පළකල දිනය : Tue, Aug 2nd, 2016

විභාගය ගොඩදාන්න කියලා සල්ලි අරන් තරුණියන් ගණිකාවන් කරපු හෑටි

Gossip News Story hostel in Hanthaneසාමාන්‍ය පෙළ විභාග අසමත් වූ වයස අවුරුදු 16-17 සීමාවෙහි පසුවන මෙම දැරියන් 12 දෙනා ඇතුළු 17 දෙනෙකු නවාතැන්ගෙන සිටි හන්තාන ප්‍රදේශයේ පිහිටා ඇති කඳවුරේදී බාහිර ගැණුම් කරුවන්ගෙන් මුදල් ලබාගෙන මෙම දැරියන් ගණිකාවන් ආකාරයට විකුණා තිඛෙන බව මේ වනවිට හෙළිදරව්වී තිබේ.

ඊයේ හන්තාන කැලෑබද වාසය කරන පුද්ගලයෙකු පොලිසියට ලබාදුන් දුරකථන ඇමතුමකින් කියා තිබුනේ කැලයේ අතරමංව සිටින දැරියන් පිරිසක් තමන්ට සිදුවූ කරදරයක් ගැන පොලිසියට සැලකරන්නට අවශ්‍යවී සිටින බවකි.

ඒඅනුව එම ලිපිනය සොයාගෙන පොලිසිය ගිය විට දැකගන්නට ලැබී ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ රැකවරණය ලබමින් සිටි දැරියන් පිරිසකි. ඔවුන් තැතිගැන්මට ලක්ව සිටි අතර පොලිසිය කළ විමසුමේදී දන්වා ඇත්තේ පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාග වලින් ප්‍රතිඵල දුර්වලවූ නිසා දෙමාපියන් වියදම් කර තමන්ව මෙම නේවාසික පුහුණු කදවුරට එවා තිබුණ බවයි.

එහි දුරකථන භාවිතය තහනම් කර තිබූ බවත් දෙමාපියන්ට මසකට වරක් පමණක් හමුවීමේ අවස්ථා සලසා තිබුණ බවත් කඳවුරෙන් පිටයාම තහනම් කර තිබූ බවත් විස්තර කර තිබුණ ඔවුන් මෙම ආයතනයේ පරිපාලකයාගේ අනුදැනුම මත තම පිරිස එකින් එකා වරින්වර බාහිර පුද්ගලයින්ගේ ලිංගික ගොදුරු බවට පත්වූ බව ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් සියලූ‍ දේවල් ඉවසා සිටින්නට සිදුවන තරමට එම ආයතනයේ නීති තදින් පැවතීම නිසා ඔවුන් පසුගිය කාලයේ අසහනයෙන් පීඩාවෙන් කල්ගතකර ඇත.

අවසානයේ ඊයේ එම පිරිස ආයතනයෙන් පැන එන්නට සමත්ව ඇත.එයට ආසන්නට සිදුවීම වී ඇත්තේ ඊයේ දහවල් කාලයේ ආයතනයේ පැවතියායයි කියන මත්පැන් සාදයකින් පසු එයට පැමිණි බව කියන පළාතේ ප්‍රභූන් පිරිසක් මෙම දැරියන් නැවතත් අපයෝජනයට සූදානම් වීමයි.

එම අවස්ථාවේ ඔවුන් කඳවුරේ යතුරු සගවා තිඛෙන කාමරයේ දොර කඩා යතුරු සොයාගෙන පැනගොස් තිඛෙන අතර කඳවුර ආසන්නයේ පිහිටි කැලෑවට පැනගොසින් ඇත. කැලෑවේ ඇවිද යද්දී අසල්වාසී පිරිසක් මොවුන්ට හමුවීමෙන් පසු සිද්ධිය ගැන පොලිසියට දන්වන්නට උදව් කර ඇත.

119 අංකයට ඇමතුමක් ලබාදීමෙන් පසු මේ සියලූ‍ කාරණා පොලිසිය වෙත අනාවරණයවී තිබේ.

  • 973
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button