මියගිය විනිසුරුගේ දියණිය ගුරුවරියගෙන් පහර කා රෝහලේ

Retired Supreme Court Judge Sarath De Abrew deceasedහිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ උඩුමහලින් බිමට ඇද වැටී මියගිය ගියේ දැනට දින කිහිපයකට පෙරයි.

මේ මරණයට හේතුව සොයාගැනීමට නොහැකිවීම නිසා සිරුරේ කොටස්‌ රජයේ රස පරීක්‍ෂක වෙත යවා එහි වාර්තා ලැබුණු පසු තීන්දුව පසුව ප්‍රකාශ කිරීමට යි මේ වන විට තීරණය වී ඇත්තේ.

පසුගිය 15 වැනිදා උදේ 10.30 ට පමණ සරත් ආබෲ මියගොස්‌ ඇති අතර එදින උදේ සිට ඔහු සිය දියණිය සමඟ ආරවුලක්‌ ඇති කරගෙන තිබූ අතර දැඩි කෝපයකින් කටයුතු කර ඇති බව මේ වනවිට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊට පෙර දින රාත්‍රී ඔහු නිවසේ උඩුමහලේ සිට මත්පැන් පානය කරමින් සිට ඇති අතර ඔහු අවස්‌ථා කීපයකදී කාන්තාවකගේ නම කියා කතා කර ඇති බව ද දිනපතා දිවයින පුවත්පත ද අද (17) අනාවරණය කර තිබුණා.

සරත් ආබෲ උඩුමහලින් බිම වැටෙන අයුරු ඔහුගේ දියණියගේ ගුරුවරිය දැක ඇති අතර ඇය ඒ සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක්‌ ද ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර හිටපු විනිසුරුවරයාගේ දියණිය ද කිසියම් පහර කෑමකට ලක්ව තුවාල ලබා ඊයේ (16 ) රෝහල්ගත කර ඇති බවයි පැවසෙන්නේ.

රෝගී තත්ත්වයෙන් පෙළෙන මෙම දියණිය මෙසේ පහරකෑමට ලක්‌ව ඇත්තේ ඊයේ අලුයම 5.00 ට පමණ රත්මලාන අත්තිඩියේ පිහිටි නිවසේදීයි.

ගුරුවරිය තමන්ට පහර දුන් බවට ආබෲ මහතාගේ දියණිය පොලිසියට ප්‍රකාශයක්‌ ද ලබා දී ඇත.

ඇගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇති අතර මෙම පහරදීමට හේතුව කුමක්‌දැයි අනාවරණය වී නොමැත. මේ සම්බන්ධයෙන් ගුරුවරියගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.

ඉකුත් 15 වැනිදා උදේ 10.30 ට පමණ රත්මලානේ අත්තිඩියේ පිහිටි නිවසේ තුන්වැනි මහලෙන් බිම ඇදවැටී විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මහතා මියගොස්‌ තිබිණි.

එදින උදේ සිට ආබෲ මහතා සිය දියණිය සමඟ ආරවුලක්‌ ඇති කරගෙන තිබූ අතර ඔහු දැඩි කෝපයකින් කටයුතු කර ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

ආබෲ මහතාගේ බිරිඳ ද මානසික රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටි අතර ඔහු 15 වැනිදා පෙරවරුවේ බිරිඳට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ද රැගෙන ගොස්‌ තිබිණි.

ඊට පෙර දින රාත්‍රි ආබෲ මහතා නිවසේ උඩුමහලේ සිට මත්පැන් පානය කරමින් සිට ඇති අතර ඔහු අවස්‌ථා කීපයකදී කාන්තාවකගේ නම කියා කතා කර ඇති බව ද අනාවරණය වී තිබේ.

ආබෲ මහතා ඇදවැටෙන විට ඔහුගේ බිරිඳ මෙහෙකාරිය දියණිය සහ ඇගේ ගුරුවරිය ද පහළ මාලයේ සිට ඇති බව පොලිසිය පවසයි.

ආබෲ මහතා නිවසේ උඩුමහලින් බිම ඇදවැටීමේදී ඔහුගේ හිස සිමෙන්ති පොළොවේ වැදී බරපතළ තුවාල සිදුවී ඇත.

ආබෲ මහතා රෝහල්ගත කරන විටත් මියගොස්‌ සිටි බව රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවසීය.

ආබෲ මහතා උඩුමහලින් බිම වැටෙන අයුරු ගුරුවරිය දැක ඇති අතර ඇය ඒ සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක්‌ ද ලබා දී තිබිණි.

ගල්කිස්‌ස කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්දන අතුකෝරල මහතාගේ උපදෙස්‌ මත මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රොහාන් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button