පළකල දිනය : Sat, Sep 10th, 2016

ගීතාගේ කතාව නිකන් සීගිරි ගලට කාක්කෙක් පැහැරුවා වගේ කතාවක්

ranjan-ramanayake-speaks-about-mayaමොකද මේ ගීතා කුමාරසිංහ මහත්මිය ඔබට ගැහැනු චරිතයක් කියල ප්‍රසිද්ධියේ මඩ ගහන්නෙ?

මට නම් ඔය මඩ ගැහිලි ගැන කිසිම දුකක් නෑ. මොකද මම හැම වෙලාවෙම හිතන්නෙ මට මඩ ගහන එක ගැන නෙවෙයි. මඩ ගහන කෙනා ගැනයි. මම හිතන්නෙ මට මඩ ගහන පුද්ගලයට රටේ තියෙන පිළිගැනීමයි.

වෙන අය මට දෙන චරිත සහතික වැඩක් නෑ. කවුරු මොන ප්‍රකාශයක් කළත් ඒ අයට වටිනාකමක් තියෙන්න ඕන. බුදුහාමුදුරුවො, ෙජ්සුතුමා වගේ අය මට එහෙම කිව්ව නම් කමක් නෑ. නමුත් ගීතා කුමාරසිංහ කියන චරිතයෙන් මට වැඩක් නැහැ. මේ කතාව නිකන් සීගිරි ගලට කාක්කෙක් පැහැරුවා වගේ කතාවක්. මට කිසිම වැඩක් නෑ.

හැබැයි එතුමියට පේන්නෙ නම් ඔබතුමා කාන්තා චරිතයක් විදියටලූ‍නෙ. ඇත්ත තත්ත්වයලූ‍ කිව්වෙ?

එයාට පේන විදිය ගැන ලංකාවම දැක්කනෙ. එයාට පෙනුණෙ කොළඹ ඉඳල නුවරට පාගමනක් යනවා. ඒකෙ කෝටි 2ක් යනව කියලනෙ. ඊට පස්සෙ ඕන කෙනෙක් දන්න ශ්‍රීලනිපෙ 65 වැනි සංවත්සරය එයාට පෙනුණෙ 56 කියලනෙ. එතකොට තේරෙනවනෙ එයාට පේන විදියෙ අවුලක් තියෙනව කියල.

ඒ කියන්නෙ ඔබතුමාට කිසි ප්‍රශ්නයක් නැද්ද ප්‍රසිද්ධ වේදිකාවල මෙහෙම එකට?
අපේ ඉහළ නායකයොත් මට කිව්වෙ ඒ අයගෙත් මතය වුණේ විපක්ෂයේ ඉන්න ගීතා, නාමල්, යෝෂිත වැඩිපුර මාධ්‍යයට කතා කරන එක අපිට වාසියි කියලයි. ඒ නිසා ඔය ගීතගෙ කතාවෙනුත් මට ගොඩක් දේවල් ලැබුණා. එයාට හැම වෙලේම වරදින කෙනෙක්. ගීතා අපිට දේපළක්. එතුමිය දිගටම පාර්ලිමේන්තුවේ ඉඳන් ඔහොමම දකිනව නම් මට ඊට වඩා සතුටක් නෑ.

ඔබතුමා සතුටු වෙනවද කෙනෙක් තමන්ට කාන්තාවක් කියනවට. ඒ කියන්නේ එතුමියට එහෙම දැනෙන එක ඇත්තද?

මෙයාට වෛද්‍ය පරීක්ෂණයකින් ඔප්පු කරල පෙන්වන්න මට අවශ්‍ය නෑනෙ. මේ කතාවෙන් මගෙ ”මායා” චරිතයට ලොකු පබ්ලිසිටියක් ලැබුණා. මම කාන්තාවක්ද නැද්ද කියල මගේ පෙම්වතියන් දන්නවා. ඒ අවශ්‍ය අයට මම ඒක ඔප්පු කරල පෙන්වලා තියෙනවා. මෙයාව හරියන්නෙ නෑ.

රංගන ශිල්පිනියක් විදියට එතුමිය ඔබත් එක්ක රඟපාලත් තියෙනවනෙ. ඔබතුමාට එතුමියව දැනෙන්නේ කොහොමද? එතුමියට නම් ඇත්තටම පේන්නෙ කාන්තාවක් විදියටලූ‍?

