පළකල දිනය : Thu, Oct 6th, 2016

ෆේස් බුක් සමාගමේ නීති විරෝධී වෙළදාම

Facebook market placeෆේස් බුක් සමාජ ජාලා වේබ් අඩවිය මීට ටික කලකට පෙර හදුන්වාදුන් “Facebook Marketplace”  නමැති විශේෂාංගය ෆේස් බුක් සාමාජිකයන් පිරිසක් වැරදි ආකාරයෙන් භාවිත කර තිබේ. ඒ සම්බන්ධව එම සමාගම පසුගියදින සමාව ඉල්ලා තිබින.

එම පිරිස් විසින් ෆේස් බුක් මාර්කට් ප්ලේස් යන විශේෂාංගය සදාචාරයට පටහැනි ලෙස භාවිතා කර ඇති බව සමාගම පවසයි. එනම් භාණ්ඩ සේවා විකිණීම සදහා නිමවා ඇති මෙහි එම පිරිස් විසින් ළදරැවන්,ගිණිඅවි,මත්ද්‍රව්‍යය හා ගණිකාවන් වැනි දේ මෙහි විකිණීම සදහා උත්සහ කර තිබේ. මේ වනවිට එහි එවැනි සදාචාර විරෝධී දැන්වීම් ඉවත් කිරීමට සමාජ ජාලාවේ වගකිවයුතු නිලධාරීන් මේ වනවිට පියවර ගෙන තිබේ එමෙන්ම මෙම සිදුවීම පිළිබද ෆේස් බුක් සමාජ ජාලය සමාව අයැද තිබේ.

බොහෝ පිරිස් වෙත මෙම මාර්කට් ප්ලේස් හි සිදුවන වැරදි ආකාරයේ ගනුදෙනු පිළිබද අවධානය යොමුවූයේ එහි පලකර තිබූ කුඩා ඉත්තා පැටවකුගේ දැන්වීමක් ප්‍රචාරය වීමත් සමගයි. Facebook සමාගම වැඩිදුරටත් පවසන්නේ ඉදිරියේ එහි මෙවැනි අකටයුතුකම් නොවීමට සමාගම වගබලාගන්නා බවයි එමෙන්ම ගිනුම් මහයනම න්පිළිබදව පෙරට වඩා අවධානයක් යොමු කරනා බවද පැවසීය.

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button