පළකල දිනය : Wed, Oct 19th, 2016

නිළියක්‌ වෙන්නට ගිය නිරංජලා කාමාතුරයෙක්ගේ ගොදුරක් වෙච්ච හැටි

ffffffඅපි ඇයට නිරංජලා යෑයි කියමු. නිරංජලා ගාල්ල නගරයට ආසන්න ගම්මානයක පදිංචිව සිටියාය. ඇය පහළොස්‌ හැවිරිදි වියේ පසුවූ දැරියකි. ඕ වයස තරමට වඩා හැදීවැඩුණු රූමත් දැරිවියක්‌ වූවාය. මේ දැරිවියගේ පියා මෙන්ම මවද විදේශතවී ඇත්තේ මීට වසර දහතුනකට පමණ ඉහතදීය. නිරංජලාගේ මව හා පියා වෙන්වී ඇති අතර කොටින්ම කිවහොත් නිරංජලාගේ පවුල බිඳුණු විසුරුණු පවුලකි. ඇය රැක බලාගත්තේ තම මිත්තනිය විසිනි. ඇයට එක්‌ සහෝදරයෙක්‌ද සිටියේය.

නිරංජලා මෙවර අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටියාය. ඇය තම සිරුර හැඩ වැඩ කරගැනීමට දැඩි කැමැත්තක්‌ දැක්‌වූවාය. ඇගේ එකම බලාපොරොත්තුව වී තිබුණේ රුපලාවන්‍ය ශිල්පිණියක්‌ වීමටය. මේ දැරිවියට රුපලාවන්‍ය ඉගෙන ගැනීමට තිබුණේ පුදුම උණකි. පිස්‌සුවකි. ඇය තම පාසලේ මිතුරු මිතුරියන්ටද මේ ගැන කීවාය. රුපලාවන්‍ය ශිල්පිණියක්‌ වෙලා මම කවදාහරි නිළියක්‌ වෙනවා. ඇය පිස්‌සුවෙන් මෙන් කියන්නීය. රුපලාවන්‍ය ඉගෙන ගන්න ඉස්‌සෙල්ලා ඕලෙවල් විභාගය කරගෙන ඉඳපන් නිරංජලාගේ මිතුරියන් ඇයට කීවාය.

නිරංජලා මෙවර සා.පෙළ විභායට පෙනී සිටින නිසා ඇය ගාල්ල නගරයේ පිහිටි උපකාරක පංතියකටද ගියාය. ˜‍නිරංජලා ඔයාට රුපලාවන්‍ය ශිල්පිය ඉගෙන ගන්න හොඳ කෙනෙක්‌ ඉන්නවා. එයා දක්‌ෂ රුපලාවන්‍ය ශිල්පියෙක්‌. ඔයාට පුළුවන් ඒයාගෙන් රූපලාවන්‍ය ශිල්පය ඉගෙන ගන්න උපකාර පංතියේ සිසුවකු ඇයට කිවේය. මේ වදන්පෙළ නිරංජලාගේ ඉහේ මලක්‌ පිපුනා වැනිය. ඉන්න මම ඔයාට එයාගේ දුරකථන අංකය දෙන්නම් උපකාරක පංතියේ දී හමුවූ සිසුවා නිරංජලාට කිවේය. අනේ මට දැන්ම එයාගේ දුරකථන අංකය දෙන්න නිරංජලා කීවාය. ඇය උපකාර පංතියට සහභාගිවී නිවසට ගොස්‌ ඒ දුරකථන අංකයට ඇමතුමක්‌ ගත්තාය. නිරංජලාගේ ඇමතුමට පිළිතුරු දුන්නේ පිරිමි අයෙකි. අනේ මට රුපලාවන්‍ය ගැන ඉගෙන ගන්න ඕන. මට උදව් කරන්න˜‍ නිරංජලා කිවාය.

