පළකල දිනය : Mon, Sep 5th, 2016

ටෙලි නිළි වෙසින් වියපත් සල්ලිකාරයන් සුද්ද කරන සේට් එක මාට්ටු කරගත් හෑටි

Gossip News Women Caught for Robbing Old Menවියපත් වෙද්දී තරුණ කාලයේ මෙන් හැමෝටම පංච්නේද්‍රයන් පිනවමින් සතුටු වන්නට ලැඛෙන්නේ නැත. අඩුම තරමින් යෞවන වියේ තරුණ තරු‚යන් ඇස්කොනින් හෝ බලා ගියද වියපත් වූ අයකු දෙස එසේ නුරා බැල්මක් හෙළන අයෙක් නැත. එසේ හෙලූ‍වා නම්, බැලූ‍වා නම් ළංවුණා නම් මුදලටයි. ඒ නිසා ඇතැම් හැට විය ඉක්ම වූ වියපත් මිනිස්සු මුදලින් පංච්නේද්‍රයන් පිනවන්නටත් කාමේ සුමිච්ඡා ඡාරා සිල්පදය බිඳලන්නටත් ලෝභ නොවන්නෝ වෙති.

අතුරුගිරිය ප්‍රදේශයේ වසන ධනවත් හැට හතර හැවිරිදි ව්‍යාපාරිකයෙකුටද මුදලට තරු‚යක් සොයා යන්නට සිතුණේය. ඒ නිසා ව්‍යාපාරිකයා ඒ සඳහා පිහිට පැතුවේ දන්නා කියන ත්‍රිරෝද රථ රියැදුරෙකුගෙනි. ත්‍රිරෝද රථ රියැදුරා ඔහුට දුරකථන අංකයක් ලබාදුන්නේ මේ අංකයේ සිටින්නිය මගින් එසේ තරුණියන් මිලට ගත හැකි බව පවසමිනි.

දුරකථන අංකය හිමි තරු‚ය සමග ව්‍යාපාරිකයා දිනක් දෙකක් යනතුරු කතාකරමින් සිටියේය. කතා කරන අතරතුර තරුණිය කියා සිටියේ ඇය ටෙලි නාට්‍යවල රඟපාන ශිල්පිනියක සහ චිත්‍රපටවලද රඟපා ඇති අයෙක් බවයි. සුන්දර ටෙලි නිළියකගේ සිහිනය සිත තබාගෙන ඔහු ඇයව හමුවන්නට දිනයක්, වේලාවක් කතා කර ගත්තේ තවත් යෝජනාවක්ද ඇය වෙත ගෙන එමිනි.

ඔයා එනකොට තව කෙල්ලෙක් එක්ක එන්න පුළුවන්ද?˜

අයියෝ සිම්පල් නේ. පුළුවන්. ප්‍රශ්නයක් නෑ.

එහෙනම් එනකොට දෙන්නා එක්කම එන්න.

ඔහු සිතැඟි ඉටුවීම ගැන සතුටින් දුරකථන ඇමතුම අවසන් කළේය. පසුගිය ජුනි 29 වැනිදා අතුරුගිරියේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත ළඟට ව්‍යාපාරිකයා කාරයෙන් එන්නට ‍පොරොන්දු වූයේ ටෙලි නිළියද අතුරුගිරිය ප්‍රදේශයේම පදිංචිකාරියක වූ නිසා ඇයද එතැනට පැමිණිමට කැමැති වූ නිසාත්ය.

‍පොරොන්දු වූ දිනයේ දහවල් එක වනවිට ව්‍යාපාරිකයා සිය ඇක්වා රථයෙන් එම ස්ථානයට පැමිණ සිටියේය.

මොහොතකින් ත්‍රිරෝද රථයකින් පැමිණි එම ස්ථානයේ බැසගත් තරුණියන් බව කී දෙදෙනා ඔහු දුටුවේය. කොණ්ඩය තඹ කළණි සිරුරේ පච්ච කොටාණි ඇඟට හිරවෙන කොට ඇඳුම් ඇඳ සිටි ඔවුන් දෙදෙනා දුටු පමණින් නිළි තරුණියන් සේ පෙනුණද කාරයට නංවාගත් පසු ඔවුන් තරුණ විය පසුකරමින් සිටින්නියන් බවට ඔහුට වැටහුණේය. ඒත් ඔහුට එය ප්‍රශ්නයක් වූයේ නැත.

කොහාටද යන්නේ? ව්‍යාපාරිකයා ඔවුන්ගෙන් ඇසුවේ ඔවුන්ගේ කැමැත්තක් බලා‍පොරොත්තු වෙමිනි.

