පළකල දිනය : Thu, Nov 3rd, 2016

ශ්‍රී පාදය ආසන්නයේ ඇති පීක්ෆීල්ඩ් වතුයායේ ඇත්ත කතාව දර්ශන සහිතව

the-proposed-resort-area-6නල්ලතන්නි පොලිස් වසමට අයත් පික්ෆිල්ඩි වතුයායේ ඉදිකිරිමට යෝජිත නිවාඩු නිකේතන භූමිය හා එම වතුයාය නැරඹිමට එම වතුයායේ පාලන අධිකාරිය මගින් අවස්ථාව ලබා දෙනු ලැබුවා.

නල්ලතන්නිය නගරයේ සිට කිලෝ මිටර් දහයක් පමණ එපිටි වු මාවුස්සාකැලේ ජලාශයට ගලා බසින ගාඩිමෝර් දිය ඇල්ල සහ මරේ දිය ඇල්ලට ඉදිරියෙන් මෙම නිවාඩු නිකේතනය ඉදිකිරිමටයි එම වතුයාය අයිති සමාගම විසින් අඹගමුව ප‍්‍රාදේශීය සභාව මගින් අවසර ගෙන ඇත්තේ.

ඩුබායි රාජ්‍යයේ අයිතිකරුවෙකුට අයත් මෙම ඉඩම තුන්වන ගැනුමිකරු ලෙස මීට සිවි වසරකට ප‍්‍රථම නව අයිතිකරු විසින් ලබා ගත් බවත් ඔහු ඇතැමි අවස්ථා වල හෙලිකෝප්ටර් මගින් පැමිණෙන නිසා ගුවන් පථයක්ද ඉදිකළ බවයි එම වතුයායේ වතු අධිකාරි දිෂාන් සෙනවිරත්න මහතා පවසන්නේ.

ඇතමුන් පවසන ආකාරයට ශ්‍රීපාදය ආසන්නයේ හෝ ශ්‍රීපාදස්ථානයට අවමන් කිරිමේ පරමාර්ථයෙන් මෙම නිවාඩු නිකේතනය ඉදිකිරිමට සැලසුමි කර නොතිබු බවයි වතුඅධීකාරිවරයෙ පවසන්නේ.

නව නිවාඩු නිකේතනයක් ඉදිකිරිම සදහා තිබු පැරණි නිවාඩු නිකේතනය කඩා ඉවත් කළ බවයි ඔහු පවසන්නේ.

මෙම නිවාඩු නිකේතනය ඉදිකිරිමට විරුද්ධ වන ඔිනැම අයෙකුට තම වතුයායට පැමිණ පරික්‍ෂා කර බැලිය හැකි බවද දිෂාන් සෙනවිරත්න මහතා පවසනවා.

පාදස්ථානය රත්නපුර දිස්ත්‍රික්කයට අයත් වන අතර තම සමාගම විසින් ඉදිකිරිමට යෝජිත නිවාඩු නිකේතනය ඉදිකිරිමට සැලසුමි කර ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ බවත් ඒ තුලින් එම නිවාඩු නිකේතනය ශ්‍රීපාදස්ථානය පාදක කර ගනිමින් විරුද්ධ වන්නේ කුමන පදනමින්ද යන්න වතු අධිකාරිවරයා ප‍්‍රශ්න කර සිටිනවා.

මධ්‍යම පරිසර අධිකාරිය මගින් තමන්ට මේ වන තෙක් ලිඛිතව ඉදිකිරිමට යෝජිත නිවාඩු නිකේතනය වැඩ ආරමිභ නොකරන ලෙසට දැනුමි දි නොමැති බවද වතු අධිකාරිවරයා වැඩි දුරටත් පවසනවා.

 

 

 

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button