ඕක සුළු දෙයක්‌ නේ. මම ඔයාට උදව් කරන්නම්. මගෙන් රුපලාවන්‍ය පමණක්‌ නෙවෙයි. නැටුම් ඉගෙන ගත්තු ළමුන් කොයිතරම් ඉන්නවාද එම පුද්ගලයා නිරංජලාට කිවේය. අපි හමුවෙලා මේ ගැන කථා කරමු මොහු කීවේය. අපි ඔහු සුසන්ත යනුවෙන් හඳුන්වමු. සුසන්ත හතලිස්‌ හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකි. ඔහුට හරිහමන් රැකියාවක්‌ නොතිබූ අතර බලි තොවිල් හා ශාන්තිකර්ම කිරීමෙන් ජීවිකාව කරගෙන ගියේය. සුසන්ත පදිංචිව සිටියේ හබරාදුව නගරයට ආසන්න ගම්මානයකය. ඔහු ගාල්ල නගරයේ පිහිටි පාසල්වලට ගොස්‌ නැටුම් උපදේශකවරයකු වශයෙන් ද පෙනී සිටියේය. එකී පාසල්වල පැවැත්වෙන විවිධ උත්සවවලදී නර්තන පුහුණු කටයුතු සඳහාද සුසන්ත සහභාගි වූයේය.

සුසන්ත නිරංජලාට අවස්‌ථා කිහිපයකදීම දුරකථන ඇමතුම් ගෙන ඇයත් සමඟ කථා කළේය. ඒ විතරක්‌ නොව මේ ළදබොළඳ දැරිවියගේ ක්‍රියා කලාපය ගැන සුසන්ත දින කිහිපයක්‌ නිරීක්‌ෂණය කළේය. මේ කෙළිපොඩ්ඩ නම් මට දැලේ දමා ගන්න පුළුවන්. ඒ ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. සුසන්ත යටි සිතින් කල්පනා කළේය. ˜‍හරි මම හඳුනන රුපලාවන්‍ය ශිල්පින් ගොඩක්‌ ඉන්නවා. ඒ විතරක්‌ නෙවෙයි. මා දන්න චිත්‍රපටි නිෂ්පාදකවරුන්ද ගොඩක්‌ ඉන්නවා. ඔයාට චිත්‍රපටියක රගපාන්න අවස්‌ථාවක්‌ ද ලබා දෙන්නම් අපි හමුවෙලා ඒ ගැන කථා කරමු. ඔයා උණවටුනට එන්න සුසන්ත කීවේය. තම සිරුර හැඩ වැඩ කරගෙන නිළියක්‌ වීමේ උන්මාදයෙන් පසුවූ නිරංජලා සුසන්තගේ ඉල්ලීමට එක පයින් කැමති වූවාය. හරි අයියේ මම එන්නම් නිරංජලා කීවාය.

දුරකථනයෙන් කථා බස්‌කොට තිබුණද මේ දෙදෙනා මීට පෙර හමුවී තිබුණේ නැත. සුසන්ත කියු වේලාවට නිරංජලා ද උණවටුනට පැමි‚යාය. දෙදෙනා පළමු වරට උණවටුනේ දි හමුවිය. ඔයා ලස්‌සන කෙළිපොඩ්ඩක්‌ නේ. ඔයාගේ බොඩිෂේප් එක මම නියමෙට හදලා ගන්නම්. ඒ විතරක්‌ නෙවෙයි ඔයා මම නිළියක්‌ කරනවා˜‍ සුසන්ත මේ ළදබොළඳ දැරිවියට චාටු බස්‌තෙපලමින් කිීවේය. නිරංජලාද සුසන්තගේ වදන් වලින් කුල්මත් වී සිටියාය. අපි හෝටලයකට ගිහින් මේ ගැන කථා කරමු˜‍ සුසන්ත කීවේය. අනේ ඇයි අපි හෝටලයකට යන්නේ අපි මෙහෙම ඉඳන් කථා කරමු නිරංජලා කීවාය. රූපලාවන්‍ය ගැන මෙහෙම කථා කරන්න බැහැ. ඔයාගේ බොඩි ෂෙප් එක හදන්න ඕන. තව කොච්චර දේවල් තියෙනවාද කියලා දෙන්න සුසන්ත කීවේය.

