පළකල දිනය : Mon, Nov 14th, 2016

මං ගැන කතාවෙන සමහර ගොසිප් ඇත්ත පෙම්වතියක්‌ නෙමෙයි කිව්වොත් විහිළුවක්‌නේ

මෙගා වැඩකට අතගැසුවේ ඇයි ?

මේක තමයි මගේ පළමුවැනි රියෑලිටි ෂෝ එක. ඉතිං මෙගා වැඩක්‌ තමයි.

ඇයි මෙගා වැඩකට අත තියන්න හිතුවේ ?

විවිධ නාලිකාවල තිබුණ රියෑලිටි ෂෝවලට මට ආරාධනා ලැබුණා. කාර්යබහුලත්වය හින්දා ඒවා ප්‍රතික්‌ෂේප කරන්න සිද්ධවුණා. වෙලාවට මට හිරු ටීවී එකේ රියෑලිටි වැඩසටහනට කතා කරනකොට මම ගොඩක්‌ කාර්යබහුලවෙලා හිටියේ නැහැ. අනික හැමදාම ටෙලිනාට්‍යවලින් දකින එකේ මේ පාර රියෑලිටි ෂෝ එකකින් ප්‍රේක්‍ෂකයන් අතරට යන්න හිතුවා.

හැබැයි මෙගා වැඩ දැන් මිනිස්‌සුන්ට එපාවෙලා තියෙන්නේ ?

මම හිතනවා වැඩසටහනේ ස්‌වභාවය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මේ මෙගා වැඩේට ජනප්‍රිය නළු නිළියෝ තිස්‌පහක්‌ දායකවෙනවා.ඒක හින්දා ප්‍රේක්‍ෂකයෝ අකමැතිවෙන එකක්‌ නැහැ කියලා හිතෙනවා.

රඟපෑමට තිත තැබුවාද?

අම්මෝ නැහැ. රඟපෑම තමයි මගේ ප්‍රධානම දේ. රඟපෑම නිසා තමයි මේ රියෑලිටි ෂෝ එක ලැබුණේ. මේක මෙගා වැඩක්‌ හින්දා මේ වෙලාවේ මුල්තැන දෙන්නේ රියෑලිටි ෂෝ එකට.

මේ දවස්‌වල ටෙලිනාට්‍ය භාරගන්නේ නැහැ ?

පසුගිය දවස්‌වල ටෙලිනාට්‍ය ගණනාවක්‌ ප්‍රතික්‌ෂේප කළා.

චිත්‍රපට දෙකකට දායකවුණා කියලත් ආරංචියි ?

රන්ජන් රාමනායකගේ ඩොක්‌ටර් නවරියන් සහ සුදේශ් වසන්ත පීරිස්‌ගේ රන්සයුර චිත්‍රපටවලට දායකවුණා.

ඩොක්‌ටර් නවරියන්හි රඟපාන්නේ රන්ජන්ගේ පෙම්වතිය විදිහට ?

ඔව්. මම හිතන්නේ සිනමාවේ දෙවතාවක්‌ රන්ජන්ට පෙම් කරන්න හම්බවුණා. පළමු චිත්‍රපටය තමයි ජීවිතය ලස්‌සනයි. දෙවැනි චිත්‍රපටය තමයි ඩෝක්‌ටර් නවරියන්. ඒ දෙකම ප්‍රධාන චරිත.

තිරයේ දෙවරක්‌ රන්ජන්ට පෙම්කරන්න ලැබෙනවා ?

ඔව්.

සැබෑවටම පෙම් කරන්න ලැබුණොත් ?

මම හිතන්නේ නැහැ රන්ජන්ගෙන් එහෙම යෝජනාවක්‌ එන එකක්‌ නැහැ.

දැන් ජීවිතේ පිළිවෙළක්‌ වෙන්න කාලය හරිනේද?

සමහර වෙලාවට එහෙම හිතෙනවා. කලා ක්‍ෂේත්‍රයේ වැඩකරන්නේ හරිම ආසාවෙන්. ඔය කාරණාව ඒ හින්දා පොඩ්ඩක්‌ පස්‌සට දැම්මා.

