පළකල දිනය : Thu, Sep 1st, 2016

ටිවි හොරකමේ ගිය හොරාට ගම්මුන් පහරදී පොලිසියට අරගෙන ගිය හෑටි

television robbery in Bandaragama gossip video storyබණ්ඩාරගම ප‍්‍රදේශයේ සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාර දී තිබෙනවා.

ඊයේ මොහු මෙලෙස ප‍්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ඇත්තේ නිවසකින් රූපවාහිනි යන්ත‍්‍රයක් සොරකම් කර පලායමින් සිටියදී.

බණ්ඩාරගම බොල්ගොඩ ප‍්‍රදේශයේ නිවසකට ඇතුලූ වූ පුද්ගලයෙකු ඊයේ දහවල් රූපවාහිනියක් සොරාගෙන තිබුණා.

පසුව ඔහු අල්ලා ගැනීම සඳහා ප‍්‍රදේශවාසීන් බණ්ඩාරගම ප‍්‍රදේශයේ සෝදිසියක් කළා.

එහිදී සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකුගෙන් ප‍්‍රශ්න කිරීමට සූදානම් වන අවස්ථාවේ ඔහු පලාගොස් තිබෙනවා.

ප‍්‍රදේශවාසීන් ලූහුබැඳ ගොස් බණ්ඩාරගම මස්විල ප‍්‍රදේශයේදී අල්ලාගනු ලැබුවද ඔහු රැගෙන එනවිට යළි පලාගොස් තිබෙනවා.

අනතුරුව පැය කිහිපයක සෝදිසියකින් පසු යලිත් කුරුළු උයන ප‍්‍රදේශයේදී මේ සොරා අල්ලාගැනුණා.

ප‍්‍රදේශවාසීන් විසින් මේ පුද්ගලයාට පහරදී පොලිසියට භාරදීමට කටයුතු කළා.

33 හැවිරිදි වාද්දුවේ පදිංචිකරුවෙකු වන මොහු ළමා අපචාර හා ගෙවල් බිඳුම් පිළිබඳ වරෙන්තු 5 ක් ඇති පුද්ගලයෙක් බවයි දැනගන්නට ලැබෙන්නේ.

ඔහු සොරාගත් රූපවාහිනි යන්ත‍්‍රයද අසළ වෙල්යායක සඟවා තිබියදී පසුව සොයාගෙන තිබෙනවා.

වැඩිදුර ප‍්‍රශ්න කිරීම සඳහා අද සැකකරු හොරණ අධිකරණයට ඉදිරිපත් කර රඳවාගැනීමේ නියෝග ලබාගැනීමට නියමිත බව පොලිසි පවසනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button