අපි දන්න තැනක් තියෙනවා එතෙන්ට යමු.

ඔවුන් දෙදෙනා ව්‍යාපාරිකයාට යෝජනා කළෝය. ඒ අනුව අතුරුගිරිය ප්‍රදේශයේ කුඩා හෝටලයකට යන මග එක් කාන්තාවක් ඔහුට කීවාය.

ඒ අතරමග බිම හලක් දුටු කාන්තාවන් දෙදෙනා ව්‍යාපාරිකයා ළඟ හුරතල් වන්නට ගත්හ.

අනේ අයියා, අපි අද හොඳට බොමු.

අපි හොඳවයින් බෝතලයක් ගමු. සිගරැටුත් ඕනෑ. තව බිලා කන්න රයිසුත් ඕනෑ. හොඳවයින් රයිස් එකකුත් ගමු අයියා.

කාන්තාවන්ගේ යෝජනාවට ව්‍යාපාරිකයා එකඟත්වයක් පෑවේ නැත. ඔහු බිම හල වෙත ගොස් ඔහුට වුවමනා බාල වර්ගයේ මත්පැන් බෝතලයක් ගෙනාවේය. ඔවුන්ගේ වුවමනාවට දුම්වැටි තුනක් ද මිලදී ගත්තේය. ඒ අතරතුරේ ඔහු සමග යන ටෙලි නිළියන් බව කියාගන්නා මේ කාන්තාවන් දෙදෙනාගේ නිමක් නැති දුරකථනවලට එන ඇමතුම්වලට දෙන උත්තරද අසමින් යන්නට ඔහුට සිදුවුණේය.

ඔහු කාන්තාවන් දෙදෙනා සමග අදාළ හෝටලයේ කාමරයට ගියේය. ඒ මොහොතේම ඔහු ගෙනගිය මත්පැන් බෝතලය අතට ගත් කාන්තාවෝ ව්‍යාපාරිකයාට නොදැනෙන්නට ඔහුට වැඩිපුර ‍පොවන්නට පටන් ගත්තෝය. ඔවුන් ද බොන බව පෙන්වූවත් පෙන්වන තරම් කාන්තාවන් බිව්වේ නැත. කාන්තාවන් දෙදෙනාට වුවමනා වූයේ ඔහු නැතිව ඔහුගේ කාරයෙන් හෝටලයෙන් එළියට යන්නටයි. ඒ මේ ව්‍යාපාරිකයාගේ වාහනය මංකොල්ල කෑමේ කුමන්ත්‍රණයක් ඔවුන් දෙදෙනා අතර තිබූ නිසයි. ඒ නිසා ඒ අදහසින් ව්‍යාපාරිකයාට නැගිට සිටින්නට බැරි තරමට කාන්තාවෝ දෙදෙනා මත්පැන් පෙවූහ.

අනේ අයියා අපි තව බෝතලයක් ගේමු. අපිට මදි.

තව බෝතලයක් ගෙනෙනවා තබා ඔහුට කෙළින් සිටගෙන සිටින්නටත් බැරි තරමට වෙරිය. කාන්තාවන් ව්‍යාපාරිකයාට ඒ යෝජනාව කළේ ඒ බැව් දැන දැනය.

ඔයාට වාහනේ එළවන්න අමාරුයිනේ අයියා. ඊටත් බිලා වාහනේ එළවන්නත් බෑනේ. වාහනේ යතුර අපට දෙන්න. අපි අරන් එන්නම්.

කාන්තාවන් දෙදෙනා ව්‍යාපාරිකයාගේ වාහනයේ යතුර ඉල්ලමින් පෙරැත්ත කරන්නට වූහ. කොපමණ වෙරිමතින් සිටියත් ඔහු ඔවුන්ගේ ඒ මායමට හසුවූයේ නැත. ඒ උත්සාහයේ අසාර්ථකත්වය දුටු කාන්තාවෝ තවත් කුමන්ත්‍රණයක් කළහ. ඒ ඔහුගේ ගෙල ඇති පවුම් තුන හතරක් වටිනා බව පෙනෙන ඇත් දළයක් සහිත රන් මාලයත් ඔහුගේ වටිනා ජංගම දුරකථනයත් සතුකර ගන්නටයි.

අයියේ ඔය කරේ තියෙන මා‍ලේ ගලවලා දාන්නකෝ. ඕක හරි කරදරයක් නේ.

