පළකල දිනය : Mon, Oct 31st, 2016

අග්‍රාමාත්‍යය රනිල්ට එරෙහිව අල්ලස් පැමිනිලි

අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාට හා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහත්වරැන්ට එරෙහිව අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිසමට පැමිනිලි ගොනුකර තිබේ.

මහබැංකු බැදුම්කර වංචා සිද්ධියට අග්‍රාමාත්‍යයවරයාද සම්බන්ධ බව පවසමින් මෙම පැමිනිල්ල අද (31) ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීපිරිසක් අල්ලස් කොමිසමේ ගොනුකර තිබේ.

මෙම පැමිනිල්ල ගොනුකර තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් වන අතර මෙම අවස්ථාවට කෙහෙලිය රඔක්වැල්ල,බන්දුල ගුණවර්ධන,ජනක බණ්ඩාර,මහින්දානන්ද අලුත්ගමගේ ඇතුලු මන්ත්‍රී වරැන් 11 දෙනෙකු පැමිණ සිටියා. පැමිනිල්ල ගොනු කිරීමෙන් පසු වාසුදේව නානායක්කාර මහතා මාධ්‍යයට ප්‍රකාශ කලේ මහබැංකු බැදුම්කර වංචා සිද්ධියට අග්‍රාමාත්‍යය වරයා සම්බන්ධ බවට සහතික බවයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button