පළකල දිනය : Sun, Sep 11th, 2016

මහත්තයට තුන් සූත්‍රය කටපාඩම් මංජුලා කියන කතාව

manjula-thilini-speaks-about-dilshanඔහු ජීවිතය දිනූ ආකර්ෂණීය චරිතයෙකි. ඔහුගේ ගමන් මඟ තුළ අනේකවිධ දුක්‌ගැහැට බාධක නොතිබුණා නොවේ. නමුත් ධෛර්යය, උත්සාහය ඒ සියල්ල සුණුවිසුණු කර දැමුවාය. අවසානයේ ඔහු නතර වූයේ ටී. එම්. ඩිල්ෂාන් නම් ලෝක පූජිත අති දක්‌ෂ ක්‍රිකට්‌ ක්‍රීඩකයා වෙමිනි. සැබවින්ම හතරේ සීමාව ඇතුළත පිටියේදී ඔහුට කළ නොහැකි දෙයක්‌ නොවීය. ඔහුගේ පිතිහරඹය ආකාර්ෂණීය විය. අතට ආ පන්දුවක්‌ ගිලිහුණා නම් ඒ කලාතුරකිනි. කඩුළු රකින්නාගේ හිසට ඉහළින් ඇදී යන සේ ඔහු එල්ල කළ හිතුවක්‌කාර පහර අති ආකර්ෂණීය විය. “ඩිල්ස්‌කූප්” නම්වූ එය ක්‍රිකට්‌ ලොව සදානුස්‌මරණීය වන්නේය. ක්‍රිකට්‌වලින් පිරි තිලකරත්න ඩිල්ෂාන්ගේ ජීවිතයේ අනෙත්පස පිරී පවතින්නේ ආදරය හා සෙනෙහසිනි. එහි උරුමක්‌කාරියද ශ්‍රී ලාංකීය සමාජය තුළ ජනප්‍රිය ආකර්ශනීය චරිතයකි. ඇය නමින් මංජුලා තිළිණි නම් වන්නීය. ඇය තිලකරත්න ඩිල්ෂාන්ගේ සුන්දර බිරිඳ ලෙසන් අප හා පැවසුවේ මෙවැන්නක්‌.

ඇත්තටම තිලකරත්න ඩිල්ෂාන් කියන ක්‍රීඩකයා ගැන ඔහුගේ හැකියාවන් ගැන මේ රටේ විතරක්‌ නෙමෙයි ලෝකයේ බොහෝදෙනා කතාවෙන බව අහන වේලාවට මගේ හිතට දැනෙන සතුට මෙපමණයි කියලා කියන්න බැහැ. එයාගේ නමින් තිබෙන ” ඩිල්ස්‌කූප්” පහර තවත් කීS්‍රඩකයෙක්‌ ගහන කොට මට ලොකු ආඩම්බරයක්‌ දැනෙනවා.

අපි දෙන්නා මුලින්ම හඳුනා ගන්නේ සුරාඡ් මාපා නිසයි. සුරාඡ් කියන්නේ මගේ හොඳම යාළුවෙක්‌. මට විතරක්‌ නෙමෙයි එයා ගොඩක්‌ අයට හොඳ යාළුවෙකි. මම පස්‌සේ තමයි දැනගන්නේ සුරාඡ් ඩිල්ෂාන්ගෙත් හොඳම යාළුවෙක්‌ කියලා. දවසක්‌ මම ෂූට්‌ එකක ඉන්න වෙලාවක මට සුරාඡ්ගෙන් කෝල් එකක්‌ ආවා. එයා මට කිව්වා යාළුවෙක්‌ ඉන්නවා කතා කරන්න කියලා. කාටද ෆෝන් එක දුන්නා. කතා කරපු කෙනා මට කිව්වා මම තිලකරත්න ඩිල්ෂාන්. මම ඔයාගේ රසිකයෙක්‌ කියලා. මම “හොඳයි තැන්ක්‌යූ” කියලා ෆෝන් එක කට්‌ කළා. සුරාඡ් ආයෙත් මට අරගෙන කිව්වා ඇයි ඔයා එහෙම කළේ. ඔයා දන්නවාද ඒ කවුද කියලා. එයා තිලකරත්න ඩිල්ෂාන්. එයා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ඉන්න ක්‍රිඩකයේක් කෙනෙක්‌ කියලා. ඇත්තටම මම ඩිල්ෂාන්ව ඒ වෙද්දී දැනගෙන හිටියේ නැහැ. නමුත් ඩිල්ෂාන් ඊට පස්‌සේ දිගින් දිගටම මට කතා කළා. ඒ කතාබහ අතර තුරදී එයාගේ ජීවිතේ ගැන ගොඩක්‌ දේවල් මට කිව්වා. අපිට ලොකු හුරු පුරුදු කමක්‌ දැනුනා. ඔහු හොඳ කෙනෙක්‌ කියන දේ මගේ හිතට දැනෙන්න ගත්තා. ඒ වෙද්දී එයාගේ ජීවිතේ ලොකු ප්‍රශ්න ගොඩක පැටලිලා හිටපු කාලයක්‌.

