පළකල දිනය : Thu, Oct 6th, 2016

ඇස් දෙකම පේන්නෙ නැති සාරත ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින්ම පාස් වුන හෑටි

kandy-saratha-scores-181-marks-at-grade-5-scholarship-examමෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 181 ලබා ගනිමින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් අතරින් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට මහනුවර ඩී.එස් සේනානායක විදුහලේ සාරත පවිත් රාජපක්ෂ සිසුවා සමත්ව ඇත.

බ්‍රේල් ක්‍රමයට විභාගයට පෙනීසිට මෙම විශිෂ්ඨ ප්‍රතිපල වාර්තා කළ සාරත සිසුවා පාසැල් ගමන ආරම්භ කර ඇත්තේ දෙවන වසරේ සිටය.

වයස අවුරුදු 04 දී පෙර පාසැල් යමින් සිටියදී හිසේ ඇතිවූ ගෙඩියක් ශල්‍යකර්මයකට ලක් කිරීමෙන් අන්ධ භාවයට පත් සිසුවා අනාගතයේ විධායක ශේනීයේ රැකියාවක් අපේක්ෂාවෙන් පසුවෙයි.

මෙම දරුවාගේ දක්ෂතාව අගයමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය දරුවාව ඊයේ (05) පස්වරුවේ ආණ්ඩුකාර කාර්යාලයට කැඳවා රුපියල් 10000.00 ක මුදල් ත්‍යාගයක් ලබා දුන්නාය.

තම එකම සහෝදරියද ආබාධිත තත්ත්වයෙන් පසුවන බව පැවසූ සාරත සිසුවා තම අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකැර ගැනීමට මව පියා,පාසලේ ගුරුවරුන් මෙන්ම බිසෝ මැණිකේ මහත්මිය විශේෂ සහයක් ලබාදුන් බව පැවසීය.

මෙම අවස්ථාවට නියෝජ්‍යය අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්.එම් ජයරත්න,සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාථමික අධ්‍යාපන) දීපා අබේසිංහ,සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (විශේෂ අධ්‍යාපන හා උපදේශක ඩී.එම් ජයවර්ධන,විදුහල්පති විශේෂ අධ්‍යාපන ආදර්ශ විදුහල අම්පිටිය ආර්.රුවන් පතිරණ,මධ්‍යම පළාත් ආණ්ඩුකාර තිස්ස කරුණාරත්න,සහකාර ලේකම් ස්වර්ණා පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button