නිරංජලා හෝටලයට යැමට අකමැති වුවද සුසන්තගේ පෙරැත්තය හා බලකිරීම නිසාම ඇය සුසන්ත සමඟ හෝටලයට ගියාය. සුසන්ත විකෘති කාමාශාවකින් පෙලූ‍ණු අයෙකි. මේ කුඩා දැරිවිය හෝටලයට රැගෙන ගිය සුසන්ත ඇයව සිප ගනිමින් තම විකෘති කාමාශාවන් පිට කිරීමට උත්සාහ කළාය. මේ දැරිවිය ඉදිරියේ මෙකී නරුමයා නිරුවත් වූවාය. ඒ විතරක්‌ නොව ඇයට යම් බීම වර්ගයක්‌ පානය කිරීමට දුන් අතර එම බිම වර්ගය පානය කිරීමෙන් පසු මේ දැරිවියට සිදුවූ දෙය පිළිබඳ එතරම් මතකයක්‌ නොවීය. ඊට පසුදිනද සුසන්ත මේ දැරිවිය හෝටලයට රැගෙන ගියාය. එදින සුසන්ත නිරංජලා සමග කා බී දිය නා විනෝද වූවාය. මෙම දින දෙක තුළදී නිරංජලාට අතවරයකට ලක්‌නොවී මේ නරුමයාගෙන් බේරීමට හැකි වූවාය.

සුසන්ත අමුතුම ජාතියේ මානසික රෝගයකින් පෙළුණු නරුමයෙකි. ඔහු අත සැමවිටම රම්බෝ වර්ගයේ පිහියක්‌ද තිබුණි. හේ යන එන සෑම තැනකම වාගේ මෙම පිහිය රැගෙන යාමට පුරුදුව සිටියේය. මෙකී සිද්ධියෙන් දින දෙකකට පමණ පසු නිරංජලා තම මිතුරියන් පිරිසක්‌ සමඟ දුම්රියෙන් කළුතර ගියාය. කළුතර ගොස්‌ එනවිට සුසන්තගේ දුරකථන ඇමතුමක්‌ නිරංජලාට ලැබුණි. නිරංජලා මම අම්බලන්ගොඩට එනවා ඔයා කෝච්චියෙන් බහින්න සුසන්ත කිවේය. අනේ එක නම් මට කරන්න බැහැ. මම ගාල්ලෙන් තමයි බහින්නේ නිරංජලා කීවාය.

නිරංජලා එන තෙක්‌ සුසන්ත තම මිතුරකු සමඟ ගාල්ල දුම්රිය ස්‌ථානය අසලට වී මගරැක සිටියේය. ඔහු තම මිතුරා සමඟ පැමිණ සිටියේ හයිබි්‍රඩ් වර්ගයේ කාර් රථයකිනි. එම කාර් රථයේ තරුණ යුවළක්‌ද විය. නිරංජලා ගාල්ල දුම්රිය ස්‌ථානයට එනවිට සවස්‌ වී තිබුණි. සුසන්ත නිරංජලා කාර් රථයට දමා ගත්තාය. අතර මගදී කාර් රථයේ සිටි යුවළ කාර් රථයෙන් බැස ගත්හ. උඹ අද ඉඳලා මගේ මම කියන විදියට ඉන්න ඕන. සුසන්තගේ අත තිබු රම්බෝ වර්ගයේ පිහිය පෙන්වා නිරංජලාට තර්ජනය කළේය. කාර් රථය මාතර පාර දිගේ මාතර දෙසට ගමන් කරමින් ධාවනය වන්නට විය. මෙම සිද්ධියෙන් මේ දැරිවිය දැඩි තැතිගැන්මකට ලක්‌ව සිටියාය. කාර් රථය නතර කළේ අහංගම ප්‍රදේශයේ හෝටලයක්‌ ඉදිරියේය.

