පළකල දිනය : Wed, Oct 26th, 2016

හිරෙන් නිදහස් වුණු චිලි ගෙදර ගිහින් කරපු දේවල්

rrrනව පරපුරේ ගායකයකු වන ‘චිලී’ හෙවත් තිලංක විදූෂ ඊයේ දිනයේදී ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

පසුගියදා තලංගම, විජිතපුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව ඔහු පසුගිය 11 වැනිදා තලංගම පොලීසියට භාර වූ පසු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු ඊයේ දක්වා රිමාන්ඩ් කෙ‍රිණ.

ඊයේ සැකකරු උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේදී රුපියල් 10,000ක මුදල් ඇපයක් හා ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමටත්, සෑම මසකම අවසන් ඉරුදින තලංගම පොලීසියේ පෙනී සිටින ලෙසටත් නියෝග කළ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ලබන වසරේ ජනවාරී 24දාට මීළඟ නඩුදිනය කැඳවීමට නියෝග කරන ලදී.

කෙසේ හෝ ඔහු ඊයේ දිනයේ සිය නිවසට ගොස් ගන්නා ලද ඡායාරූප කිහිපයක් ෆේස්බුක් ගිණුමට දමා තිබෙනවා.2-30 3-33

  • 1.4K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button