පළකල දිනය : Thu, Sep 8th, 2016

Iphone 7 දුරකථනය ගැන ඔබ නොදත් කරුණු මෙන්න

Look

ඇපල් අයි ෆෝන් 7 හි පෙනුම බොහෝ දුරට අයි ෆෝන් 6 හා 6s දුරකතනයේ පෙනුමට සමාන වනවා. නමුත් එම දුරකතනයන්හි පිටුපස තිබු ඇන්ටනා තීරු නොපෙනෙන ලෙස අලුත් දුරකථනය එලි දක්වා තිබෙනවා.

Power

ඇපල් අයි ෆෝන් 7 හා 7 plus පන ගන්ව්වනු ලබන්නේ නවතම A10 Fusion චිපය මගිනුයි. මෙය 64 bit quad core චිප්සෙට් එකක් වන අතර අයි ෆෝන් 6s වලට වඩා 40% වේගවත්ය. තවද මෙහි විශේෂත්වය වන්නේ ඉතාම මෙය ක්‍රියාත්මක වීම සඳහා ඉතාම අඩු බැටරි බලයක් අවශ්‍ය වීමය. ඇපල් පවසන පරිදි මෙම චිපය ස්මාර්ට් ජංගම දුරකථන අතුරින් ඇති බලගතුම චිපය වේ.

Display

අයිෆෝන් 6s හි තිබු රෙටිනා HD තිරයේ දීප්තිය 25% වැඩිකොට තිබේ.

Storage

අයි ෆෝන් 7 හි ධාරිතාවය දෙගුණ කොට තිබේ. ඒ අනුව දැන් ඔබට අයි ෆෝන් 7 මිලදිගනු හැක්කේ 32gb, 128gb, 256gb යන ධාරිතා වලිනි.

Battery Life

අයි ෆෝන් 6s වලට වඩා පැය දෙකක කාලයකුත් අයි ෆෝන් 6s plus දුරකතනයට වඩා පැයක කාලයකුත් නව අයි ෆෝන් 7 දුරකථනය භාවිතා කිරීමට හැක.

iPhone 7 camera

අයි ෆෝන් 7 කැමරාවේ විශේෂාංග

Optical image stabilization
f/1.8
6-element lens
60% faster and 30% more energy-efficient 12-megapixel sensor
Quad-LED True Tone flash
New image signal processor with twice the throughput of Apple’s earlier ISP
7-megapixel front-facing camera

iPhone 7 Plus camera

ඇපල් අයි ෆෝන් 7 හි 12 මෙගා පික්සල් කැමරා කැමරා කාච දෙකක් ඇති අතර එකක් telephoto කැමරා ලෙන්ස් එකකි. ඒ අනුව telephoto කැමරා ලෙන්ස් එක මාර්ගයෙන් 10x zoom කොට ඡායාරූප ඉතා පැහැදිලිව ලබාගත හැක. එමෙන්ම DSLR කැමරාවල පැමිණෙන පුද්ගල ඡායාරූප ගැනීමේදී පිටුපස බොඳ වන තාක්ෂණය පළමුවරට ජංගම දුරකතනයක් සඳහා හඳුන්වා දීමට ඇපල් සමාගමට හැකිව තිබේ.

New home button

ඇපල් අයි ෆෝන් නව හෝම් බටනය දැන් Tapatic Engine එකක් සමග පැමිණේ. ඒ අනුව වෙනදාටත් වඩා වැඩි කාර්යන් කොටසක් සඳහා හෝම් බටනය සකසා ගත හැක.

New colors

ඇපල් අයි ෆෝන් වෙනදා වෙන් සිල්වර්, ගෝල්ඩ්, රෝස් ගෝල්ඩ් වලට සීමා නොවී මෙවර අලුත්ම පැහැයක් හඳුන්වා දී තිබේ. එය හඳුන්වා දී ඇත්තේ Jet Black (128gb හා 256gb සඳහා පමණක්ය පැමිණේ) නුවෙනි. මෙය දිලිසෙන කළු පැහැයකින් යුක්ත වන අතර එයට අමතරව සාමන්‍ය කළු පැහැයෙනුත් අයි ෆෝන් 7 හඳුන්වා දී තිබේ.

Water and dust-resistance

නව අයි ෆෝන් 7 ජලයට හා දූවිල්ලට ඔරොත්තු දේ.

Audio

3.5mm audio port එක ඉවත්කොට ඒ වෙනුවට Lightning Cable එකම Audio සඳහා භාවිතාකොට තිබේ. අයිෆෝන් 7 ස්ටීරියෝ ස්පීකර්ස් වලින් සමන්විත අතර පෙර පැවති අයි ෆෝන් දුරකථන වලට වඩා 50% ශබ්දය වැඩිය.

New wireless tech

ඇපල් විසින් හඳුන්වා දුන් නව w1 චිපය මගින් වයර් රහිතව ඇපල් දුරකථන සමග සම්බන්ධ වීමේ තාක්ෂණයක් අයි ෆෝන් 7 සමග පැමිණ තිබේ. ඒ අනුව Earpods වයර් රහිතව භාවිතා කළ හැකි අතර එය හඳුන්වන්නේ Airpods යනුවෙනි.

Price

අයි ෆෝන් 7 ඩොලර් 649 මුදලකටත්, අයි ෆෝන් 7 plus ඩොලර් 749 කටත් මිලකොට තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button