රුවන්ගිට ගෙදරින් මනමාලයෙක්‌ හොයාගන්න කිව්වා කියන්නේ ඇත්තද?

ඔව්. ගෙදරින් මට කෙනෙක්‌ හොයාගන්න කිව්ව කතාව ඇත්ත.

මනමාලයෙක්‌ හොයාගෙන කියන්නේ ඇත්තද?

තව ටික දවසක්‌ ගිහිං බලමුනේද?.

හොරෙන්ම පෙම් කරනවා කියලා ආරංචියි ?

ප්‍රසිද්ධියේ පෙම් කරන්න විවාහ වෙන්න එපායෑ.

රුවංගිගේ ආදර කතාව දැන්ම මාධ්‍යයට කියන්න බැරිද?

හැමදේම පිළිවෙළක්‌ වුණාම හැමෝටම දැනගන්න පුළුවන්.

මේ දිනවල රුවන්ගි පෙම්වතියක්‌ ?

නැහැ.

හැබැයි අපිට ආරංචියි රුවන්ගි පෙම්වතියක්‌ කියලා. ඔහු ජනප්‍රිය චරිතයක්‌ලු?

ඒ කතාව නම් බොරු.

ඔහු ගැන හංගන්නේ අවිශ්වාසයක්‌ තියෙන හින්දාද?

කිසිම අවිශ්වාසයක්‌ නැහැ. මාධ්‍යයට යමක්‌ කියනකොට හරියට ස්‌ථිර කරලා එපායෑ කියන්න. ඒ නිසා හැමදේම පිළිවෙළක්‌ වුණාට පසුව පුවත්පත්වලට අනෙකුත් මාධ්‍යවලට එකසැරේටම ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න සූදානම්.

ගොසිප් ගැන මොකද හිතන්නේ ?

සමහරවිට අපි හිතන්නේ නැතිවෙලාවල්වලදි අපි හිතන්නේ නැතිදේවල්වලට ගොසිප් හැදෙනවා. මම හිතන්නේ කලා ක්‍ෂේත්‍රයට ගොසිප් කියන්නේ අලුත් දෙයක්‌ නෙමෙයි.

ඔබ ගැන පළවෙන ගොසිප් කතා ඇත්තද?

මං ගැන කතාවෙන සමහර ගොසිප් ඇත්ත. සමහර ගොසිප් බොරු.

පෙම්වතියක්‌ කියන ගොසිප් කතාව ඇත්තක්‌නේ ?

ඒ ප්‍රශ්නයටම තමයි කැරකිලා එන්නේ. මේ වගේ තරුණ වයසේදී පෙම්වතියක්‌ නෙමෙයි කිව්වොත් විහිළුවක්‌ වෙනවානේ.

මුහුණුපොතේ ඔබේ නමින් තියෙන ගිණුම් බොරු කියන්නේ ඇත්තද?

ඔව්නේ. මගේ හරි විස්‌තර බලාගන්න පුළුවන් ඉන්ස්‌ටර්ග්‍රෑම් හරහා විතරයි. හැබැයි මම ෆේස්‌බුක්‌ නැහැ. නමුත් මගේ නමින් එකවුන්ට්‌ පහක්‌ හදලා මම විදිහට කවුදෝ චැට්‌ කරනවා. ඒ එකකවත් මම නෙමෙයි ඉන්නේ. මගේ අලුත් තොරතුරු දැනගන්න පුළුවන් ඉන්ටර්ග්‍රෑම්වලින් විතරයි. මගේ නමින් තියෙන ෆේස්‌බුක්‌ ගිණුම් පහම හොර ගිණුම්. මම ඉන්ස්‌ටර්ග්‍රෑම්වල පළකරන පින්තූර එවෙලේම අරගෙන ෆේස්‌බුක්‌ එකවුන්ට්‌ පහකට අප්ඩේට්‌ කරනවා. ඒවා සියල්ලම බොරු.

දිනේෂ් විතාන

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button