පළකල දිනය : Thu, Nov 17th, 2016

අලූත් පක්‍ෂයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී සියයක් සාමාජික කාඞ්පත් වෙන් කරලලු

ලක්‍ෂ 78ක මහ ජනතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්‍ෂය වටා පෙළගැසී සිටින්නේ යයි හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අද පැවති එම පක්‍ෂ පළමු මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේය.

මේ හේතුව නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙරට ඇති ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් ලෙස හැඳින්විය හැකි යයිද ඒ මහතා කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති නව පක්ෂයට බලෙන් හෝ එක් කර ගන්නා බවද කියූ බැසිල් රාජපක්‍ෂ මහතා නව පක්‍ෂය සමගින් ඒකාබද්ධ විපක්‍ෂයේ සියළු මන්ත්‍රීවරුන් හදවතින්ම සිටියද පක්‍ෂයට සම්බන්ධවීමට නීතිමය බාධා එල්ල වී ඇතැයිද සදහන් කලේය.

නව පක්‍ෂයේ සාමාජිකත්වය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 100ක්, පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා 200ක් ලෙස නව පක්‍ෂයේ සාමාජික කාඞ්පත් වෙන් කර ඇතැයි මෙම හමුව ඇමතූ පක්‍ෂ සභාපති හිටපු ඇමති ජී.එල්. පීරිස් මහතා කියා සිටියේය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button