පළකල දිනය : Thu, Oct 13th, 2016

පොලිසියට හැදියාව පෙන්වූ වීඩියෝවේ ඇත්ත නැත්ත හෙළිවෙයි

chillie-thilanka-remand-by-policeගායක චිලී විසින් පොලිස් නිලධාරීන්ට බැණ වැදුනු අවස්ථාවේ වීඩියෝව සම්බන්ධයෙන් මේ වන විට වෙනත් කතාවක් කරළියට පැමිණ තිබෙනවා. ඒ මෙම වීඩියෝව 2014 වසරේ සිදුවූ දෙයක් බවට වාර්තා වීමත් සමඟින්.

චිලී පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට පත්වීම හා මෙම වීඩියෝව අතර සම්බන්ධයෙක් නැතැයිද මේ වන විට වාර්තා වෙනවා.

ඒ අනුව 2014 වසරේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් හා පොලිස් නිලධාරීන් පිරිසක් විසින් චිලීගේ නිවසට ගොස් ඇත්තේ එහි ඩෙංගු පරීක්ෂාවක් සඳහායි.

පසුව උණ පදුරක් අසල මදුරුවන් බෝවිය හැකි අයුරින් තිබූ ටින් කිහිපයක් නිසාවෙන් ඔවුන්ට දඩුවම් නියම කිරීමට කටයුතු කරද්දී මෙම සිදුවීම සිදුව ඇති අතර ඒ අවස්ථාවේදීයි චිලී විසින් පොලිසියට පරුෂ වචනයෙන් බැණ වදින්නේ..

අනතුරුව මෙම නිළධාරීන් පිරිස එතැනින් ඉවත්වී ඇති අතර මදුරු කීටයින් බෝවන ලෙස ක්‍රියාකිරීම සම්බන්ධයෙන් 2014 මැයි මස 12දා කඩුවෙල උසාවියට නඩුවක් ගොනු කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

නඩු ගොනු කිරීමේදී මොවුන්ගේ සැබෑ නම් පවා සොයා ගැනීමට අපහුසූ වූ බවත් මොවුන් ඡන්ද හිමි නාමලේඛනයේ පවා ලියාපදිංචි වී නොතිබුණ බවත් ඔහු පැවසුවා.

කෙසේ වෙතත් පළමු නඩු දිනයට චිලී නැමැත්තාගේ හෝ ඔහුගේ පවුලේ කිසිවෙක් සහභාගී වී නැහැ.

අනතුරුව අධීකරණය විසින් ඔවුනට සිතාසි යැවීමට කටයුතු කොට ඇති අතර 2014 සැප්තැම්බර් මස 15 යෙදුණු දෙවන නඩු දිනයට ඔවුන් සහභාගී වි තිබෙනවා.

එහිදී ඔවුන් තම වරද පිළිගෙන තිබූ අතර උසාවිය විසින් ඔවුනට රු 3000 දඩයක් නියමකොට තිබෙනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය නිළධරයන්ට හා පොලීසියේ නිළරයන්ට පරුෂ වචනයෙන් බැණ වැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් නොගත්තේ මන්දැයි අප ඔවුන්ගෙන් ප්‍රශ්ණ කළා.

එහිදී ඔහු පැවසුවේ ‘‘ අපට නීතිමය ක්‍රියාමර්ග ගන්න ඕන තරම් තිබුණා.නමුත් එසේ කළා නම් අපට එතැනින් රාජකාරිය අවසන් කරන්නට සිදුවෙනවා.අපි ගියේ රාජකාරියකට.අපි අවශ්‍ය දේ දැනගත්තා.එතනින් එහාට යාමට අවශ්‍ය වූයේ නැහැ. එයාලගේ හැදියාව තමයි ඒ පෙන්නුවේ‘‘ යනුවෙනි.

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button