පළකල දිනය : Mon, Nov 7th, 2016

ණය හිලව්වට මහ පාරට ජීවිතය සින්න කළ තමරා

n18-1-1තමරා තිස්‌හත් හැවිරිදි වියේ පසුවූ සුරූපි කාන්තාවකි. ඇගේ උපන්ගම කුරුණෑගල දඹදෙ‚ය ප්‍රදේශයයි. තමරා පවුලේ එකම දියණි
ය වූවාය. ඇයට යාන්තම් වයස අවුරුදු තුන සපිරෙද්දී ඇගේ මව ඇය හැරදමා යළි නොඑන ගමනක්‌ ගියාය. මේ නිසා කුඩා කාලයේම තමරාට මව් සෙනෙහස හා ඇගේ රැකවරණය අහිමිවන්නීය. මේ නිසා කුඩා කාලයේ සිට ඇය හැදී වැඩුණේ තම පුංචි අම්මාගේ රැකවරණය යටතේය.

කුඩා කාලයේ සිටම වයසට වඩා පෙනුමක්‌ තමරා තුළ දක්‌නට ලැබුණාය. ඇය අකුරු කිරීමට ගියේ ගමේ පාසලටය. පවුලේ තිබු නොයෙකුත් ආර්ථීක ප්‍රශ්න නිසා ඇයට වැඩිදුර අධ්‍යාපනයක්‌ ලැබීමට නොහැකි වූවාය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ඇගේ අධ්‍යාපන කටයුතු වලට තිත තැබුණි
.

මේ කාලයේ දී තමරා සුන්දර යොවුන්වියේ පසු වු තරු‚යකි. ඇයටත් ආදරය ප්‍රේමය නොදැනුනා නොවේ. තමරා දෙස එක්‌වරක්‌ බැලූ‍ තරුණයකුට ඇය දෙස දෙවරක්‌ බැලීමට තරම් ඇය රූමතියක්‌ වුවාය. කොටින්ම කිවහොත් ඇගේ සම වයසේ පසවු තරුණයින් තමරාගේ රුපයට වශිවී සිටියහ.

තමරාගේ ජීවිතයේ සුන්දරම කාලයේ දී ඇගේ පියා මිය ගියේය. ඒ 96 වර්ෂයේ දිය. කුඩා කාලයේ දී තම මව අහිමි වූ තමරාට පියාගේ වියෝවය දරාගැනීමට නොහැකි වූවාය. ඇය මවත් පියාත් අහිමි තරු‚යක්‌ ලෙස මේ ලොව තනිවූවාය.

මේ කාලයේදී තමරාගේ ජීවිතයට තරුණයකු එබිකම් කරමින් සිටියේය. ඔහු කුරුණෑගල ප්‍රදේශයේ තරුණයෙකි. තමරා මෙම තරුණයා සමඟ පෙමින් බැඬෙන්නීය. ඔහුට අපි විමල් යෑයි කියමු. විමල්ද කඩවසම් තරුණයෙකි. කාලය කෙමින් ගෙවි ගියේය. මේ දෙදෙනා අතර දළුලා වැඩෙමින් තිබූ ප්‍රේමයේ උච්චතම අවස්‌ථාවට පැමිණ තිබුණි
. තමරාත් විමලූ‍ත් පවුලේ ඥාතීන්ගේ ආශිර්වාදය මත යුග දිවියට පිවිසෙන්නේ මේ අතර තුරේදීය.

විමල්ට දාව තමරාට දුවෙක්‌ හා පුතෙකු ලැඛෙන අතර කෙටි කාලයක්‌ තුළදී තමරාගේ පවුල් ජීවිතය නොයෙකුත් හැල හැප්පීම්වලට ලක්‌වෙන්නීය. ඒ වනවිට මේ දෙදෙනාගේ ආදරය පෑලදොරෙන් පලාගොස්‌ තිබුණි
. තමරා හා විමල් අතර නිරන්තරයෙන්ම පාහේ ගැටුම් ඇතිවිය. විමල්ට තමරා රුස්‌සන්නේ නැති තත්ත්වයටත් තමරාට විමල් රුස්‌සන්නේ නැති තත්ත්වයටත් මොවුන්ගේ පවුල් ජීවිතය පත්විය. විමල් දරු දෙදෙනා සහ තමරා හැරදමා යන්නේ මේ අතරේය. ඉන්පසු විමල් වෙනත් කාන්තාවක්‌ සමග දිග කන්නේය. තමරාට එය දරා ගැනීමට නොහැකි වූවාය.

