පළකල දිනය : Sat, Oct 8th, 2016

සිරියාව්‍ෙ බළලුන්ග‍ේ ජීවිත රකිනා මිනිසා

2012 වසර සිට යුද ගිනිදැල් වලට මැදිවුණු සිරියාවේ ඇලෙප්පො නුවර මේ වන විට දරුණුම ප්‍රහාරවලට ලක්වී ඇති නගරයක් වේ, 2005 වසර වන විට මිලයන 2.5ක්වූ ඇලෙප්පෝහි ජනගනහනය එන්න එන්ම පහළ යන්නේ නොනවත්වා පුපුරා යන ෂෙල් වෙඩි ප්‍රහාරය නිසාය. සිය දිවිගලවා ගැනීමට මේ වන විටත් ඇලෙප්පො නගරයෙන් පුද්ගලයන් 40,000ක් පමණ පලාගොස් තිබේ. මිනිසුන් දෙපයින් ගොස් සිය ජීවිත බේරා ගන්නා විට සිව්පාවුන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත අභිතව රැක ගන්නා මිනිසෙකු ගැන ඉකුත් දා වාර්තා විණි.

එහෙත් මරණ බිය පසෙකලා  මානුෂීය ලෙසින් සුන්දර හේතුවකට ඇලෙප්පෝ නුවරම රැඳුනු සුන්දර මිනිසෙකු ගැනය. හෙතෙම නමින්  මොහොමඩ් අලා අල් ජලීල් ය. වෘත්තියෙන් විදුලි කාර්මිකයෙකු වන ඔහු යුද්ධයේ ආරම්භයත් සමග ඇලෙප්පො නුවර ගිලන්රථ ධාවනය කරමින් වැඩිහිටි,තරුණ, ළමා මේ කොයිවුරුන්ගේ ජීවිත බේරාගැනීමට වෙර දරන්නෙකි.මේ  සුන්දර මිනිසා රකින්නේ යුද ගින්දැල් වලට කොටු වූ මිනිස් ජීවිතම පමණක් නොවේ.

2012 වසරේ සිට යුද්ධය නිසා සිය හාම්පුතුන් විසින් අත්හැර දමනු ලැබූ කෑමක් නොමැතිව අසරණවූ බළලුන් 20 දෙනෙකු වෙනුවෙන් කැපවූ ඔහු මේ අසරණ සරණ සේවාව දැන් වන විට ඇලෙප්පෝ නගරයේ සිටින බළලුන් 100ක් පමණ ඔහුගේ පිහිට ලබා සිටියි.යුද්ධයට කොටු වූ මෙම අසරණ සතුන් වෙනුවෙන් අල්ජලීල් විසින් Il Gattaro d’Aleppo නමින් ආරක්ෂිත ස්ථානයක් ද සකස් කොට ඇත.සිය අපූරු සගයන් ගැන අල්ජලීල් පවසන්නේ මෙලෙසිනි.

“Il Gattaro d’Aleppo මුලින්ම ආරම්භ කළේ පූසන් 20කින්. අවුරුද්දක් විතර යද්දි මෙහෙ පූසො 100ක් විතර… මිනිස්සු නගරෙ දාලා යද්දි, මෙම සත්තු මාව හොයං ආවා. මං පූසන්ට ගොඩක් ආදරෙයි කියල දන්න අයත් යන්න කලින් පූසො මගේ ළඟ තියල ගියා. හිතේ මිනිසුන්ට අනුකම්පාව ඇති අයට අනෙක් හැම ප්‍රාණයක් වෙනුවෙන්ම අනුකම්පාව තියෙනවා, මට මොනවා වුනත් ඔවුන්ගේ ජීවිතේ තිබෙන තුරාවට මම මේ සතුන් එක්ක ඉන්නවා ” යැයි ඔහු කියයි.සරල දිවිපෙවතක් ගත කරන අල් ජලීල් ආදරණීය බිරිදකට දයාබර ස්වාමිපුරුෂයෙකු වන අතරම සුරතල් දරුවන් තිදෙනෙකුගේ පියෙකු වේ. යුද්ධයේ රැදුරු බව දැන දැනම මනුෂ්‍යත්වයේ නාමයෙන් ඇලෙප්පෝ නගරය අතහැර නොයන බව සපථ කරන්නේය.

අල් ජලීල් වර්තමානයේ සමාජ ජාල වෙබ් අඩවි මගින් වැඩිපුර කතාබහට ලක්වන්නේ ද ඔහුගේ මේ අතිශය සංවේදීත්වය නිසාමය.ඔහු ගැන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ කතා කෙරෙන්නට පටන් ගන්නේද ඇලෙප්පෝවේ ජීවතවූ පසුව එහි යුද්ධය නිසා පලා ගිය ලෙබනන ජාතික යුවතියක වන ඇලෙක්සැන්ඩ්‍රා ඇබිඩින් නිසාවෙනි.ඇය විසින් ඉකුත් නොවැම්බර්යේ සිට ක්‍රියාත්මක කළ රසික පිටුවක් නිසා මේ වන විට අල් ජලීල් ගේ සද් ක්‍රියාව සමග අත්වැල් බැද ගනිමින් සිටී.

download image_0ba51452e9 image_285e16ce5a image_a7c6f9d343 image_a707b020eb

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button