එක් කාන්තාවක් ව්‍යාපාරිකයාට යෝජනා කළාය. ඒත් ඔහු මාලය ගලවන්නට කැමැති වූයේ නැත. එය ඔහුගේ ආරක්ෂාවට දැමූ මාලයක් බව කියමින් රන් මාලය ගැලවීමෙන් ව්‍යාපාරිකයා වැළකුණේය. එහෙත් අවසානයේ කාන්තාවන්ගේ වදකිරීමෙන් බේරෙන්නට බැරිම තැන ඔහු මාලය ගලවා පසෙක එල්ලා තිබූ කමිසයේ සාක්කුවට දැම්මේය. විනාඩියක් දෙකක් ගෙවී ගියේය.

අයියේ අපි වොෂ් එකක් දාගෙන එමුකෝ

මුලින්ම කතාකරගත් කාන්තාව ව්‍යාපාරිකයා වත්තන් කොටගෙන නාන කාමරයට ගියාය. ඒ අතරතුරේ දෙවැනි කාන්තාව ඔහු කමිස සාක්කුවට දැමූ රන් මාලයත් ඔහුගේ වටිනා ජංගම දුරකතනයත් රැගෙන වහා එතැනින් නික්ම ගියාය. හිතාමතාම ව්‍යාපාරිකයාව නාන කාමරයේ පමා කළ කාන්තාව යෙහෙළියට පිටව යන්නට වෙලාව ලබා දුන්නාය. ඉන්පසු ඔහුත් සමග යළිත් කාමරයට පැමිණි අතර එහි සිටි කාන්තාව ඒ වනවිට කාමරයේ නොසිටීම ගැන ව්‍යාපාරිකයාට සැක සිතුණේය. ඒ නිසා ජංගම දුරකථනය හා රන් මාලය ඇත්දැයි බැලු කල ඒවාද අතුරුදන්ව ඇති බව දැනගත් ව්‍යාපාරිකයා බොහෝ සේ කලබල වුණේය.

අනේ අයියා මං හිතුවේ නෑනේ මේ ගෑනි මෙහෙම වැඩක් කරයි කියලා. මං එක්කරගෙන ආපු ගෑනි මෙහෙම හොරකමක් කළානේ. ‍පොඩ්ඩක් ඉන්න. මම ඔය ගෑනි හොයලා බඩු ටික අරන් එන්නම්.

සැලසුමට අනුව ඇය ද ඔහු කාමරයේ දමා වහා එතැනින් පලා ගියාය. ඇය අනෙක් කාන්තාව සොයා එනතුරු කොතෙක් බලා සිටියත් පැයක් දෙකක් ගවෛද්දී තමා රැවටී ඇති බව ඔහුම තේරුම් ගත්තේය. ඔවුන් සොයා යන්නට කතාකර ගන්නට දුරකථනයක් හෝ නැත. ඊටද නැඟිට සිටින්නට බැරි තරම් වෙරිමතය. ඒ නිසා ඔහු රාත්‍රී හත වනතුරු හෝටල කාමරයේ නිදා සිට අතුරුගිරිය ‍පොලිසිය වෙත ගියේය. ඒ කාන්තාවන් දෙදෙනා පිළිබඳව පැමිණිල්ලක් කරන්නටයි.

ව්‍යාපාරිකයා කාන්තාවන් දෙදෙනා හමු වූ අයුරුත්, ඒ හමු වූ තැන් සිට සියල්ල විස්තර කරමින් ‍පොලිසියේ පැමිණිල්ල සටහන් කළේය. ඔහුට දුරකථනය අත නොතිබුණත් මුල් කාන්තාවගේ දුරකථන අංකය හිත තිබුණේය. ඔහු එම අංකයද ‍පොලිසියට ලබා දුන්නේය.

‍පොලිස් නිලධාරියෙක් එම දුරකථන අංකයට කතා කළේය. දුරකථන අංකය වැඩකළේය. දුරකථනයේ හිමිකාරිය ඇමතුමට කතා කළාය. කතා කරන්නේ අතුරුගිරිය ‍පොලිසියෙන් බවත් ව්‍යාපාරිකයා ‍පොලිසියට කළ පැමිණිල්ල පිළිබඳවත් ‍පොලිස් නිලධාරියා කාන්තාවට දන්වා සිටියේය.

