ඇත.

අවසානයේ මධු මාධව අරවින්ද ඇතුළු පිරිසක් ඔහුව ළඟ තිබූ තීන්ත වෙළඳ සැලකට ගෙනගිය බව දැන ගන්නට ලැබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button