සුසන්ත නිරංජලා එම හෝටලයට රැගෙන ගියාය. මානසික රෝගියකු වූ මේ නරුමයා මේ දැරිවියගේ ඇඳුම් මොහු අත තිබු පිහියෙන් කපා ඉරා දැමුවේය. නිරංජලා මහ හයියෙන් කෑගැසුවාය. එහෙත් ඇයට මේ නරුමයාගෙන් එදින බේරීමට හැකිවූයේ නැත. මේ නරුමයා විසින් දැරිවියගේ. තන පටද පිහියකින් කපා දැමුවේය. නිරංජලා මහ හයියෙන් මොර දුන්නාය. මෙය කාමරය අසල සිටි හෝටල් සේවකයකුට ඇසී ඔහු මේ දැරිවිය බේරාගැනීමට උත්සාහ කළාය. එහෙත් පළක්‌ වූයේ නැත. සුසන්ත නැමති නරුමයා එම හෝටල් සේවකයාටද හොඳටම පහර දුන්නේය. නිරංජලා මෙකී හෝටලය තුළදී ඉතා අමානුෂික ලෙස මේ නරුමයා අතින් දූෂණයට ලක්‌වූවාය.

ඉන් පසු හෝටලයේ කාමර ගාස්‌තු පවා නොගෙවා මොහු මේ දැරිවිය රැගෙන හබරාදුව ප්‍රදේශයේ නිවසකට ගියේය. මුදල් නොගෙවූ නිසා මොහුගේ ජාතික හැඳුනුම්පත හෝටලයේ තබා ගැනීමට හෝටල් කළමනාකරු කටයුතු කළේය. එදින රාත්‍රි මොවුන් මෙකී නිවසේ ගත කළහ. මම ගේ ඇතුළේ කාමරයක නිදා ගන්නම්˜‍ නිරංජලා කීවාය. උඹ දැන් මගේ ගෑණි ගෑණියි මිනිහයි වෙනම ඉන්නවාද උඹ ඉන්න ඕන මාත් එක්‌ක˜‍ සුසන්ත කීවේය.

එදින රාත්‍රී මෙම දැරිවිය නිවසට නොපැමි‚ නිසා නිරංජලාගේ මිත්ත‚ය පොලිසියට ගොස්‌ පැමිණිල්ලක්‌ද දැමුවාය. පසුදින නිරංජලා නිවසට පැමි‚යාය. සුසන්තගේ බලකිරීම මත මිත්තනියට කියා පොලිසියේ දැමු පැමි‚ල්ල අස්‌කර ගැනීමට. කටයුතු කෙරිණි. මෙකී සිදුවීම් වී මාසයක්‌ පමණ ගෙවී ගියේය. ඉක්‌බිති සුසන්ත පිහියකුත් රැගෙන මෙම දැරිවිය සොයා ඇගේ නිවසට ගියාය. මේ පිළිබඳ පොලිසියට කිසිදු පැමි‚ල්ලක්‌ පවා ලැබී නොතිබුණි. පිහියකුත් තබාගෙන දැරිවියක්‌ ඉන්නවා පොලිස්‌ හදිසි දුරකථන ඇමතුම් අංශයට පැමි‚ල්ලක්‌ ලැබුණේ මේ අතරතුරය. ගාල්ල මුලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක උදය කුමාර මහතා වහා ක්‍රියාත්මක වී මොහු අත්අඩංගුවට ගනු ලැබීය. මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂකවරයා මොහුගෙන් මේ ගැන දිගින් දිගටම ප්‍රශ්න කළේය. මේ සිද්ධිදාමයේ සියලූ‍ තොරතුරු අනාවරණය කරගැනීමට උදය කුමාර මහතාට හැකිවිය. ඉන්පසු මේ පිළිබඳ වැඩිදුර පරීක්‌ෂණ පැවැත්වීම සඳහා ගාල්ල කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්‌ථානාධිපති අල්ගෙවත්ත මහත්මිය වෙත පැවරුවාය. ඇය දැරිවිය දුෂණය කරනු ලැබූ හෝටලය වෙත ගොස්‌ පරීක්‌ෂණ ආරම්භ කරනු ලැබීය. මේ සඳහා සොකෝ නිලධාරීන්ගේ සහයෝගයද ඇයට හිමිවිය.

මේ සඳහා අනුබල දුන් කාර් රථයේ රියදුරු, හෝටලයේ කළමනාකරු, කාර් රථයට අතර මගදී ගොඩ වූ යුවළ සහ තවත් කාන්තාවක්‌ පොලිස්‌ අත්අඩංගුවට පත්විය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button