පළකල දිනය : Mon, Aug 29th, 2016

හෙළි නොකළ ආදර කතාව ගෑන සුරාජ් කතා කරයි

Actor Suraj Mapa talk about his secret loveහෙළි නොකළ ආදර කතාවක් සුරාජ්ටත් ඇති. ඒ මතකය අවදි කරමු.

එතකොට මම උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නවා. මම ගණකාධිකරණය සඳහා එක්තරා පුද්ගලික පන්තියකට ගියා. ඒකට මහනුවර ප්‍රදේශයේ එක්තරා ගෑනු ළමයෙක් ආවා. සිය ගණනක් අතරින් මගෙ හිතට ළං වුණු ඒ ගෑනු ළමයා ගැන මගෙ හිතේ ඇතිවුණු ආදර හැඟීම තමයි මගෙ නිහඬ පෙම් කතාව.

සිය ගණනක් අතරින් එයාගෙ ළඟ හිත නතර වුණේ ඇයි?

සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක් ගැන මුලින්ම හැඟීමක් ඇතිවෙනකොට එයා ගොඩක් දුරයි. ඒ වෙලාවට ඇස්වලින් තමයි මුලින්ම කතා කරන්නේ. ඒක ඕනෑම ආදරවන්තයෙකුට ‍පොදුයි. ඒත් මේ කතාව ඒකෙ අනික් පැත්ත. මේ ළමයට ගෑනු යාළුවෝ හරි අඩුයි. දෙතුන් දෙනයි හිටියේ. හැබැයි මේ ගෑනු ළමයි බොහොම ඉක්මනින් පිරිමි ළමයි එක්ක සමීප වෙනවා. හිතවත් වෙනවා. හරි මිත්‍රශීලී ළමයෙක්. ක්ලාස් එකට ගිහින් බොහොම ඉක්මනට මෙයා මටත් ළං වුණා. මගේ ප්‍රථම ප්‍රේමය බිඳී ගිය අලුතම තමයි මට මේ ගෑනු ළමයා සමීප වුණේ. ඒක මගේ හිතට තදින් දැනුණා.

ඒ හිතවත්කම ආදරය දක්වාම දුර ගියාද?

හිතවත්කම දවසින් දවස දුර ගියා. ගෙදර ඉන්න දාට ගෙදර කවුරුත් නැතිනම් මම එයාගෙ ගෙදරට කෝල් කරනවා. පාඩම් වැඩ ගැන මොනා හරි අහන විදියට ආරම්භ කරන කතා බහ පැය ගණන් තියෙනවා. එයත් හරිම මිත්‍රශීලී හින්දා දවසක් වුණත් කතා කර කර ඉන්න කැමතියි. ඔය විදියට ටික ටික ළං වෙද්දී මගෙ හිතේ ඈ ගැන වූ හිතවත්කම ආදරයකට හැරුණා.

ඒ හැඟීම එයා තුළත් තිබුණද?

එයා පිරිමි ළමයින්ට ගොඩක් හොඳ මිතුරියක්. එයාට පිරිමි යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒත් අනිත් පිරිමි ළමයින්ට වඩා මා ගැන මොකක්දෝ විශේෂත්වයක් එයා තුළ තිබුණා. එයා හංගාගෙන හිටියත් මට ඒක දැනුණා.

ඉතින් සුරාජ්ට තිබුණනේ හිතේ තියෙන දේ එයාට කියන්න?

එයා සුහදව කතාබහ කරන කෙනෙක්නෙ. කතාවට වැටුනාම පුද්ගලික දේත් කියනවා. පවු‍ලේ විස්තරත් කියනවා. ඔය විදියට කියන අතරේ එයා දවසක් එයාගෙ පෙම්වතා ගැනත් කිවුවා. වෙන කෙනෙකුගෙ පෙම්වතියක් කියල දැන ගත්තට පස්සේ මම මගෙ ආදරේ හිතේම හිර කරගෙන හිටියා.

ඊට පස්සේ ඒ ආදරේ නිමා වුණාද?

උසස් පෙළ විභාගයෙන් පස්සේ අපි වෙන්වුණා. ඒත් දුරකථනයෙන් කතා කළා. ඒ විදියට ආ ගිය තොරතුරු කතා කරන අතර ඇය තමන්ගේ පෙම්වතා ගැනත් ගොඩක් දේවල් කියනවා. උසස් පෙළ ප්‍රතිඵල ආවා. මට කැම්පස් යන්න තරම් හොඳ ප්‍රතිඵල නැහැ. මම හිතුවා හැමදේම මනැසින් බැහැර කරලා පිරිසිදු හිතින් අධ්‍යාපන කටයුතුවල යෙදිලා දෙවැනි වතාවේ සාර්ථක ප්‍රතිඵල ගන්නවා කියලා. ඊට පස්සේ මම එයාට කෝල් කරන එකත් නතර කළා.

ඉන්පසුව ඇය හමුවුණේම නැද්ද?

නැහැ. හමුවුණේ නැහැ. ඒත් ඇය අවුරුදු ගණනකට කලින් මට තෑගි දුන්නු පෑනක් තවම මගෙ ළඟ තියෙනවා.

ආරියවංශ කුලතිලක
මුලාශ්‍ර – ලක්බිම

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button