පළකල දිනය : Thu, Aug 25th, 2016

පොළවේ ඇවිදිනවා වගේ බිත්තියේ යන ගාල්ලේ ස්පයිඩර් මෑන් මෙන්න

Gossip News Story Spider girl in Wandurambaකිසිදු බාහිර උපකරණයක් භාවිත නොකොට සිය දෙපා සහ දෙඅත් පමණක් උපයෝගි කර ගනිමින් නිවෙසේ බිත්ති මත ඇවිද යන දුර්ලභ හැකියාවකින් යුත් දැරියක් පිළිබඳ තොරතුරු අපට ගාල්ල වඳුරඹ ප්‍රදේශයෙන් වාර්තා විය.

මේ දැරිය සොයා අපි ගාල්ල මාපලගම මාර්ගයේ වඳුරඹට ගොස් ඇය ජීවත් වන කොටුවැල්ලමුල්ල පන්විල ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවෙසට ගියෙමු.

හත් හැවිරිදි (7) ඇය රඟමිනි යසස්මි පොන්නම්පෙරුම නම් වන අතර වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලයේ තුන්වැනි ශ්‍රේණියේ ඇය ඉගෙනුම ලබයි.

මෙම දැරියගේ මව කුමුදු ජයවර්ධන වන අතර ඇය ගෘහ‚යක් ලෙස නිවෙසේ වැඩ කටයුතු කරනු ලබයි පියා රූපවාහිනී යන්ත්‍ර අලූ‍ත්වැඩියා කරන අයකු ලෙස පෞද්ගලික ආයතනයක කටයුතු කරන අතර ඔහු නමින් අමල් චමින්ද පොන්නම්පෙරුම නම් වෙයි.

මේ අපූරු හැකියාවන්ගෙන් යුත් දැරිය ඉගෙනීමට අති දක්‍ෂ වන අතර ග‚තය විෂය ඇගේ ප්‍රියතම විෂයයි. දැරියගේ මව පවසන පරිදි කුඩා කාලයේ පටන්ම මෙම දැරිය විවිධ දක්‍ෂතා දක්වා ඇත. ඒ අතර ඇය නිවෙසේ උළුවස්සේ නැඟීම, නිවෙසේ ඇන්ටනා බටයේ නැඟීම ආදිය ඉතා කුඩා වයසේදීම සිදුකර ඇත.

ඉන් පසුව ඇය මේ අරුම පුදුම ලෙස බිත්තියේ යෑම සිදුකොට ඇත. ”ස්පයිඩර් මෑන්” සිහිගන්වමින් ඇය අප ඉදිරියේ පාද හා දෙඅත් පමණක් උපයෝගී කරගනිමින් බිත්තිය උඩටම යයි. විටෙක දෙඅත් බිත්තියේ අතහැර බිත්තියේ සිට පොත් පාඩම් කරයි. අත්පුඩි ගසමින් ගී කියයි. විටෙක බිත්තියේ ඇණ ගසයි. මේ සියල්ල ඇය සිදුකරන්නේ කිසිදු බාහිර උපකරණයක් භාවිත නොකොට වන අතර ඇයගේ මෙම ක්‍රියාවන් විස්මයජනකය.

ඇය මේ වන විට කරාතේ ක්‍රීඩාවට යොමුවී ඇති අතර ජිම්නාස්ටික් ක්‍රීඩාවට බොහෝ සේ ඇලූ‍ම් කරයි. දැරියගේ මව පවසන්නේ මැය ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඉදිරියට යැවීමට අවශ්‍ය වුවත් ඇය දැනට ඉගෙනුම ලබන වඳුරඹ විද්‍යාලයේ මෙම පහසුකම් තවමත් නොමැති බවයි. ඇයගේ මෙම දක්‍ෂතා තවත් වැඩිදියුණු කරගැනීමට උපකාර අවශ්‍ය බව ඇය තවදුරටත් පවසයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button