තමරා ජීවිතයේ දෙවැනි වතාවටත් දරු දෙදෙනා සමග තනි වන්නීය. ඇයට තම දරු දෙදෙනා ජීවත් කිරීම සඳහා දැඩි අරගලයක නිරත වීමට සිදුවුවාය. ඇය ඒ වනවිටත් ප්‍රශ්න ගොඩකට මැදිව සිටියාය. තමරා රැකියාවක්‌ සොයා ගැනීම සඳහා නොගිය තැනක්‌ නැත. මේ අතරේ තමරාට තම මිතුරියක්‌ හමුවන්නීය. මම ඔයාට හොඳ රැකියාවක්‌ හොයලා දෙන්නම් වැඩිය මහන්සිවෙන්නේ නැතිව සල්ලි හම්බකරන්න පුළුවන් ඇය තමරාට කිවාය.

අනේ කියන්න බලන්න ඒ රැකියාව මොකක්‌ද කියලා තමරා ඇගෙන් ඇසුවාය. මසාඡ් ක්‌ලිනික්‌ එකක තමයි රැකියාව කරන්න තිෙ යන්නේ. කරන්න ඕන සියලූ‍ දේවල් මසාඡ් ක්‌ලිනික්‌ එකේ මහත්තයා කියලා දේවි. මිතුරිය තමරාට කිවාය. මෙම රැකියාවට යාමට තමරා මුලදී කැමති වූයේ නැත. තමරාට කිරීමට කිසි දෙයක්‌ ඉතුරුවී තිබුණේ නැත. නුවර ප්‍රදේශයේ මෙම මසාඡ් ක්‌ලිනික්‌ ආයතනය පිහිටා තිබුණේය. මගේ දුවයි පුතයි පුංචි අම්මා ළඟ තියලා මම මසාඡ් ක්‌ලිනික්‌ එකේ රැකියාවට යනවා තමරා අවසානයේ තීන්දු කළාය.

තමරා මසාඡ් ක්‌ලිනික්‌ ආයතනයේ රැකියාවට නුවර ගියාය. ඇය සතියකට එක්‌ වතාවක්‌ නුවර සිට කුරුණෑගල එමට පුරුදුව සිටියාය. ඒ පුංචි අම්මා ළඟ හැදීවැඩෙන දරු දෙදෙනාගේ සුවදුක්‌ බැලීම සඳහාය. ඇය, විවිධ ජාතියේ පුද්ගලයින්ගේ සිරුරු මසාඡ් කොට හොයා ගන්නා සොච්චම් මුදලින් දරු දෙදෙනා ජීවත් කිරීමට කටයුතු කළාය.

මේ අතරේ මුස්‌ලිම් තරුණයෙකු හඳුනා ගැනීමට තමරාට හැකි වූවාය. හේ මසා- ක්‌ලිනික්‌ එකට ආගිය අයෙකි. ඔහු තමරාට ආදරය කළේය. මම කැමතියි ඕයා කසාද බඳින්න. ඔයාට මම පිහිට වෙන්නම්. ඔයාට පුළුවන් මේ අපායෙන් මිදෙන්න ඒ මුස්‌ලිම් තරුණයා තමරාට බලපොරොත්තු ගොන්නක්‌ ලබා දුන්නේය. තමාරද මේ තරුණයාගේ බහට කැමති වූවාය. පසුව මේ දෙදෙනා මිගමුව ප්‍රදේශයේ කුලි කාමරයක පදිංචි වූවාය. මේ සම්බන්ධයත් සමඟ තමරා දරු දෙදෙනා බැලීමට කුරුණෑගලට ගියේ ඉඳහිටය. එහෙත් මුස්‌ලිම් තරුණයා තමරා විවාහ කරගත්තේ නැත.

මේ අතරතුරේ තමරා ගැබ් ගෙන සිටියාය. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මට විදේශ ගතවෙන්න අවස්‌ථාවක්‌ ලැබිලා තියෙනවා. එක්‌ලක්‌ෂ අසූදහසක්‌ විතර මුදලක්‌ හිඟයි. පුළුවන් නම් මට ඒ මුදල හොයලා දෙන්න මොහු තමරාට කීවේය. විදේශතවුණාට පස්‌සේ මට ඒ මුදල එවන්න පුළුවන් ඒ විතරක්‌ නෙවෙයි ඔයාට ලැඛෙන්න ඉන්න දරුවත් සමග අපට සැපවත් ජවිතයක්‌ ගතකරන්න පුළුවන් මුස්‌ලිම් තරුණයා කීවේය.

