පළකල දිනය : Thu, Sep 8th, 2016

අපේක්ෂා කළ සාධාරණයක් අද හිමි වුනා (photos and video)

Hirunika Speaks about Verdict in Bharatha caseවත්මන් රජය බලයට පත්නොවුයේනම් මෙම තීන්දුව මේ අයුරින් ප්‍රකාශයට පත්වීමට නොතිබුනු බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය නඩු තීන්දුවෙන් පසු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

කෙනෙකුට විපතක් සිදුවනු බලා සතුටු වන්නට තරම් අමානුෂීය නොවන බවත් ඇය කියා සිටියා.

එහෙත්, තමන්ට සිදුවු අසාධාරණය වෙනුවෙන් නීතිය හමුවට ගොස් නීතියේ පිළිසරණ බලාපොරොත්තු වූ බවයි, ඇය කියා සිටියේ.

භාරත ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය වීමෙන් පසු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියත්, ඇයගේ මවත් ඉතා දුක්බර තත්වයකට පත්වූ බව ද ඇය ප්‍රකාශ කළා.

තමන්ට සිදුවු ආසාධාරණය වෙනුනේ සැමවිටට සාධාරණයක් අප්‍රේක්ෂා කළ බව ද එද අද හිමිවූ බව ද වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් ඇය කියා සිටියා.

කෙසේ වෙතත් මෙම තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බව දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් පවසා ඇති බව වාර්තා වේ.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දෙන තුරු මෙම චුදිතයන්ට තීන්දුව ප්‍රකාරව සිරගත කෙරෙනු ඇති බව පැවසේ.

 

 

 

 

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button