පළකල දිනය : Tue, Dec 6th, 2016

කරපිංචාවල ඔබ නොදත් වටිනාකම් මෙන්න

කරපිංචා යනු කුළුබඩුවකි. ඉන් කොළ කිහිපයක් ව්‍යංජනයට එකතු කරන්නේ ආහාරය රසගැන්වීමටයි. එහෙත් කරපිංචා කොළය පිඟානෙහි ඉතිරිකොට අහක දමන පිරිස බොහෝය. ඒ සියලු දෙනා කරපිංචා ශාකයේ ගුණය හඳුනන්නේ නැත. ඒ අතින් සලකා බැලීමේදී කරපිංචා යනු ඔෟෂධීය ශාකයකි.

කරපිංචා කටුකයි, තිත්තයි, කෂටයි, සැහැල්ලුයි. දාහය, අශිස්, පනුවන්, රුජා, තාපය, විෂ ඉඳිමුම නැසීම, වමනය සහ අමනුෂ්‍ය දොස් නැතිකරයි. මේ ආයුර්වේදයේ දක්වා ඇති කරපිංචාවල ගුණයන්ය.

ශරීරයේ මේද ප්‍රමාණය පහත හෙළයි.

ඔබට කොලෙස්ටර්රෝල් නම් කරපිංචා දිව්‍ය ඖෂධයකි. එය ශරීරයේ මේද ප්‍රමාණය පහත හෙළයි. හෘද රෝග වළක්වා ගැනීමේ උපක්‍රමයක් ලෙස කරපිංචා විවිධ ආකාරයෙන් ආහාරයට එක්කර ගනී. කරපිංචා වලින් සාදා ගන්නා සම්බෝලය ශරීරයට ඉතා ගුණ දෙන කොලෙස්ටරෝල් මේදය ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාව ඇති ආහාරයකි.

කරපිංචා කොළ හොඳින් වේළා මඳ පවනේ වේළන්න. එයට ඉඟුරුපියලි කිහිපයක් එකතු කොට වතුර ස්වල්පයක් එක්කර තම්බා බොන්න.

කරපිංචා පොතු, මුල්, නැටි ගෙන අරළු, බුළු, නෙල්ලි සමඟ තම්බා පානය කරන්න.

කරපිංචා කොළ කොටා යුෂ ගෙන හීනැටි හාල් සමඟ මිශ්‍ර කොට තම්බා බොන්න.

කරපිංචා කොළ, උම්බලකඩ, රතුලූනු, පොල් දමා සම්බෝලයක් සේ සකස් කරගෙන ප්‍රධාන ආහාර වේල සමඟ ආහාරයට ගන්න.

කරපිංචා දළු සම්බෝලය හෝ ලුණු මිරිස, කරපිංචා – සුදුලූණු සම්බෝලය ආදී වශයෙන් ආහාරයට එක්කර ගැනීම සුදුසු බව සඳහන් කළ හැකිය.

රුධිරය පිරිසුදු වීමට උපකාරී වෙයි.

කරපිංචා පොතු, සුදුලූනු, උළුහාල්, ගම්මිරිස්, මිශ්‍රකොට තම්බා බොන්න.

කරපිංචා ලුනු වතුරෙන් සෝදා තෙලෙන් බදින්න. පසුව කිරි හොද්දක් සකස් කර එයට බැදගත් කරපිංචා දමා පිස ආහාරයට ගන්න.

විෂ නාශක ගුණය ඉහලයි.

සර්පයකු දෂ්ට කළ වහාම කරපිංචා කොළ කිහිපයක් කොටා යුෂ බීමට සැලැස්වීමෙන් විෂ නැසෙයි.සර්ප විෂවලදී කරපිංචා කොළ කැඳ බීමට දෙනු ලැබේ. මෙම විෂ නාශක ගුණය නිසාම මී විෂ, සෙංගමාලය වැනි අවස්ථාවලදීත් කොළකැඳ දීම සුදුසුයි.

