පළකල දිනය : Tue, Sep 6th, 2016

ඇඟපත සෝදාගෙන ළඟට එන්න කීවාට උරණ වූ සැමියා එල්ලී මැරිලා

bbරැකියාවට ගොස් පැමිණි පසු ඇඟපත සෝදාගෙන පිරිසුදු වී තමන් අසලට පැමිණෙන ලෙස කළ ඉල්ලීම නිසා බිරිය සමඟ සිත් කලකිරීමට ලක්වූ තරුණයකු ඇඳ ඇතිරිල්ලක් ආධාරයෙන් නිවෙසේ බාල්කයක එල්ලී (3දා) අලූ‍යම දිවිතොර කරගෙන ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය සඳහන් කළේය.

අනුරාධපුර පොතානේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි රියැදුරු වෘත්තියේ නිරතවන තරුණයකු ඔහුගේ 19 හැවිරිදි රූමත් බිරිය සමඟ රාත්‍රියේ ඇති කරගත් ආරවුලක් දුර දිගයෑම නිසා දිවිනසා ගැනීම සිදු කරගෙන ඇති අතර ඔහු දිවිනසා ගැනීම ඝාතනයක් බවට සැක මතුවීම නිසා අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් කේ.පී. ශානක හර්ෂන් මහතා විසින් මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීමෙන් අනතුරුව සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලෙස නියෝග කර තිබි‚.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එස්.එම්.එච්.එම්. සේනානායක මහතා අධිකරණ නියෝග මත පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකර ඇති අතර මරණය සිය දිවි නසා ගැනීමක් බව එහිදී අනාවරණය කර තිබිණි.

මරණකරුගේ බිරිය විසින් සාක්‍ෂි දෙමින් පොලිසියට පවසා ඇත්තේ සිය සැමියා පෙරදින රාත්‍රියේ රාජකාරියට ගොස් නිවෙසට පැමිණ තමන්ට අඹු සැමි ඇසුර පැවැත්වීමට ආරාධනා කළ අවස්ථාවේ ඇඟ සෝදාගෙන පැමිණෙන ලෙස උපදෙස් දීම නිසා කෝපයට පත්වී මට උඹව ඕනැනෑ කියමින් ඇදෙන් නැඟිට ගිය බවයි.

ඇදෙන් බැස යන අවස්ථාවේ සිය සැමියා ඇඳ ඇතිරිල්ලක් රැගෙන පිටතට ගිය බවත් පසුව තමන්ට නින්ද ගොස් උදෑසන අවදිවී බලද්දී ඔහු නිවෙසේ බාල්කයක එල්ලී මියගොස් සිටි බව බිරිය පොලිසියට පවසා තිබිණි. මරණකරුගේ බිරිය මීට පෙර වෙනත් පුද්ගලයකු සමඟ විවාහ වී ඔහු සමඟ දිවිගෙවා ඇති බවත් ඔහු බිරිය වෙනත් ඇසුරක් පවත්වාවී යැයි යන සැකයෙන් සිට ඇති බවත් පරීක්‍ෂණ සිදු කළ පොලිසිය පැවැසුවේය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button