ඉතින් මම කොහොමද රුපියල් එක්‌ලක්‌ෂ අසුදහසක මුදලක්‌ හොයන්නේ. තමරා මේ ගැන මුමුණමින් දස අතේ කල්පනා කරන්නට වූවාය. තමරා කුලියට හිටපු නිවසේ අයටත් මේ ගැන කියන්නට වූවාය. අවශ්‍ය මුදල පොලියට ලබාදීමට කුලී නිවැසියන් කැමතිවූවාය. මේ වනවිට තමරාගේ දරු ගැබට මාස අටක්‌ පිරි තිබු‚.

නැවත වතාවක්‌ තමරා දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියාය. ඔහු විදේශතවුණා. නමුත් ගියා ගියාමයි ඔහු ගැන කිසිදු තොරතුරක්‌ නැහැ. මට වුණේ වඳින්න ගිය දේවාලයේ හිසේ කඩා වැටුණා වගේ දෙයක්‌. තමරා කුලී නිවැසියන්ට කීවාය.

එවා හරියන්නේ නැහැ මොනවා කරලා හරි අපේ ණය මුදල ගෙවන්න ඕන කුලී නිවෙස්‌ හිමියා තර්ජනාත්මක ස්‌වරූපයෙන් තමරාට කීවේය. කුලි නිවැසියන් විසින් තමරාට නොයෙකුත් හිරිහැර කරන්නට විය. දරුවෙකු ලැඛෙන්න හිටියත් බැරිම තැන තමරා නුවර මසාඡ් ක්‌ලිනික්‌ ආයතනයට යළී රැකියාවට ගියාය. එහෙත් තමරා මෙම ආයතනයේ මුදලාලි භාරගත්තේ නැත. බඩ දරු අම්මලා ගනුදෙනුකරුවන් ගන්නේ නැහැ. ඔයාට මෙතන රැකියාව කරන්න බැහැ මසාඡ් ක්‌ලිනික්‌ එකේ මහත්තයා තමරාට කිවාය.

අනේ මට අනුකම්පා කරන්න. මම එක්‌ලක්‌ෂ අසූදහසක්‌ ණයයි. ඒ ණය ගෙවන්න ඕන. මට මෙතන රැකියාව කරන්න ඉඩ දෙන්න ඇය හඩමින් කීවාය. තමරාට මසාඡ් ක්‌ලිනික්‌ ආයතනයේ රැකියාව කිරීමට අවස්‌ථාව ලැබුණද ඇය කිසිදු ගනුදෙනුකරුවකු විසින් මිලදි ගත්තේ නැත. ඇයට සොච්චම් මුදලක්‌ මෙකී ආයතනයෙන් ලබාදීමට කටයුතු කෙරිණි. මේ අතරේ තමරා දරු ප්‍රසුතිය සිදු කළාය. ඇය දිය‚යකි. නමුත් තමරාට කුලී නිවෙස්‌ හිමියාගේ හිංසා වලට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වූවාය. මොනවා හරි කරලා සල්ලි හොයාගෙන වරෙන්. අපෙන් ගත්තු ණය මුදල ගෙවලා දමන්න. එක්‌ දිනක්‌ කුලි නිවෙස්‌ හිමියා විසින් තමරා නිවසින් එළියට ඇද දැමුවේය. මේ නිසාවෙන් තමරා මාස එකහමාරක්‌ පමණ සිඟමන් යදිමින් ජීවිකාව කරගෙන ගියාය.

තමරාට මාස දෙකක්‌වත් දරුවාට කිරී දීමට නොහැකි වූවාය. කුලී නිවෙස්‌ හිමියා විසින් තමරා ඔහුගේ ග්‍රහණයට ගෙන සිරකරගෙන සිටියේය. දරුවාට මාස දෙකක්‌ වෙද්දී තමරා නැවත නුවර මසාඡ් ක්‌ලිනික්‌ ආයතනයේ රැකියාවට ගියාය.

දරුවා රැකබලාගැනීමට අසල්වැසි කාන්තාවකට පැවරුවාය. ඇයට දිනකට ඒ වෙනුවෙන් රුපියල් 500 ක මුදලක්‌ දීමට පොරොන්දු විය. ලබාගත්තු ණය මුදල සඳහා රුපියල් 22500 ක මාසික පොලි මුදලක්‌ ගෙවිමට තමරාට සිදු වූවාය.