සර්පයකු දෂ්ට කළ විට අපේ පැරැණියන් දුන්නේ කරපිංචා කැඳය. කරපිංචා කැඳ සාදා ගන්නේ කරපිංචා කොළ යම් ප්‍රමාණයකට සහල් සහ පොල් කිරි මිශ්‍ර කර පිළියෙල කර ගැනීමෙනි.

අද ද සර්පයකු දෂ්ට කළ විට කරපිංචා කැඳ බීමට දෙන්නේ කරපිංචා සතු විස නැසීමේ මහගු ගුණය හේතුවෙනි. එසේම භූමිතෙල් වැනි ශරීරයට විස ගෙන දෙන ද්‍රව්‍යයන් ශරීරගත වූ විට ද කරපිංචා කැඳ බීමට දෙන්නේ කරපිංචා සතු එම විස නැසීමේ ගුණය නිසාය.

ස්නායු දුර්වලවීම, වායුගෙඩි හට ගැනීම සහ බඩදැවිල්ලට

කරපිංචා කොළ, නැටි, පොතු, බාර්ලි වතුරෙන් තම්බා බොන්න.

අර්ශස්, මලපහ පහසුවට.

කරපිංචා කොළ, කොහිල අල හීනියට කපා ගන්න. උළුහාල්, සුදුලූනු රතුලූනු දමා තම්බන්න. උදේ හිස්බඩට පානය කරන්න.

අකලට හිස කෙස් පැසීම කරපිංචා පෝෂ්‍ය ගුණය නිසා නතර වේ. හිසකෙස් වර්ධනය කරයි.

පිපාසයට

කරපිංචා කොළ වේළා කරාබු නැටි, කුරුඳු පොත්තක් සමඟ හොඳින් කුඩුකරගෙන, කෝපි මෙන් පානය කරන්න.

කෘමි කරදරේට

කරපිංචා පැළයක් ‍ සිටුවීමෙන් ඉන් වහනය වන සුවඳට කුරුමිණියන් වැනි කෘමීන් අඩුවේ.

දරුවන් වදන මවුවරුන්ට

කරපිංචා කොළ, ගම්මිරිස්, ඇට, ගොරකා කැබැල්ලක්, මිරිස් කරලක්, අඹරා කෑමෙන් ගර්භාෂයේ තෙතමනය අඩුවෙයි. දරුවා බිහි කිරීමේදී වේදනා ගතිය දුරුවෙයි.

කරපිංචා කැඳ සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

කරපිංචා කොළ අවශ්‍ය පමණට

පොල් ස්වපල්පයක්ලු

ලූණු අවශ්‍ය පමණට

වතුර

සුදු ලූනු

උළු හාල් හැන්දක්

හකුරු

කරපිංචා වල අඩංගු ප‍්‍රධාන පොෂ්‍යපදාර්ථ

ප්‍රෝටීන්වි

කාබෝහයිඩ්රේට

තන්තු

පොස්පරස්ය

කඩ

මැග්නීසියම්

ටමින් A, C, B, E, සහ K

කැල්සියම්ය

ප‍්‍රතිඔක්සිකාරක

තඹ සහ ඛනිජ ලවන

ඇමයිනෝ අම්ල

සාදන ක්‍රමය

ප්‍රථමයෙන් කරපිංචා කොළ ටික සෝදා පිරිසුදු කර බ්ලෙන්ඩරයට දමා එයට සුදු ළූණු, පොල් ස්වල්පයක් හා වතුර එක්කර බ්ලෙන්ඩර් කර පෙරා යුෂ සාදා ගන්න.

කැකුළු සහල් ටිකක් ගෙන එයට උළුහාල් හැන්දක් ද දමා බත් තම්බා ගෙන එයට කරපිංචා යුෂ දමා මදක් රත් වූ හකුරු ස්වල්පයක් සමඟ පානය කරන්න. එයින් වැඩි රසයක් ලබා ගත හැක.

අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් නැති අයට පොල් නොදමා කැඳ සාදා ගත හැක.

කරපිංචාවල අගුණවන අවස්ථා අඩුය. සියලු දෙනාටම ගුණදෙන ඔසුවකි.

මුලාශ්‍ර – healthtips.lk

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button