අනේ මට නම් ඇයව දැනෙන්නෙ ඉතා සුන්දර කාන්තාවක් විදියට. මට මුලින්ම ඇයව දර්ශන තලයකදි හමුවුණේ ”දුර්ගා” චිත්‍රපටයේදි. ඊළඟට ඔබටයි ප්‍රියේ ආදරේ චිත්‍රපටයෙදි හමු වුණා. එතකොට නම් මම දැක්කෙ ඉතා රූමත් සුන්දර කාන්තාවක් විදියටයි.හැබැයි එතුමිය නම් කියන්නෙ එතුමිය ඉතා ශක්තිමත් පිරිමියෙක් වගේ කියලයි.

මම කියන්න ගියෙත් ඒකම තමයි. එයා කියනවා එයා පිරිමියෙක් කියලා. හැබැයි මම නම් දැක්කෙ නෑ එහෙම. මම දැක්කෙ ඈ සුන්දර කාන්තාවක් විදියට. ඇයත් එක්ක ප්‍රධාන චරිත කරපු මගේ මාමටත් එහෙම තමයි දැනෙන්න ඇත්තේ. ඒත් අපි කිව්වට වැඩක් නෑ. එතුමියම දැන් කියනවනෙ එතුමිය පිරිමියෙක් කියලා. ඒ ගැන ඉතිං අදහස් දක්වන්න මම ලිංගික වෛද්‍යවරයෙක් නෙවෙයි. එහෙම නැතිව මට ඩොක්ටර් වගේ අදහස් දක්වන්න බෑ. මම පිටින් පේන විදියටයි කිව්වේ.

ඔබ ඉතා සද්භාවයෙන් එතුමිය ගැන කතා කරද්දි ප්‍රසිද්ධ වේදිකාවෙ කාන්තාවක් විදියට ඔබව හඳුන්වන්න ඇය ඉදිරියේ එහෙම හැසිරිලා තියෙනවද?

විජය කුමාරතුංග ක්‍රිස්තු චරිතය කළාට එයා ඇත්තට එහෙම වුණේ නෑ. කෙපයානු රීව්ස් ”ලිට්ල් බුද්ධා” චරිතය කළාට බුදුහාමුදුරුවො වුණෙත් නෑ. මම සුද්ධෝදන රජුගෙ චරිතය රඟපෑවට මම සුද්ධෝදන රජු වුණේ නෑ. ඒ වගේම මම zමායාz චරිතය රඟපෑවට කාන්තාවක් වෙන්නෙත් නෑ. ඒක තේරුම් ගන්න ගීතට බුද්ධියක් නැති එකනෙ ප්‍රශ්නෙ. රැජිනි කාන්ත්, කමල් හසන්, අමිතාබ්, අමීර් ඛාන්, සල්මන්, ෂාරුක් කොච්චරවත් නිළියන්ට රඟපාල තියෙනවා. විජය කුමාරතුංගත් එහෙම හිටියා. ඉතිං රංගන ශිල්පිනියක් විදියට ඉතා සාර්ථකව තිරගත වෙන චිත්‍රපටයකට අපහාස කරන එක ඉතාම කනගාටුදායකයි කියලයි මට නම් කියන්න තියෙන්නෙ. මම හොඳ ශක්තිමත් කෙළින් කතා කරන කොල්ලෙක් හැටියට සිනමා සක්විති දැකල තියෙද්දි මෙයාට කොහොම පෙනුණත් මට වැඩක් නෑ.

ඒත් හේතුවක් නැතිව එහෙම කියන්නෙ නෑනෙ. එතුමිය හිතාමතාමලූ‍ කිව්වෙ. ඔබතුමාට හිතෙන්නෙ හේතුව මොකක් කියලද?

මට නම් හිතෙන්නෙ ඒක ඉතාම හොඳයි. මගෙ චිත්‍රපටයට සහ මට ඉතා හොඳ ප්‍රචාරයක් එයා ලබා දුන්නෙ. සුනිල් හඳුන්නෙත්තිත් මට කිව්වෙ මේ රංගනය ඉතා හොඳයි. ගීතා මොනව කිව්වත් හැප්පෙන්න යන්න එපා. එයාට ස්තුති කරන්න කියලයි. එයා හිතාමතාම මගෙ ෆිල්ම් එකට ලොකු ඇඩ් එකක් දුන්න. ඒකට මම ස්තුතිවන්ත වෙනවා.

