පළකල දිනය : Mon, Aug 8th, 2016

තමන්ගේම නැගණිය රහසිගතව සඟවා පියාගෙන් කප්පම් ඉල්ලු මරු පුතා

Boy abducted his Sister to ask Rransom from Fatherපහළොස් හැවිරිදි තමන්ගේම නැගෙ‚ය රහසිගතව සඟවා තබා වෙනත් පුද්ගලයකු කතා කරන සේ පියාට දුරකථන ඇමතුමක් ලබා දෙමින් පියාගෙන් රුපියල් ලක්ෂ හතක කප්පමක් ඉල්ලා සිටි 17 හැවිරිදි තරුණ පුතෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා ඉකුත් සිකුරාදා (05දා) අත්අඩංගූවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලිසිය කියයි.

ගම්පහ පොලිස් වසමේ කෙහෙල්බද්දර ප්‍රදේශයේ දරු තිදෙනෙකු සිටින පවුලේ මව විදේශගතව ඇතැයිද පියා දරුවන් සමග නිවසේ කල් ගත කර අතැයිද පොලිස් පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

කලක සිට මෙම පුත්‍රයා සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීමට අවශ්‍ය බව පවසමින් පියාගෙන් රුපියල් ලක්ෂ හතක් ලබා දෙන ලෙස ඉල්ලා කරදර කර ඇතැයිද එම මුදල පියා නොදීම නිසා තරමක අමනාපයෙන් පසුවී ඇති බවද හෙළිවී තිබේ.

පසුගිය සිකුරාදා (5) පහළොස් හැවිරිදි දියණිය අසල වෙළෙඳසලකට යන බව පවසා පිටව ගොස් ඇති අතර ඇය ආපසු නිවස කරා නොපැමිණිම නිසා පියා නෑදෑයින් හා අසල්වාසීන් හා එක්ව දියණිය සෙවීමේ නිරතව සිට ඇත. මේ සෙවිල්ලට එක්වූ පුතාද නැඟෙණියගේ අතුරුදන්වීම ගැන කණස්සල්ලෙන් පසුවූ බව පෙනී ගොස් ඇත. කල සොයා බැලීම්වලින් ප්‍රතිපලයක් නොවූ නිසා පියා වික්ෂිප්තව සිට ඇත.

මේ අතර දියණිය මුදාහරින්නට රුපියල් ලක්ෂ හතක් ඉල්ලා දුරකථන ඇමතුමක් ලැබීමෙන් පසු පියා දියණියගේ අතුරුදන්වීම පිළිබඳව ගම්පහ පොලිසියට පැමි‚ල්ලක් කර ඇත. අනතුරුව ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක භද්‍රජී ද. එස්. කාලිංග මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශය හා ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇත.

තමන් පැහැරගත් පිරිස නිවසක රඳවාගෙන සිට ත්‍රිරෝද රියකින් ගෙනවිත් දැමූ බව කියා එදින රාත්‍රී නවයට පමණ අතුරුදන්ව සිටි තරුණිය නිවසට දිවවිත් ඇත. මේ බව පොලිසියට සැල කිරීමෙන් පසුව පොලිස්නි ලධාරීන් තරුණියගෙන් කළ ප්‍රශ්න කිරීමේදී තමන් මිතුරියකගේ නිවසේ සිට පැමිණි බවත් අයියාගේ සැලැස්මට අනුව මෙම රංගනයේ යෙදුනු බවත් පවසා ඇත.

සංගීත කණ්ඩායමක් ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ හතක් ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදී පියාගෙන් ඉල්ලා සිටියද එය නොදුන් නිසා නැඟෙණිය යොදවා මෙම සැලසුම කරන්නට ඇය කැමැති කරගත් බව පුත්‍රයා පොලිසියට පවසා ඇත.

ඒ අනුව නැඟෙ‚ය ඇගේ මිතුරියකගේ නිවසේ නතර කරවා කප්පම් මුදලක් ඉල්ලා පියාට ඇමතුමක් ලබා දුන් බවත් පුතා හෙළි කර තිබේ.

සැකකාර පුත්‍රයා ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේය.

බස්නාහිර පළාත (උතුර) භාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර හා ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහත්වරුන්ගේ උපදෙස් මත ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී (1) ශ්‍රී ලාල් පෙරේරා සහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක භද්‍රජී ද එස්ං කාලිංග යන මහතවරුන්ගේ අධීක්ෂණයෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා ප්‍රදීපා නිලන්ති සහ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක නිරෝෂ් දිල්රුක් හා සැරයන් සරත් (9265) යන නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.

මීරිගම වාර්තාකරු

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button