පළකල දිනය : Fri, Nov 4th, 2016

දරුවාට දිවි දී ජීවිතයට සමු දුන් ආදරණීය මාතාවගේ අනුවේදනීය කතාව

gossip-10මවක් දරුවෙකුට දක්වන ආදරය කෙතරම් ද යන්න වචනයෙන් කියා නිම කරන්නට නෙහැකි තරම්.

තම දිවි කැප කර, තමා නිරාහාරව සිට දරුවන්ගේ කුසගින්න නිවන අම්මාලා අපි සමාජය තුළ දැක තිබේ.

තම පුතු මෙලොවට සුරක්ෂිත ලෙස බිහි කිරීමට අවශ්‍ය වුණු නිසා සිය ජීවිතය පිළිබඳව නෙතැකූ මවක පිළිබඳව ලන්ඩනයෙන් වාර්තා වේ.

ලන්ඩනය වුවද මේ කඳුළු කතාවේ කතා නායිකාව අන් කවරෙකුත් නොව කථානායක කරු ජයසූරිය මහතාගේ දියණිය ඉන්දිරා ජයසූරිය යි.

පියයුරු පිළිකාවකින් පෙළුණු ඇය වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා නොගන්නේ, තම කුස තුළ සිටින පුතුට ඉන් බලපෑමක් සිදු වේවි යන සිතුවිල්ල නිසාවෙනි.
මීට වසර 2කට පෙර ද ඇය පියයුරු පිළිකාවකින් පෙළුණු අතර ඒ සඳහා ඇය එම කාලය තුළදී ප්‍රතිකාර ලබා ගෙන තිබිණි.

නමුත් යළිත් වරක් පිළිකාව ඉස්මතු වන විට ඇය සති 28ක ගැබිණියක් වී හමාර ය.
සිසේරියන් සැත්කමක් මගින් දරුවා බිහි කිරීමට හැකියාව තිබුණත් ඇය එලෙස නොකරන්නේ, දරුවා තවමත් කුස තුළ නිසි අයුරින් වැඩී නොතිබුණු නිසාවෙනි.
කෙසේ වෙතත් වෛද්‍ය උපදෙස් මත සති 33කට පසු සිසේරියන් සැත්කමක් මගින් ඇය දරුවා බිහි කළා ය.

ඉන්දිරා ජයසූරිය මහත්මිය දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අතර ඇය ඊයේ සදහටම දෙනෙත් පියා ගත්තා ය.

මිය යන විට ඇයට වයස අවුරුදු 40කි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button