මේ අතර මසාඡ් ක්‌ලිනික්‌ ආයතනයේ දී හමුවූ මිතුරියක්‌ තමරාට දුරකථන අංකයක්‌ ලබාදී මෙසේ කීවාය.

මසාඡ් කරලා උඹට කවදාවත් ඔය ණය මුදල ගෙවන්න වෙන්නේ නැහැ. මේ අංකයට කථා කරලා සම්බන්ධ වෙන්න. පසුව තමරා ඒ දුරකථන අංකයට කථා කළාය. එක ගාල්ලේ මකුළුවේ පිහිටි ගෙස්‌ට්‌ හවුස්‌ එකකි. මිට මාස දෙකකට පමණ පළමු වතාවට තමරා එම ගෙස්‌ට්‌ හවුසියට පැමිණියාය. තමරාට එක ගනුදෙනුකරුවෙක්‌ වෙනුවෙන් ගෙවනු ලැබුවේ රුපියල් 1000 ක මුදලකි. රුපියල් 1500 ක මුදලක්‌ මෙකී ගණිකා මඩම පවත්වාගෙන යන අය විසින් ලබාගනු ලැබීය. එක දිනකට ගනුදෙනුකරුවන් හය හත් දෙනෙකු සමග යහන්ගතවීමට තමරාට සිදුවූවාය. මෙකී ගනුදෙනු කරුවන් සමග යහන්ගත වී ණය මුදල ගෙවීමට තමරා දැඩි අරගලයක නිරත වූවාය. ඇය. මේ ගෙස්‌ට්‌ හවුසියේ වැඩි දින ගණනක්‌ එක දිගට නවාතැන් ගෙන සිටින්නේ නැත. දින දෙක තුනක්‌ සිට වෙනත් තැනකට යන්නීය.

මේ අයුරින් වාරියපොළ, මාතලේ, ආදී ප්‍රදේශවල ග‚කා මඩම්වලට ගොස්‌ තම ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සේවාව ලබා දීමට තමරා පුරුදු වි සිටියාය. ඇය දෙවැනි වතාවට මකුළුවේ ගෙස්‌ට්‌ හවුසියට පැමිණ ගතවූයේ එක දිනකි. පළමු දිනයේම ගනුදෙනුකරුවන් හය දෙනෙකු ඇගෙන් සේවය ලබා ගත්තාය. ඊට පසුදින උදෑසන එක්‌ ගනුදෙනුකරුවෙක්‌ ඇයගෙන් සේවය ලබා ගෙන තිබුණාය.

මකුළුවේ පවත්වාගෙන යන මෙකී ගණිකා මඩම මීට පෙරද පොලිසිය විසින් වටලා තිබුණි. ගාල්ල කොට්‌ඨාස දුෂණ මර්දන අංශයේ පොලිස්‌ සැරයන් 58835 සම්පත් ට මේ ගැන යළි තොරතුරු ලැබි තිබුණි. හේ ඉතා සුක්‌ෂම ලෙස මෙකී ගණිකා මඩම වැටලීමට සැලසුම් කළේය. පොලිසියේ නිලධාරියකු උපාය දුතයකු ලෙස මෙකි ගණිකා මඩමට පිටත් කර යවනු ලැබිය. තමරා මෙම උපාය දුතයාට සිය සේවාව ලබා දීමට සූදානම් වෙද්දී පොලිසිය විසින් ඇය කොටු කරගනු ලැබිය.

මා මේ වෘත්තිය කරගෙන ගියේ ණය ගෙවන්න හා දරුවා රැක බලා ගන්න. ඇය පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කළාය. ඇය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්‌ෂිත බන්ධනාගාරගතකොට ඇති අතර සමාජ රෝග පිළිබඳ වාර්තාවක්‌ කැදවන ලෙස නියෝග කොට තිබේ. ගාල්ල පොලිසියේ කොට්‌ඨාස දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති පී. පී. ඩී. විඡේසිංහ, පො. කො. 10529 ප්‍රියන්ත, පො. කො. 46002 ප්‍රියන්ත, ක. පො. රි. 22379 කුමාර හා කා. පො කො. 2315 නිසංසලා යන නිලධාරීන් පරීක්‌ෂණවලට සහාය වූහ.

ගාල්ල ලලිත් චාමින්ද

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button