පළකල දිනය : Sun, Sep 4th, 2016

අන්තර්ජාලයේ කටකතාවක්‌ ගැන කවින්ද්‍යා කියන කතාව

Kavindya Adikari Speaks about Love Affairපසුගිය 21 දා ජනප්‍රිය කලා ශිල්පීන්ගේ දූ දරුවන් එකතුවී හරි අපූරු ප්‍රසංගයක්‌ කළා. මේ ප්‍රසංගයෙන් පස්‌සේ ප්‍රසංගයට අදාළව සහ ප්‍රසංගයට සහභාගි වුණු කලා ශිල්පීන්ගේ දූ දරුවන් එනම් මේ යොවුන් තරුණ තරුණියන් පිළිබඳවත් නොයෙකුත් කට කතා ක්‍ෂේත්‍රය පුරා පැතිර ගියා.

ඇත්ත නැත්ත දැනගන්න ඊට සහභාගි වුණු අපි කවින්ද්‍යා අධිකාරිට කතා කළා
මේ දවස්‌වල මොකද කරන්නේ? අලුත් වැඩ?

අලුත් වැඩ කියන්නේ මං present කරන පැත්තටත් යොමුවුණා. ඒ වැඩකටයුතු තමයි මේ දවස්‌වල. ඒ වගේම ගීත කිහිපයක්‌ නිර්මාණය කරගෙන යනවා. විශේෂම කාරණාව මගේ අම්මිත් එක්‌ක ගීතයක්‌ නිර්මාණය කරන්න සූදානමින් ඉන්නවා.

මොනවගේ තේමාවකට නිර්මාණය වන ගීතයක්‌ද මේ ගීතය?

ඒක surprise එකක්‌.

කවින්ද්‍යා අම්මත් එක්‌ක ගීතයක්‌ කරන්න සූදානම් වෙනවා. ඔබේ තාත්තා අතුල අධිකාරි එක්‌ක ගීතයක්‌ නිර්මාණය කරන්න බලාපොරොත්තුවක්‌ නැද්ද?

අ… තාත්ති කැමති නං මං කැමතියි.

ඉතිං ඔබට පුළුවන්නේ ඒ ගැන තාත්තාගෙන් අහන්න?

තාත්තිගෙන් අහන්න කියන්නේ මං හිතන්නේ නෑ එයාට වෙලාවක්‌ තියෙනවයි කියලා. ගොඩක්‌ වෙලාවට මං වැඩිපුරම ඉන්නේ අම්මිත් එක්‌ක. තාත්තිත් එක්‌ක කතා කරන්න තියෙන වෙලාව අඩුයි. ඔය ප්‍රශ්නේ තාත්තිගෙන් ඇහුවා නං හොඳයි මං හිතන්නේ.

ඔබ රූපවාහිනී නාලිකාවකට සම්බන්ධව රැකියාව කළා. ඉන් ඉවත් වුණා නේද ද?

ඔව්. කරපු රැකියාවෙන් මං ඉවත් වුණා. දැන් අලුත් රැකියාවකට ගිහින් තියෙන්නේ. සැප්තැම්බර් මාසයේ ඒ වැඩකටයුතු පටන් ගන්නවා.

කලාකරුවන්ගේ දූ දරුවන් එක්‌ක පසුගිය 21 දා ප්‍රසංගයක්‌ කළා නේද? ඒ ගැන මොකද හිතන්නේ?

ඒක මගේ ජීවිතේ මට ලැබුණ ලොකුම අවස්‌ථාවක්‌ කියලා මං හිතනවා. මොකද ප්‍රවීණ කලාකරුවෝ වගේම ඔවුන්ගේ දරුවන් එක්‌ක කටයුතු කරන්න ලැබීම ලොකු අත්දැකීමක්‌ වුණා. ඒ වගේ දේකට සහභාගී වෙන්න ලැබීම ගැන මං ගොඩක්‌ සතුටුයි. කසුන් පැස්‌කුවල් සහ ෙච්තනා රණසිංහ දෙන්නටම ස්‌තුතිවන්ත වෙනවා මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්.

මේ ප්‍රසංගය නිසා ඔබ සහ නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධන පෙම්වතුන් බවට පත්වෙලා කියන්නේ ඇත්තද?

මං හිතන්නේ පිටවුණ ඡායාරූපවලින් තමයි ඔය කට කතාව පැතිරුනේ. ඒ වුණාට අපි දෙන්න හොඳ යාළුවෝ. සනුක, සර්ත, මම අපි කට්‌ටිය ගොඩක්‌ හොඳ යාළුවෝ. ඉතිං ඒ වගේම තවත් ගොඩක්‌ හොඳ යාළුවෙක්‌ තමයි ගයාන් ගුණවර්ධන කියන්නේ.

මේ කට කතාව කවදාහරි ඇත්තක්‌ වෙයිද?

අ…. ලෝකේ හැමදේම වෙනස්‌ වෙනවා නේද? ඉතිං ඒ හින්දා ඒ දේ මට දැන්ම කියන්න බැහැ.

එතකොට මේ වෙද්දි කවින්ද්‍යා පෙම්වතියක්‌ද? නැද්ද?

නැ… පෙම්වතියක්‌ නෙමෙයි.

nextgen ප්‍රසංගයේදී අම්මා ඉල්ලීමක්‌ කරනවා ඇයව වගේම ඔයාවත් ආදරෙන් බලාගන්න කියලා. ඇයි එහෙම කිව්වේ?

මං හිතන්නේ මගේ අම්මි නිසා තමයි මං මෙහෙම ඉන්නේ. මාව ලොකු කරන්න අම්මි හුඟක්‌ මහන්සි වුණා. ඒ හැමදේම දෙන්න අම්මි කවදාවත් පසුබට නෑ. අම්මි අද වගේම හෙටත් මගෙත් එක්‌ක ඉන්නවා. අම්මි මාව සහ මල්ලිව ලොකු කරන්න තනියම ගත්ත මහන්සිය මං දන්නවා. වෙලාවකට මං stage එකට ගියාම ඒක එයාට දරාගන්න බැහැ. අම්මි sing කරද්දී මාත් ගොඩක්‌ වෙලාවට emotional වෙනවා. දැනට විතරක්‌ නෙමෙයි ඒක ඉදිරියටත් එහෙමම තියෙයි.

ඇය මේ ඉල්ලීම කරන්නේ ඔබේ තාත්තගෙන්ද? එහෙමත් නැත්නම් රසික රසිකාවියන්ගෙන්ද?

අ…. මං හිතන්නේ රසික රසිකාවියන්ගෙන්. මොකද අම්මිව එයාලා එදා වගේම අදත් ඉහළින්ම තියලා තියෙනවා. රසික රසිකාවියන් නිසා තමයි මමත් මෙතන ඉන්නේ. ඉතිං මමත් ඉල්ලන්නේ ඒ දේම තමයි. අම්මිව දිගටම industry එකේ තිය ගත්තා වගේ මාවත් තියන්න කියලයි මාත් රසික රසිකාවියන්ගෙන් ඉල්ලන්නේ.

යුගන්ති යශෝදරා

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button