පළකල දිනය : Sat, Nov 12th, 2016

තමන්ගේ මුදලින් සුපිරි වාට්ටුවක් තනා ස්නායු රෝගීන්ට ප්‍රතිකාර කරන අපුරු මිනිසා

මිනිසුන් අතර නොමිනිසුන් සිටියද උත්තම ගණයේ මිනිසුන් ද සිටින බව අප දන්නා කරුණක්.

වෛද්‍යවරුන් අතර සිටින එවැනි චරිතයක් පිළිබඳව අප වෙත වාර්තා වුණේ මහනුවර රෝහලෙන්.

තමන්ගේම මුදලින් ස්නායු සම්බන්ද සියළුම රෝගීන් සඳහා වාට්ටුවක් සාදා මිනිසුන් සුවපත් කරන මේ වෛද්‍යවරයා එම රෝහලේම සේවය කරන ස්නායු විශේෂඥවරයායි.

නමින් සිරිවර්ධන නම් වන මෙම වෛද්‍යවරයා සියළුම රෝගීන් සැත්කමට භාජනය කිරීමට ප්‍රථම ඔවුන් ලවා නෙළුම් මල් පුජා කොට පන්සිල් සමාදන් කරවීම පිළිවෙතක් ලෙස මෙම වාට්ටුව තුලදී අනුගමනය කරණු ලබන බවයි රෝහල් සේවකයන් සඳහන් කළේ.

රුපියල් කෝටියකට වඩා වැය කරමින් මෙවැනි සත්කාරයක් කිරීමට ඔහු අපේක්ෂා කර ඇත්තේ නිදහස් පරිසරයක් රෝගීන්ට සැකසීමේ අරමුණ ඇතිවයි.

“මට හිතුන පරිසරය මිනිසුන්ව සුවපත් කරනවා කියලා.මට ඕනි වුණා නිදහස් පරිසරයක් රෝහල තුළ හදන්න. ගෙදර වගේ පරිසරයක් තිබුණොත් රෝහල තුළත් එයාලගේ ලෙඩ ඉක්මනින් සුව වෙයි කියලා මට හිතුනා. මට අවශ්‍ය වුණේ එයාලා රෝහලක් තුළ ඉන්නේ කියන අවදානය කඩන්න.”

තමන්ගේ අරමුණ පැහැදිලි කළේ එලෙසයි.

“මට ඕනි මම නැති කාලෙක වුණත් පිරිසිදුව මේ වගේ වාට්ටුව තියෙන්න. අපිට අවශ්‍ය වෙනවා දැනට CT Scan යන්ත්‍රයක්. ඒක තමයි මගේ හීනය. තව රෙදි සෝදපුවහම රෙදි මදින්න iron එකක් අවශ්‍ය කරලා තියනවා . iron එක නම් දැන් අපි ඉල්ලුම් කරලා තියෙන්නේ. කවදා හරි මට පුළුවන් වුවහොත් සීනි තියෙන අයට ආහාර අපි විසින්ම දෙන්න හිතන් ඉන්නවා. ඒ දේට කවුරු හරි හොඳ හෝටලයකින් දායකත්වය ලබා දෙනවා නම් තමයි හොඳ . “

මිනිස් කම පෙරදැඩි කරගත් මෙවැනි මිනිසුන් මෙන්ම මෙවැනි රෝහල් ද විරල බවයි මහනුවර රෝහලේ සේවකයන් සඳහන් කළේ.1 2 3 4 7 9 10-2 11-2

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button