පිස්සුද ඔයාලට? මම එහෙම කෙනෙක් නෙමයි. මට ඔය බොරු පැමිණිලි කරන්න එපා. අපිත් ලොකු ලොකු ‍පොලිසියේ මහත්තුරු දන්නවා. මං ගිහිල්ලා හෙඩ් ක්වාටස්වලට පැමිණිලි කරනවා. මට ඔයගොල්ලන්ගේ රස්සාව නැති කරන්නත් පුළුවන්.˜

ඇය කතා කළේ උඩගු ලීලාවෙනි. ඇයව දුරකථනයෙන් කතා කර ‍පොලිසියට කැඳවිය නොහැකි බවට ‍පොලිස් නිලධාරීහු තේරුම් ගත්හ. ඒ නිසා ඇය කොටුකර ගන්නට වෙනත් සැලසුමක් ක්‍රියාත්මක කරන්නට වූහ. ඒ අනුව ඊට පසුදා පටන් ව්‍යාපාරිකයා කියූ හැඩහුරුකම් ඇති කාන්තාවන් පිළිබදව විමර්ශන ඇරඹුවේය. ‍පොලිසියට ලැබුණු තොරතුරුවලට අනුව එම හැඩරුව ඇති ඒ අයුරින් සල්ලිකාරයින් සමග හෝටල් ගානේ යන කාන්තාවන් කණ්ඩායමක්ම සිටිති. ඒ අතරතුර පෙර කී කාන්තාව කොටුකළ හැකි ක්‍රමයක් සැලසුම් වී තිබුණි.

ඒ අනුව තැරැව්කරුවෙකු ලෙස ‍පොලිසියේම අයෙකු එම කාන්තාවට කතා කළේ ප්‍රසිද්ධ තරු පහේ හෝටලයකදී හමුවීමටයි. ඇය ඊට කැමැති වූයේ රුපියල් විසි දහසක අයකිරීමට දැනුම්දීමක්ද සමගිනි. එම කාන්තාව මාලඹේ හන්දියට කාරයකින් පැමිණියාය. ඇය එනතුරු රැක සිටි ‍පොලිස් නිලධාරීන්ගේ අතටම කාන්තාව හසුවුණාය. ‍පොලිස් භාරයට ගත් කාන්තාවගෙන් ව්‍යාපාරිකයාගේ රන් මාලය සහ දුරකථනය ගැන ප්‍රශ්න කෙරිණි.

මං එහෙම දෙයක් දන්නේ නෑ. අර අනිත් කෙනා තමයි ඒක කරන්න ඇත්තේ. එයා එදාට පස්සේ මාත් එක්ක තරහයි. සම්බන්ධයක් නෑ. මට හම්බවුණේවත් නෑ.

ඇය වචන කරන්නේ විශාල බොරු බව ‍පොලිස් නිලධාරීන්ට වැටහුණේය. ඒ නිසා ඇයගෙන් ඒ කාන්තාවගේ දුරකථන අංකය ‍පොලිස් නිලධාරීහු ඉල්ලා ගත්හ. අනතුරුව මේ කාන්තාවට කතාකළ අයුරින්ම ඇයටද කතා කළේ ප්‍රසිද්ධ හෝටලයකදී හමුවන්නටයි.

දැන් නම් බෑ. මං මේ කෝවිල් ගිහිල්ලා ඇවිල්ලා නිදාගෙන ඉන්නේ. රෑට ඕනෑ නම් එන්නම්. මගෙ ගාන රුපියල් විසි දාහයි.

ඇයද ඈ මිල කළාය. තැරැව්කරුවකු ලෙසින් රඟ පෑ ‍පොලිස් නිලධාරියා ඊට කැමැත්ත පළ කළේය. ඒත් ඔහුට වුවමනා වූයේ මේ කාන්තාව ඒ මොහොතේම සොයා ගන්නටයි. ඒ අනුව ඔත්තුකරුවකු මාර්ගයෙන් ඇය නවාතැන් ගෙන සිටි තැන සොයා ගන්නට එතරම් අපහසු වූයේ නැත. ඒ අනුව මුල් කාන්තාවත් සමගම අතුරුගිරිය ප්‍රදේශයේම ඇනෙක්සියක් වූ එම කාන්තාව නවාතැන් ගෙන සිටි තැනට ‍පොලිස් පරීක්ෂණ කණ්ඩායම ගියහ. ඇගේ නිවසේ දොරට තට්ටු කළ සැණින් දොර ඇරිණි. එළියට ආවේ ඇයයි. ‍පොලිස් නිලධාරීන් වහා ඇයව ‍පොලිස් භාරයට ගත්තේ ඇයට විරුද්ධව ඇති පැමිණිල්ල ප්‍රකාශ කරමිනි.