එතුමිය කියනව ඔබතුමා ඇඟට පතට නොදැනී බොරු කියන, චීත්ත වැඩ කරන කෙනෙක් කියලා. ඇත්තද ඒ?

මම අභියෝග කරනවා මාත් එක්ක විවාදයකට එන්න කියලා එයාට. මම එතැනදි මගේ ප්‍රකාශ ඇත්තද බොරුද කියලා පෙන්වන්නම්. මම කියන්නෙ බොරු නම් ඇවිත් ඔප්පු කරන්න කියන්න. එතුමිය අයි.ටී.එන්. එකේ ආරාධනා කරපු විවාදෙටවත් ආවෙ නෑනෙ.

පාර්ලිමේන්තුවේදි ඔබතුමාට එතුමිය ඒකට එන්නෙ නෑ කිව්වත් අයි.ටී.එන්. එකට ඔබ වෙනත් කතාවක් කිව්ව කියලයි එතුමිය චෝදනා කරන්නෙ.

එතුමිය මට කියපු එක ඇත්ත. ඒක මම පිළිගන්නවා. හැබැයි නිෂ්පාදක මණ්ඩලයට එයා කියල තිබුණා අපි හොඳ යාළුවො. අපි මේක හරි ජොලියෙ කරමු කියලා. ආයෙ කියලා තිබුණා මාව මඩවන්න යන්නෙ, මම එන්නෙ නෑ, මාව බයිට් කරයි කියලා. ආයෙත් කියල එනව කියලා. මේ වගකීමක් නැති කතා නිසයි එතුමියට ප්‍රචාරය වගේම පුටුවකුත් තිබ්බේ. මම එතැන ගිහින් මුකුත් කිව්වෙ නෑ. පක්ෂ තුනෙන් තුන්දෙනා කතා කරන්නයි හිටියෙ.

මම ජනතාවත් එක්ක වැඩ කරන විදිය අනුව ජනතාව දන්නව මම මොන වගේ කෙනෙක්ද කියලා. එහෙම බොරු කියන, එහෙම හැසිරෙන කෙනෙක් නම් මට අංක එකට පත්වෙලා පාර්ලිමේන්තු යන්න බෑනෙ.

ගීතා කුමාරසිංහ මහත්මිය කියන්නෙ ඔබතුමා පිරිමියෙක් විදියට ඉන්න නම් උඩින් එකක්, යටින් එකක් කරන එක, බොරු කියන එක නැවැත්විය යුතුයි කියලා. ඇත්තටම එහෙම ඔබ පරිවර්තනය විය යුතුද?

එතුමිය කතා කළොත් අනා ගන්නවනෙ. එතුමියගෙ පෙනීමේ දෝෂයක් තියෙනවනෙ. ඒ නිසා මම ගීතා කුමාරසිංහට ඕන විදියට ජීවත් වෙන්න බැඳිල නෑ. මම ජීවත් වෙන්නෙ බුදුදහම, ක්‍රිස්තු දහම අනුව. ගීතා කවුද? ආගමික ශාස්තෘවරයෙක් කිව්ව නම් මම පරිවර්තනය වෙනවා. මගේ වරදක් තියෙනව නම්. නමුත් ගීතා කිව්ව පළියට වගේ පරිවර්තනය වෙන්න වරදක් නෑ.

කොළොන්නාවෙ කුණු කන්දට පයින් ගැහුව වගේ මට ඔය වාත චරිත අවුස්සගන්න අවශ්‍ය නෑ. පාර්ලිමේන්තුවේදි ප්‍රසිද්ධියේ අගමැතිතුමාටත් වාචාල කතා කිව්වනෙ. එහෙම අයගෙ කතා මට වැඩක් නෑ. උත්තර දෙන්නවත් යන්න තරම් චරිතයක් නෙවෙයි එයා.

රංගන ක්ෂේත්‍රයේදි සහ දේශපාලන ක්ෂේත්‍රයේදි ගීතා කුමාරසිංහ කියන්නෙ චරිත 2ක්ද?

ක්ෂේත්‍ර දෙකේ ඇය හාත්පස වෙනස්. රඟපානකොට ඇය ඉතා සුන්දරයි. නමුත් සැබෑ ජීවිතයේදි ඉන්නෙ ඇය නෙවෙයි. ඒක ස්ථීරයි.

චාමිකා මුණසිංහ

  • 4.4K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button