පළකල දිනය : Sat, Nov 19th, 2016

විදේශීකයන්ට සතුටු දෙන බිල්ඩිමක් අනුමත කරගන්න ආණ්ඩුවේ ප්‍රබලයෙකුත් මුණ ගැහිලා

කොළඹ ගංගාරාමය විහාරස්ථානයට ආසන්න සර් ජේම්ස් පීරිස් මාවතේ අමුතුම ආකාරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා පූර්ව අවසර ලබාගැනීම සදහා ආයෝජකයන් පිරිසක් රජයේ ප්‍රබලයෙක් මුණගැසී තිබෙන බව වාර්තා වේ.

ලංකාවේ මේ වන විට ආරම්භ කර ඇති මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති වල ඉදිකරන ගොඩනැගිලි වලට වඩා වෙනස් ස්වරූපයකින් ඉදිවන මේ ගොඩනැගිල්ල කුමන නිශ්චිත අරමුණක් වෙනුවෙන් ඉදිකිරීමට සැලසුම් කරන්නේද යන්න පිළිබද තොරතුරු අනාවරණය නොවනුද එය මේ වන විට ඉදිවෙමින් පවතින නෙළුම් කුළුන වැනි ඉදිකිරීම් අභිභවා යන මට්ටමේ ව්‍යාපෘතියක් බවට ආරංචි පළවේ.

නිසි අවසර ලැබුණහොත් ලබන වසර මුළ ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මේ ගොඩනැගිල්ල විනෝදාස්වාදය සදහා වූ ක්‍රියාකාරකම් වලට වෙන්වූ ගොඩනැගිල්ලක් බවට නිළ නොලත් ආරංචි මාර්ග පවසයි.ඒ අනුව වසර තුනකින් ඉදිකිරීම් අවසන් වන මෙම ගොඩනැගිල්ල සදහා ප්‍රවිශ්ඨ විය හැක්කේ සාමාජිකයන්ට පමණක් වන අතර ලක්ෂ 3 සිට අළෙවි වන සාමාජික කාඩ්පත් හරහා යාවජීව සාමාජිකත්වයන් ලබාදීමට සැලසුම් කර තිබේ.

දේශීය සාමාජිකයන්ට වඩා විදේශීය ගනුදෙනුකරුවන් ඉලක්ක කර සිදුකරන මෙම ව්‍යපෘතිය තුලින් සංචාරක ආකර්ෂණය දිනාගැනීම සිය ප්‍රමුඛ අරමුණ බව ආයෝජකයන් විසින් රජයේ ඉහල නිළධාරින් හමුවේ ද පවසා තිබේ.කෙසේ වුවද එහිදි බහුතර නිළධාරින්ගේ පිළිතුර වී ඇත්තේ රටේ සම්මත නීති රීති හා සංස්කෘතික රාමුවට අදාලව සිදුවන විනෝදාස්වාද ව්‍යාපෘතියක් නම් ඒ වෙනුවෙන් අවසර ලබාදීමට හැකියාව පවතින බවයි.

මුලාශ්‍ර – නෙත්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button