පළකල දිනය : Sat, Sep 10th, 2016

මහේල අතේ සල්ලිවලින් ටිකට් අරන් ඩිල්ෂාන්ට සමුදුන් හෑටි

mahela-with-dilshanසංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රීලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරඟය නැරඹීම සඳහා හිටපු නායක මහේල ජයවර්ධනද පැමිණ සිටියා.

තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන් තරගය නැරඹීමේ අරමුණ වෙනුවෙන්ම මහේල ලංකාවට පැමිණ තිබෙන බවයි පැවසෙන්නේ.

ඔහු සාමාන්‍ය ප්‍රේක්ෂකයෙකු ලෙසයි තරගය නරඹනු ලැබුවේ.

සමාජ ජාල වෙබ් අඩවිවල මේ සම්බන්ධයෙන් කතාබහට ලක්ව ඇති අතර පසුගියදා ඩිල්ෂාන් නම නොකියා පලා බෙදුවද මහේල ඒ සියල්ල ගණනකටවත් නොගෙන සිය පිටියේ සගයා සමුගන්නා මොහොතට එක්වූ බවයි එහි සඳහන් වන්නේ.

 

cricket-gossip-mahela-with-dilshan

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button