ඩිල්ෂාන් හරිම ආසයි මම “සිංදූර්” නාට්‍යයේ කරපු චරිතයට. එයා ඒ ගැන මුලින්ම කතා කරපු වෙලාවේ මට කිව්වා ඇත්තටම ඒ චරිතය හා මගේ සැබෑ ජීවිතයේ ගොඩක්‌ සමානකම් තියෙනවා. ඒ චරිතේ හිටියේ මමමයි කියන දේ මමත් දැනගෙන හිටියා.

ඩිල්ෂාන් කියන්නේ එකපාරටම තීරණ ගන්න කෙනෙක්‌. එයා එකපාරටම තීරණය කළා අපි විවාහ වෙන්න ඕන කියලා. මටවත් හිතන්න වෙලාවක්‌ නැහැ. එයාගේ මල්ලී ටී. එම්. සම්පත් තමයි ගෙවල් දෙක අතර අතරමැදියා වුණේ. ඇත්තටම අපිට ආදරය කරන්නවත් කාලයක්‌ තිබුණේ නැහැ. හැම තීරණයක්‌ම එයාගේ. ඒ වෙද්දි ඩිල්ෂාන්ට පළමු අයි. පී. එල් තරගාවලියට යන්න ඔන්න මෙන්න. අපි ගෙවල්වල අය එකතුවෙලා පොඩි උත්සවයක්‌ ගත්තා එච්චරයි. ඒ තරගාවලියට මාවත් එක්‌ක ගෙන ගියා. ඒ ගමන කවදාවත් අමතක වෙන්නේ නැහැ. එහෙදී මට හීනෙන්වත් නොහිතපු විඳියේ විවාහ උත්සවයක්‌ ලැබුණා. අපි දෙන්නා දැනගෙන හිටියේවත් නැහැ. දිල්ලියේ තියෙන හොඳම හෝල් එකක අපි දෙන්නා වෙනුවෙන් ඒ අය ලොකු විවාහ උත්සවයක්‌ සූදානම් කරලා. ලෝකේ හිටපු ප්‍රසිද්ධ ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ ඒ උත්සවයට ආවා. ඇත්තටම ඒ අය අපිව පුදුම කළා.

අද වෙද්දී අපිට දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. ලොකු දුවට දැන් අවුරුදු අටයි. මම ජීවිතේ ගැන නිතරම හිතන්නේ මධ්‍යස්‌ථව. ළමයින්ගේ වැඩත් එක්‌ක ඇත්තටම අපි කාර්යබහුල වුණා. ඩිල්ෂාන්ට විවේකය කියන දෙය හරිම අඩුයි. නමුත් හැමදේම අවබෝධයෙන් කර ගත්තා.

ඩිල්ෂාන් කියන්නේ හරිම වෙනස්‌ කෙනෙකි. මොකක්‌ හරි කරන්න හිතුනොත් එයා ඒ වෙනුවෙන් ගොඩක්‌ කැප වෙනවා. සමහර වෙලාවට ඒ නිසාම තව ගොඩක්‌ දේවල් එයාට මඟ හැරෙනවා. නමුත් අරමුණ කරා යනවා. අද සීයක්‌ ගහනවා කියලා ගිය දවසට සීයක්‌ ගහලා ඇවිත් තියෙනවා.