මම ඒ වගේ දෙයක් කරලා නෑ. ඔයාලා කොහොමද මට එහෙම චෝදනා කරන්නේ. මම එහෙම දෙයක් දන්නෙවත් නෑ. ඇය ‍පොලිස් නිලධාරීන්ට තද බල ලෙස විරෝධය පෑවාය. ඇයව ‍පොලිසියට කැඳවා විත් පැය කිහිපයක් තිස්සේ ප්‍රශ්න කිරීම සිදු කළේය. මුලින් කිසිවක් නොදන්නා බවට රඟ පෑ කාන්තාව අවසානයේ වරද පිළිගත්තාය.

ඒ ලොක්කගේ මාලෙයි ෆෝන් එකයි උස්සමු කීවේ ඔය අනිත් කෙනා. මම ඒකයි ඒවා අරන් මුලින් පැනලා ගියේ. ඊට පස්සේ අපි දෙන්නම හම්බවෙලා අරංගල හන්දියට ගිහින් උකස් කඩයට ගියා.˜

ඇය පවසා සිටියේ ප්‍රසිද්ධ උකස් මධ්‍යස්ථානයක නමකි. රන් මාලයෙන් ඇත් දලය ඉවත් කර මාලය රුපියල් 1,43,605කට උකස් කර දෙදෙනා රුපියල් හැත්තෑ දහස ගණනේ ඛෙදාගත් බව ඇය කීවාය. ඇත්දළ සහ ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනය ආසාවට ඇය ළඟ තබාගත් බවද කියයි.

ඒ අනුව අදාළ උකස් මධ්‍යස්ථානයට ගිය ‍පොලිස් නිලධාරීහු ඔවුන් උකස් කළ බව කී ව්‍යාපාරිකයාගේ මාලය ‍පොලිස් භාරයට ගත්තේය. ඒ සමගම මෙම කාන්තාවන් පිළිබඳවද තවත් තොරතුරු රැසක් ‍පොලිසිය වෙතට ලැබුණි. ඒ නිතර නිතර අදාළ උකස් මධ්‍යස්ථානයට මේ කාන්තාව මෙන්ම එවැනි තවත් කාන්තාවන් පැමිණ රන් බඩු උකස් කරන බවයි. එමෙන්ම ඔවුන් ජීවත් වන්නේ සුපිරි ලෙසය. රුපියල් පහළොස් දාහ, විසි දහසේ ඇනෙක්ස් කුලියට ගන්නා ඔවුන් එකක සිටින්නේ වැඩිම වුණොත් මාස දෙක තුනකි. එසේ තැනින් තැනට මාරුවන මොවුනට ස්ථීර ආදායමක් ලැඛෙන රැකියාවක් නැතත් යන්නෙ එන්නේ වාහනවලිනි. කෑම කන්නේ සුපිරි තැන්වලිනි.

එමෙන්ම ඩුබායි, සිංගප්පූරු, බැංකොක් වැනි රටවලටද වරින් වර ධනවත් ව්‍යාපාරිකයන් සමග ගමන් බිමන් යන බව කියයි. ‍පොලිස් භාරයට ගැනුණු එක් කාන්තාවක් ඇගේ වාහනයට මසකට රුපියල් අසූ දහසක ලීසිං වාරිකයක් ගෙවමින් සිටී. ටෙලි නාට්‍යවල කුඩා කුඩා චරිත රඟ පා ඇති ඔවුන් සමාජයේ රඟ පාන්නේ ජනප්‍රිය ටෙලි නිළියන් ලෙසිනි.

මේ කාන්තාවන් දෙදෙනා ඇතුළු මොවුන්ගේ කණ්ඩායමට මේ අයුරින් හසු වී පාඩු විඳින කිසිදු පිරිමියෙකු ඔවුන්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන්නට නොයන්නේ එය පෞද්ගලිකත්වයට හානිවන නිසාය. ඒ නිසා පාඩුව විඳගෙන නිශ්ශබ්දව ඔවුන් සිටින නිසා මේ කාන්තාවන්ට ඔවුන්ගේ වෘත්තීය කරගෙන යන්නට එයත් ශක්තියක් වී ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් දෙදෙනා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැප්තැම්බර් 09 දක්වා බන්ධනාගාර ගත වී ඇති අතර සිදුවීම පිළිබඳව අතුරුගිරිය ‍පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාගේ අධීක්ෂණයෙන් ‍පො.සැ. පියල් (56750), කා.‍පො.සැ. සිරියාවතී (344) ‍පො.කො. මහේෂ් (10033), ‍පො.කො. ගමගේ (40947) ‍පො.කො. මඩවල (85151) යන නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.

බිනර රාජපක්ෂ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button