පළකල දිනය : Thu, Aug 4th, 2016

මුරකරුවන්ගේ වර්ජනය අතරතුර මව දරු දෙදෙනා අවසන් ගමන් ගිය හෑටි

gossipnewsවැල්ලව ගනේවත්ත බේරගල අනාරක්‍ෂිත දුම්රිය හරස්‌ මාර්ගය හරහා ඊයේ දහවල් 12.15 ට පමණ යතුරුපැදියක ගමන් ගත් තරුණ මවක සහ සිඟිති දරු දෙදෙනා කොළඹ සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් එම ස්‌ථානයේදීම මියගොස්‌ ඇත.

අමතර පන්තියකට සහභාගි වූ සිය දියණිය කැටුව නිවස බලා යමින් සිටියදී මව සහ දියණියන් දෙදෙනා මෙම අනතුරට මුහුණපා ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී මරුමුවට පත්වූ මව 32 හැවිරිදි වියේ පසුවන අතර දිය‚යන් දෙදෙනා සය හැවිරිදි සහ දෙහැවිරිදි වියේ පසුවන බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

වැල්ලව ගනේවත්ත බේරගල ඈඳගල වංගුව ප්‍රදේශයේදී මෙම මාරක අනතුර සිදුවී තිබේ. ඇඳගල දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි මේ අනාරක්‍ෂිත දුම්රිය හරස් මාර්ගයෙහි බම්බු ගේට්ටුවක්ද සවිකර ඇති අතර ගේට්ටු ක්‍රියාකරුවකුද එහි සේවයේ යොදවා සිටින බව ප්‍රදේශවාසීහු කියති.දුම්රිය ගේට්‌ටු මුරකරුවන් වැඩ වර්ජනයක්‌ ආරම්භ කිරීමෙන් පසු සිදුවූ තුන්වැනි මාරක අනතුර මෙය බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගිය කාන්තාවගේ සැමියා යුද හමුදා සේවයේ යෙදී සිටින්නකු වන අතර ඔහු නිවසට එන්නේ සති කීපයකට වතාවක්‌ බව පොලිසිය පවසයි.

වැල්ලව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත හේරත් මහතාගේ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණ පැවැත්වේ.Mother and daughters killed at level crossing in Wellawa (2) Mother and daughters killed at level crossing in Wellawa (3) Mother and daughters killed at level crossing in Wellawa

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button