ඩිල්ෂාන් කියන්නේ වැඩ ඉවර වුණ ගමන් ගෙදර දුවගෙන එන කෙනෙක්‌. පුහුණු වීම් ඉවර වුණු ගමන් කෙලින්ම එන්නේ ගෙදර. දරුවොත් සමඟ කාලය ගත කරන්න හරිම ආසයි. ගෙදර ඉන්න වෙලාවට එයාගේ වාහනය හෝදනවා. අපි දෙන්නම කැමැතියි හකුරුත් එක්‌ක තේ බොන්න. එයා ගැන කවදාවත් අමුතුවෙන් හොයන්න ඕන කමක්‌ මට තිබුණේ නැහැ. මුල ඉඳලාම එයාව මට දැනුනා.

ඩිල්ෂාන් කියන්නේ ආගම දහමට හරිම ලැදි ඒවා අකුරටම ඉටු කරන කෙනෙක්‌. මමත් එහෙමයි. එයාට තුන් සුත්‍රයම කට පාඩම්. පිරිත්වලට හරි ආසයි. පුළුවන් හැම වෙලේම කිසිම භේදයක්‌ නැතිව හැමෝටම උදව් කරනවා. නමුත් ඒවා කවුරුවත් දැන ගන්නවට කැමැති නැහැ.

ඩිල්ෂාන් ගැන කවුරුවත් නොදන්නා තවත් රහසක්‌ තියෙනවා. එයා ලෝකේ කොහේ ගියත් බෑග් එකේ නිතරම බුදු පිළිමයක්‌, ගණදෙවි, පහන්තිර, හඳුන්කූරු තියෙනවා. ඒවා වරදින්නේ නැහැ. ඒ වගේම තමයි කොහේ ගියත් පුළුවන් හැම තැනම අපිව අරගෙන යන්න තමයි බලන්නේ. එයාට කරදරයක්‌ වුණත් ඒක කරනවා. දරුවෝ දෙන්නත් එයාට ගොඩක්‌ ආදරෙයි. එයා පොඩි දේටත් හිත රිදවා ගන්න කෙනෙක්‌.

ඩිල්ෂාන්ට අවශ්‍ය කරන්නේ නිතරම ජයග්‍රහණයම තමයි. ඒ නිසා තමයි ගොඩක්‌ ආවේගශීලී වගේ වෙන්නේ. මැච් පැරදුණොත් ගෙදර ඇවිත් ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්නවා. කතාබහක්‌ නැහැ. හරියට මානසිකව වැටෙනවා. දිනපු දවසට ඒකේ අනික්‌ පැත්ත. එදාට කතාව නවත්ත ගන්න බැහැ.

මට කතා කරන්නේ ” සුදු මැණිකේ” කියලා. එයා මට ජීවිතේ වගේ ආදරෙයි. අපි දෙන්නගේම දුක සතුට අපි හොඳට අඳුනනවා. අපි නිතරම කතාබහ කරනවා. ප්‍රශ්න ආවොත් විස¹ ගන්නවා. අපිට අනන්ත අප්‍රමාණ ගැටලු ඇවිත් තියෙනවා. ඔහු මානසිකව වැටුණු අවස්‌ථා තිබුණා. ඒවා මටත් බලපානවා. නමුත් මම ඒවා එයාට පෙන්නුවේ නැහැ.

ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ඉන්න වැඩිමල්ම කෙනා එයා වුණාට ඉන්න හදන්නේ නිතරම කොල්ල වගේ. විලාසිතාවලට හරි කැමැතියි. එයාගේ රැවුල කාටවත් කපන්න බැහැ. තවමත් දැලි පිහියෙන් එයාම තමයි රැවුල කපා ගන්නේ. දැලි පිහිය තරම් කිසිම දෙයක්‌ එයාට හරියන්නේ නැහැ. ඇත්තටම ඩිල්ෂාන් කියන්නේ ගොඩක්‌ හොඳ සැමියෙකි. ආදරය පිරුණු තාත්තා කෙනෙකි.

රංග විදානේ

  • 3K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button