whatsapp message මෑකුවත් රිකවරි කරන්න පුලුවන්

Gossip Story Social Media WhatsApp Messengerwhatsapp මගින් කෙරෙන සංවාද පිළිබඳ නවතම තොරතුරක් නිරීක්ෂකයන් පිරිසක් හෙළිකර තිබෙනවා. ඒ whatsapp හි ඇති පණිවුඩ ඉන් මකා දැමුවද එය ස්ථිරවම මකා දැමිය නොහැකි බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ whatsapp තුළ සිදුවන සංවාද මකා දැමුවද එය දුරකථනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් නොවන බවයි. ඒ අනුව whatsapp භාවිත කරන්නන් සිය පණිවුඩ මකා දමා කිසිවක් සැඟවීමට උත්සාහ කරන්නේ නම් එය කළ නොහැකි වනු ඇති. විශ්ෂයෙන්ම නීතිමය කටයුත්තකදී හෝ යමක් තහවුරු කරගැනීමක් අවශ්‍ය විටක අදාල පණිවුඩ යළි ලබාගැනීමේ හැකියාවද තිබේ.

කෙසේ වෙතත් සමාගම තම ග්‍රාහකයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට උපරිමයෙන් බැඳී සිටින බවයි පවසන්නේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button