පළකල දිනය : Tue, Aug 2nd, 2016

බීලා වැඩිවෙලා සිහි නැතිව වැටුණ 16 සිසුවිය දමා පෙම්වතා පනී

A Drunken Female Studentඅනුරාධපුර නගරයේ හරිශ්චන්ද්‍ර මාවතේ බැංකු පෙදෙස අසල පාලම යට දුම්රිය මාර්ගය අයිනේ පෙරේදා (31 දා) සවස අධික ලෙස බීමත්ව සිහිකල්පනාවක්‌ නොමැතිව ඇද වැටී සිටි දහසය හැවිරිදි පාසල් සිසුවියක්‌ අනුරාධපුර පොලිස්‌ ස්‌ථානයේ නිලධාරීන් මැදිහත්වී සිය භාරයට ගෙන ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

එම ශිෂ්‍යයාව දුම්රිය මාර්ගය අසල වැටී සිටිනු දුටු පුද්ගලයෙක්‌ පොලිස්‌ හදිසි ඇමතුම් අංක 119 ට ලබාදුන් තොරතුරකට අනුව එහි ගිය පොලිස්‌ නිලධාරීන් ඇය මෙලෙස සිය භාරයට ගෙන තිබේ.

එහිදී ඇය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකළ අනුරාධපුර පොලිස්‌ ස්‌ථානයේ හදිසි ඇමතුම් අංශයේ කොස්‌තාපල්වරුන් වන ශ්‍රියානන්ද (20543) සහ කැලේගම (4637) යන නිලධාරීන් ඇගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනුරාධපුර නගරයේ පෞද්ගලික උපකාරක පන්තියකට සහභාගි වීම සඳහා නිවසින් පැමිණ තමන් සිය පෙම්වතා සමඟ දුම්රිය මාර්ගය අසලට වී බීර පානය කළ බව පවසා ඇත.

බීර පානය නිසා වෙරිවී සිහි කල්පනාව නැතිව ඇද වැටුණු පසු සිය පෙම්වතා ඇයව එහි දමා පලාගොස්‌ ඇති බව අනාවරණය වී ඇත.

අනුරාධපුර නගරයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලබන එම ශිෂ්‍යාව අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිස්‌ පරීක්‍ෂණවලදී වැඩිදුරටත් හෙළිවී ඇත.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button