පළකල දිනය : Sat, Aug 6th, 2016

හර්ෂණ වොල්ගා ලබන සතියේ යුගදිවියට

Volga and Harshana Wedding Dayඅන්තිමට දෙන්නාගෙ හීන හැබෑ වුණා..

අපි අපි දෙන්නාට අවංකවම ආදරය කළා. අපේ ප්‍රාර්ථනාවන් වුණත් අවංකයි. ඒ නිසා අන්තිමට කිසිම කරදරයක් බාධාවක් නැතුව හැමෝගෙම ආශිර්වාදය මැද්දේ අපිට අපේ වෙන්න පුළුවන් වුණා.

වෙනදාටත් වැඩිය දෙන්නා කාර්යබහුලයි වගේ.. තාමත් ෂූටින් ඉවර නැද්ද
හර්ෂණ…?

ෂූටින් නම් ඉවරයි. ඒත් මේ දවස්වල වෙඩින් එකේ වැඩවලට එහෙ මෙහෙ යනවා. හැමදාම වොල්ගායි මමයි ගෙදර යනකොට රෑ දොළහා එක වෙනවා.

වොල්ගා දෙරණ විවාහ මංගල වැඩසටහනේ නිවේදිකාවක්. රටේ ලෝකේ තරුණ තරුණියන්ට තමන්ගේ විවාහය සංවිධානය කරන්න කියලා දෙන වොල්ගාට තමන්ගෙ විවාහය සංවිධානය කරගන්න එක ලොකු දෙයක් නමෛයිනේ..?

ඔව්. ඉවෙන්ට් මීඩියා එකේ සම්පත් අයියායි, නිරෝෂා අක්කයි සම්පූර්ණයෙන්ම හැමදේම සංවිධානය කරනවා. දැන් තියෙන්නේ අපේ වැඩ. මගෙයි හර්ෂණගෙයි විතරක් නමෛයි අපේ දෙවැනි මනාලයන්ගේ මනාලියන්ගේ ෆිටෝන් බලන්න ඕනෑ. මටත් වඩා හර්ෂණ හැමදේම ගැනම උනන්දුයි. එයා කොයි වැඩෙත් පිළිවෙළට ඕනෑ. කොයිතරම් වගකීම් බාර දුන්නත් හැමදේ ගැනම එයා බැලුවෙ නැත්නම් හර්ෂණ සෑහීමකට පත් වන්නෙ නෑ.

දැන් කවුද දෙන්නගෙ දෙවන මනාලයො, මනාලියො?

දෙවන මනාලියො තමයි බුවිනි, ධනංජි, සඳනි, තව සචිනි කියලා අලුත් නංගි කෙනෙක්.

එතකොට හර්ෂණගෙ දවෛනි මනාලයො කවුද..?

ධනුක, සමීර, ජනිත් අනිත් එක්කෙනා ශාක්‍ය කියලා නිරූපණ කටයුතු කරණ මල්ලි කෙනෙක්. අපි තෝරා ගත්තේ අපිට හුඟාක් සමීප යාළුවො.

වොල්ගාට අනුග්‍රාහක භවතුන්ගෙන් නම් අඩුවක් නැතුව ඇති?

ඒක නම් ඇත්ත. දෙරණ විවාහ වැඩසටහනට අනුග්‍රාහ දක්වන හැමෝම වගේ අපේ විවාහ උත්සවයට අනුග්‍රහය දක්වනවා. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙන්න ඕනෑ.

වොල්ගා උඩරට මනාලියක් විදියට ද හැඩ වෙන්නේ?

නුවර ලාමොන්ඩෝ සැලෝන් ‍පෝරුවෙ චාරිත්‍රවලදී මාව උඩරට මනාලියක් විදියට හැඩකරනවා.

හර්ෂණ අඳින්නෙත් නිළමෙ ඇඳුම. එදාම හවස උත්සවයට අපි බටහිර විදිහ අඳිනවා. රුචිරා ලියනගමගේ තමයි බටහිර විදියට මාව අන්දන්නේ. හින්දු විදියටත් අඳින්න මම හරි ආසයි. දර්ශණ පෙරේරා දවෛනි ගමනට මාව ඒ විදියට හැඩගන්වනවා.
හර්ෂණගෙ ඇඳුම් මට ගැළපෙන විදියට නිර්මාණය කරන්නේ අභිෂේක මණ්ඩප සහ විල්ස් ඩිසයින්.

කවුද විවාහයේ සාක්ෂිකරුවන් වෙන්නේ?

මගේ පැත්තෙන් ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයාත් වොල්ගාගෙ පැත්තෙන් සනත් ගුණතිලක මහත්මයාත් සාක්ෂියට අත්සන් කරනවා.

දෙන්න විවාහ වෙලා පදිංචි වෙන්නෙ කොහෙද..? ගෙයක් දොරක් හදාගත්තද..?

හර්ෂණට මහරගමින් ගෙයක් තියෙනවා. මට රාගම ගෙයක් තියනවා. හැබැයි ඒ දෙමව්පියන්ගෙන් අපිට ලැබුණු දේවල්. ඒ ගෙවල්වල ඉන්න ගමන් අපි අපිටම කියලා ගෙයක් හදනවා.

හර්ෂණ පවු‍ලේ වැඩිමලා. විවාහ වුණා කියලා පවු‍ලේ වගකීම්වලින් මිදෙන්න බෑ…?

ඔව්. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නේ. ලොකු මල්ලි උසස් පෙළ කරනවා. චූටි මල්ලි 6 වසරේ. විවාහ වුණා කියලා මට පවු‍ලේ වගකීම් අමතක නෑ.

මල්ලිලා දෙන්නා නෑනා එක්ක එකතුද?

අ‍පෝ ඔව්. මට වඩා එයාට එකතුයි. හැමදේම කියන්නෙත් නෑනාට.

වොල්ගාගෙ අම්මාටත් බෑණා ‍පොඩ්ඩට වඩා කෙනෙක් නෑලුනේ..?

කියලා වැඩක් නෑ. අපි කැ‍ලේ. මම හිතන්නෙ ගිය ආත්මෙක අපේ අම්මාගෙ පුතෙක්ද කොහෙද?

හර්ෂණ වගේ ඔයත් ඔයාගෙ නැන්දම්මාගෙන් ලකුණු දාගෙන නැද්ද?

මගේ නැන්දම්මා ආඩම්බරයි.

හර්ෂණ ඒ ගතිය හරියට අගේ කරනවා. එහෙමයි කියලා අම්මාගෙන් වෙනසක් නෑ. ‍ලේලියක් විදියට මාව වගේම මගෙ රස්සාවත් තේරුම් අරගෙන ඉන්නවා. ඒක මට ලොකු සැනසීමක්.

අලුත් ජෝඩුවගෙ හිතේ කප්පරකට බලා‍පොරොත්තුත් ඇති?

නැත්තෙම නෑ. ව්‍යාපාරයක් කරන්නත් අදහසක් තියනවා. හෙමිහිට බලා‍පොරොත්තු ඉටු කරගන්නවා. අපේ ගමනට සහය දුන්න පාඨකයන්ට, මාධ්‍ය හිතවතුන්ට ආදරය ප්‍රකාශ කරන්නත් අපි මේ වෙලාවෙ අමතක කරන්නෙ නෑ.

හිමේෂා සවන්ති රාජපක්ෂ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button