පළකල දිනය : Thu, Oct 13th, 2016

සුරෑපී ගායිකා Selena Gomez මත්ද්‍ර‍ව්‍යය භාවිතා කර රෝහල් ගතකරයි

selena-gomez-revival-promo-picසෙලීනා ගෝමස් (Selena Gomez) යනු රංගනයෙන් හා ගායනයෙන් තරැණ පරපුරේ ආදරය දිනාගත් තාරකාවක් වේ. ඇය පිළිබද විදෙස් මාධ්‍යය කනගාටුදායක පුවතක් සැලකර සිටියි.

එනම් තවමත් 24 වන වියේ පසුවන මෙම සුරෑපිනිය මත්ද්‍රව්‍යයට දරැනුලෙස ඇබ්බැහි වී ඇති බවයි. ඇය කලක් මත්ද්‍රව්‍යය භාවිතය හේතුවෙන් ඉන් මුදවා ගැනීම සදහා මාස දෙකක් පමන පුනරැත්ථාපන කදවුරක නේවාසිකව ප්‍රතිකාර ලබාගෙනද තිබේ.  වෛද්‍යය වරැන් පවසන්නේ ඇයට anxiety, panic attacks හා depression යන මානසික රෝගී තත්ව වලින් පෙලෙන බවයි.

මත්ද්‍රව්‍යය වලට දරැනු ලෙස ඇබ්බැහි වූ ඇය මේ වනවිට රෝගී තත්වයක් හටගැනීමනිසා රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.  ඇගේ නෑදැයන් හා හිතමිතුරන් පවසන්නේ ඇය රෝගී තත්වයෙන් සුවවී නැවත පැමිනියද ඇය නැවතත් මත්ද්‍රව්‍යය භාවිතා කරනු ඇති බවයි. සෙලීනා මීට වසර කිහිපයකට පෙර ජනප්‍රිය පොප් ගායක ජස්ටින් බීබගෙ පෙම්වතියව සිටියේය.

Selina gomez Selina gomez

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button