පළකල දිනය : Mon, Sep 5th, 2016

ඇඳුම් ගලවනකන් ඇස් දෙක වහගන්න කියලා හොර මිනිහට පොරොවෙන් කොටපු හෑටි

sad gossip news about young school girl119 හදිසි ඇමතුම් ඒකකයට ලද ඇමතුමක් සමග පසුගිය 19 වැනිදා කල්තොට පදිංචිව සිටි මාලක බණ්ඩා සෙනෙවිරත්න නමැති විවාහක දෙදරු පියාගේ ඝාතනයට ලක්වූ නිසල දේහය සොයා ගත්තේ මුල්ගම කැලෑව මැද තිබියදීයි.

මුණින් අතට වැටී සිටි මියගිය පුද්ගලයාගේ හිස ප්‍රදේශය බැලීමට අප්‍රසන්න වන පරිදි පොරොවකින් කොටා ඝාතනය කර තිබුණු අතර හිස් කබල දරුණු පොරෝ පහර හේතුවෙන් කුඩුවී, ගැලූ රුධිරය දුඹුරු පැහැයට ලක්ව මුහුණ පුරා මිදී පැවැතුණා.

අමානුෂික ඝාතනයක බිහිසුණු බව තීව්‍ර කරමින් මාලකගේ පිට කොන්දට දරුණු පොරෝ පහර කිහිපයක්ද එල්ල වී තිබුණා.

ඔහුගේ දුරකතන දත්තවලට අනුව එක් අංකයකින් මරණකරුට වැඩියෙන් ඇමතුම් ලැබී ඇති අතර අවසානයට ලැබී ඇති ඇමතුමද එකී අංකයෙන් පැමිණ ඇති බවයි පොලිසිය සොයා ගත්තේ.

එම දුරකතන අංකය කාන්තාවකට අයත් වූ අතර එම කාන්තාව මෙම සාහසික ඝාතනයට සැකපිට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඇය කළ පාපොච්චාරණය අනුව දරුණු මිනීමැරුමක තොරතුරු අනාවරණය වුණා.

එම පාපොච්චාරණය පහතින් දැක්වෙනවා.

“ඔය නැතිවුණු මනුස්සයා මගේ හතරවැනි අනියම් සැමියා. මීට අවුරුදු ගාණකට කලින් මගේ මනුස්සයා මැරුණා. බෙල්ලේ වැල දාගෙන.ඊට පස්සේ මං තව මනුස්සයෙක් එක්ක එකට හිටියා. ඒකත් වැඩි කාලයක් තිබුණේ නෑ. තව එකෙක් සෙට් වුණා. එහෙම සෙට් වෙච්ච එකක්වත් වැඩි කාලයක් තිබුණේ නෑ. ඊට පස්සේ තමයි මට ඔය මගේ අතින් මැරුම් කාපු මනුස්සයා මුණ ගැහුණේ. නම මාලක බණ්ඩා සෙනෙවිරත්න. එයත් බැඳලා.

මාලක හිටියේ කල්තොට පැත්තේ. මාත් කලක් හිටියේ කල්තොට. ඒ කාලේ තමයි මාලකත් එක්ක මං අනියම් සම්බන්ධයක් පටන් ගත්තේ. කාලයක් ඒක තිබුණා. ඒ කාලෙ මාලකයි, මායි බළන්ගොඩ මුල්ගම කැලේට ගිහින් එකතු වෙනවා. ඒ සම්බන්ධය තාවකාලිකව නතර වුණේ මට මොනරාගල තවත් කෙනෙක් සෙට් වුණාට පස්සේ. මම එයත් එක්ක තණමල්විල වත්තක් බලාගෙන ඒ ගෙයි එයත් එකක් හිටියා. එයාටත් වෙන විවාහයක් තියෙනවා. අපි බැන්දෙ නෑ. ගෙදර එකට හිටියා.

මට ත්‍රීවීල් එකක් තිබුණා. ඒ ත්‍රීවීල් එක සල්ලි හදිස්සියකට උකස් තිබ්බා. ඒක සින්න වෙන්න ළං වෙලයි තිබුණේ. මගේ ඔළුව ගිනි අරන් හිටියේ. කොහොම හරි ත්‍රීවීල් එක බේරගන්න එකමයි මගේ ඔළුවේ තිබුණේ. ඒ ත්‍රීවීල් එකේ වැඩ කළෙත් මංමයි. මගේ දරුවො හතර දෙනාගෙන් එක දරුවෙක් මහණ වුණා. තව දරුවෙක් ඩිවෝස් වෙච්ච සැමියෙක්ගෙ අම්මල ළඟ. අනිත් දරුවො දෙන්න මගේ ළඟ හිටියේ. අනියම් සම්බන්ධතා තුනක් හතරක් විතර තිබුණා.

එදා අගෝස්තු මාසෙ 16 වැනිදා. නිකිනි පෝයට කලින් දවසේ මම එයාට කෝල් කරලා කිව්වා බළන්ගොඩ, මුල්ගම අර කලින් ගිය කැලේට යන්න ඕන කියලා. එයා කැමැති වුණා. මගේ ත්‍රීවීල් එක එක්ලක්‍ෂ විසිදාහකට සින්න වෙන්න යන්න තිබුණේ. මට මතක් වුණා එයා ළඟ ලක්‍ෂ දෙකහමාරක විතර රත්තරන් බඩු තියෙනවා කියලා.

කතා කරගත්ත විදියට මාලකගෙ ත්‍රීවීල් එකෙන්ම අපි බළන්ගොඩ, මුල්ගම කැලේට ගියා. කවුරුත් පේන්න හිටියේ නැහැ. ත්‍රීවීල් එක පඳුරු ටිකකට කවර් වෙන්න නතර කරලා මම එයාව කැලේට එක්කරගෙන ගියා. එයා හිතුවා මම කලින් දවස්වල වගේම අදත් කැලෑවට එක්කන් ආවේ එයා එක්ක ඉන්න කියලා. කැලේ මැදට එක්කගෙන ගිහින් මං එයාට කිව්වා මම ඇඳුම් ගලවනකන් ඇස් දෙක වහගන්න කියලා. එයා ඒ ගැටේට අහු වුණා.

එයා ඇස් දෙක හොඳටම වහගෙන ඉන්න පටන් ගනිද්දි මං මගේ හෑන්ඩ් බෑග්එක ඇරලා ඒකෙ දාගෙන ආව අත් පොරව එළියට අරගෙන මාලකගේ ඔළුවට අත් පොරොවෙන් පාරවල් කීපයක් ගැහුවා. එයා විලාප තියාගෙන මූණෙ ඔළුවෙ තුවාල ලේ පෙරාගෙන වැටුණා. වැටුණට පස්සෙ මරුවිකල්ලෙන් වගේ නැඟිටින්න හදද්දි මං පිට කොන්දටත් පොරොවෙන් කොටලා මරලම දැම්මා.

ඊට පස්සෙ මං මාලකගෙ ෆෝන් එකයි රත්තරන් බඩු ටිකයි බෑග්එකට දාගෙන එතැනින් පැන ගත්තා. එතනින් මම කෙළින්ම ආවේ බැංකුවට. රත්තරං බඩුවලින් මාලකගේ අතේ තිබුණු රත්තරන් බ්ලෙස්ලට් එකයි, මාලයයි උකස් කරල මං එක්ලක්ෂ තිස් එක් දාහක් ගත්තා. ඒ ගාණෙන් එක්ලක්ෂ විසි දාහක් ගෙවල මගේ ත්‍රීවීල් එක සින්න වෙන්න ගිය එකෙන් බේර ගත්තා.”

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button