පළකල දිනය : Sun, Oct 30th, 2016

මම ChatRoom නෑ BedRoom විතරයි

dilan_perera• ඔබ ජංගම දුරකතන කීයක් භාවිත කරනවාද?
එකයි.
• ජංගම දුරකතනයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වෙනවාද?
නෑ. මගේ ජංගම දුරකථනය ඉතාම සිම්පල්. ටච් නෑ. වයිබර් නෑ. අන්තර්ජාලය නෑ.

• ජංගම දුරකතනයෙන් සෙල්ෆි හෝ වෙනත් ඡායාරූප ගන්නවාද?
නෑ. සෙල්ෆි නෑ. ඩසාැද නෑ. මගේ ෆෝන් එකේ තියෙන්නේ ටෙලිෆෝන් සහ SMS පහසුකම් විතරයි.

• ගන්නා ඡායාරූප අන්තර්ජාලයට, විශේෂයෙන්ම ෆෙස් බුක් Upold කරනවාද?
නෑ. මගේ ෆෝන් එකෙන් අන්තර්ජාලයට යන්න බැහැ. රුපියල් 8000ක විතර පරණ ෆෝන් එකක් තියෙන්නේ. ස්මාර්ට් ෆෝන් එකක් නෙමෙයි.

• ජංගම දුරකතනයක් මිල දී ගන්නා අවස්ථාවේදී එහි Brand එක ගැන සැලකිලිමත් වෙනවාද?
මම Nokia ගන්නවා. ඒ Brand එකේ පරණ ෆෝන් එකට මම කැමතියි. මම Nokia Brand එකටත් ආදරෙයි. පරණ ෆෝන් එකටත් ආදරෙයි. මම පරණ බඩුවලට ආස බදුල්ලේ ගොඩයෙක්.

• වැඩියෙන් භාවිත කරන්න කැමැති laptop ද? desktop ද?
desktop එකකුත් නෑ. laptop එකකුත් නෑ.

• අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න වැඩියෙන්ම භාවිත කරන්නේ පරිගණකයද? ජංගම දුරකථනයද?
අන්තර්ජාල භාවිතයක් නෑ. කාර්යාල වැඩවලට විතරක් කාර්යාලයේ පරිගණක භාවිතා කරනවා.

• facebook භාවිත කරනවාද?
facebook ඉන්නවා. ඒ කාර්යාල වැඩ සඳහා පමණයි. මගේ facebook ගිණුම මට වඩා භාවිත කරන්නේ මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය තමයි.

• දවසකට පැය කීයක් අන්තර්ජාලයේ විශේෂයෙන්ම facebook එකේ ගත කරනවාද?
නෑ. අන්තර්ජාලයේ කාලය ගතකරන්නේ නෑ.

• facebook භාවිත කරන අවස්ථාවලදී Chat කරනවාද?
Chat කරනවා ෆෝන් එකෙන්. තව… කවුරුහරි හම්බවුණාම ජය්එ කරනවා. ඒ ඇරෙන්න මම ChatRoom නෑ. BedRoom විතරයි.

• ඊ-මේල් ගිණුම් කීයක් ඔබ සතුද?
දෙකයි. එකක් මගේ පෞද්ගලික එක. අනික ඇමතිවරයාගේ නිල ඊ‍ මේල් එක.

• වෙබ් අඩවිවලින් ප්‍රවෘත්ති බලනවාද?
බලන්නේ නෑ. මොකද වෙබ්වල තියෙන්නේ තනිකර මඩ.

• දිනකට පැය කීයක් රූපවාහිනිය බලනවාද?
රූපවාහිනිය සාමාන්‍යයෙන් වෙලාව තියෙන විදිහට බලනවා. පැය එකහමාරක් වගේ. News තමයි බලන්නේ. CNN, BBC බලනවා. ඉන්දියන් news බලනවා.

• රූපවාහිනියට අලූ‍තින් එක් වෙලා තිඛෙන peo tv,picture and picture, recording වැනි නව තාක්ෂණික අංග භාවිත කරනවාද?
peo tv. news බලන්න භාවිතා කරන්නේ ඒක තමයි.

• power bank, blue tooth, hands free වගේම තවත් නොයෙක් ගැජට් අද වෙළෙඳපොළේ තිඛෙනවා. ඔබ මෙවැනි ගැජට් භාවිත කරනවාද?
ඒ ගැජට් මට නෑ. power bank තියා band එකක්වත් නෑ. මට තියෙන්නේ blue tooth විතරයි. tooth නෑ. තියෙන්නේ මගේ tooth විතරයි.

• තමන්ගේ තාක්ෂ‚ක භාවිතය ගැන ඔබට මොකද හිතෙන්නේ?
මම නවීන තාක්ෂණයට ඉතාමත් ගරු කරනවා. නවීන තාක්ෂණයෙන් ප්‍රයෝජන ගත යුතුයි කියලා විශ්වාස කරනවා. මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය හරහා තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්නවා. ඒත් මම බදුල්ලේ ඉපදිච්ච පරණ මිනිහෙක් විදිහට නවීන තාක්ෂණය භාවිත කරන්න බයයි. නමුත් කාර්ය මණ්ඩලය හරහා තාක්ෂණයෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න කෙනෙක්. මම හිතනවා නව පරපුර නවීන තාක්ෂණයෙන් ගොඩක් ප්‍රයෝජන ගතයුතුයි කියලා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button