පළකල දිනය : Thu, Dec 8th, 2016

ත්‍රිත්ව ඝාතනයට පෙර සී.සී.ටී.වී. අක්‍රීය කරලා කුඩා දරුවෙක් සාක්කි දෙයි

අම්බලන්ගොඩ, මාදම්පාගම ඉඩම්තොට ව්‍යාපාරික ස්ථානයකදී එකම පවු‍ලේ පියා, මව හා පුතු වෙඩි තබා ඝාතනය කරන අවස්ථාවේ එහි තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය ක්‍රියා විරහිත කර ඇතැයි අම්බලන්ගොඩ ‍පොලීසිය පවසයි.

(05දා) රාත්‍රී 8.50ට පමණ ඉඩම්තොට ටී.ආර්.එස්. ෆුඩ්සිටි ව්‍යාපාරික ස්ථානයට ඇතුළු වී ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇතැයි ‍පොලීසිය පවසයි.

මෙම වෙඩි තැබිමෙන් ඝාතනයට ලක්වූයේ කිරිමාදුර ඉන්දික ද සොයිසා (33), අගම්‍පොඩිගේ දේවිකා (27), තිරිමාදුර රන්දික (04) යන එකම පවු‍ලේ පිය මව පුතු යන තිදෙනාය.

ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇද්දැයි යන්න ‍පොලීසිය සැක කරයි. ඝාතනය කිරීමට දින කිහිපයකට පෙර ව්‍යාපාරික ස්ථානය අසල නිවසක පදිංචිව සිටි පවු‍ලේ ඥාතීන් අතර බහින් බස් වීමක් ද සිදුවී ඇතැයි ඥාතීන් ‍පොලීසියට පවසා ඇත.

ඝාතනයට ලක් වූ තිදෙනාගේ මෘත දේහය (06දා) බලපිටිය මූලික රෝහ‍ලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට තිබූ අතර මෙදින පෙරවරුවේ බලපිටිය මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණ කළාය.

කළු රෙද්දකින් මුහුණ වසාගත් මාමලා දෙන්නෙක් කඩෙන් එළියට ඇවිත් දිව්වා

කඩේ පැත්තෙන් සද්දයක් ඇහිලා අපි දුවගෙන ගියා බලන්න. එතකොට දැක්කා මූණ කළු රෙද්දකින් බැඳගත්ත කෙට්ටු උස මාමලා දෙන්නෙක් කඩේ ඇතුළෙන් එළියට ඇවිල්ලා දිව්වා. මොකක්ද වුණේ කියලා දැනගෙන හිටියේ නෑ. ඒ එක මාමා කෙනෙක් මමයි මල්ලියි ඉන්න පැත්තට දුවගෙන ආවා.

අපි ඉක්මනට ගේ ඇතුළට ගිහින් දොර වහ ගත්තා යැයි මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්කි දුන් සිද්ධිය ඇසින් දුටු කුඩා දරුවෙක් පැවසීය.මෙම දරුවා සිද්ධිය වූ මොහොතේදී එම වෙළෙඳසල අසල නිවසේ සිට ඇති අතර එම දරුවා මෙම සිද්ධිය දුටු එකම සාක්කිකරුද වේ.

මියගිය ඉන්දික සොයිසාගේ ව්‍යාපාරික ස්ථානයට සී.සී.ටී.වී. කැමරාවක් සවිකර තිබූ නමුත් එදින එම කැමරා ක්‍රියා විරහිත කොට තිබූ බවද ‍පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.එම ආයතනයේ තිබූ කැමරාවේ විදුලි ස්විචය සවිකර තිබි ඇත්තේ අසල තිබූ ඥාති නිවසකයි. ඒ අනුව ‍පොලීසියේ සැකය ඒ දෙසට යොමු වී තිබේ.

තවද මෙම ඝාතන කිරීමට පෙර එනම් ඔක්තෝබර් 01 දින මෙම ස්ථානයට ආසන්නයේදී පුද්ගලයෙකුට ‍පොල්ලකින් ගසා මරා දමා ඇති අතර එම සිද්ධියටත් මෙම ඝාතන සම්බන්ධයක් ඇද්දැයි ‍පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

අම්බලන්ගොඩ මූලස්ථාන ‍පොලීසිය සහ ඇල්පිටිය නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය මගින් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කරයි.

(Visited 6,445 times, 7 visits today)
Share

Comments පලකිරීමට පහතට යන්න



Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

අලුත්ම Comments


Back to Top Button
error: Content is protected !!

Send this to friend