පළකල දිනය : Tue, Mar 21st, 2017

ඩිල්ෂාන් ලක්ෂ 24කින් ලොකු වැඩක් කරලා

නැති බැරිකම් කියන වචන අපේ සමාජයේ ජීවත්වන හුගක් අයට හුරුපුරුදු වචන ටිකක්.

ඒ විදිහට නැතිබැරිකම් තියාගෙන මාතලේ අගලවත්ත ප්‍රදේශයේ පදිංචි නිර්මාලා පද්මකුමාරි මැණිකේ ජීවත් වුනේ පියාගේ පිහිටෙන්.

ඒත් 2016 වසරේ නිර්මලාගේ පියා විදුලිසැර වැදීමකින් ජීවිතයෙන් සමුගත්තා.

ඊට පස්සේ නිර්මලා තමන්ගේ දරුවන් දෙන්නත් එක්ක තනි වුණා.

ඇගේ වැඩිමහල් දරුවාගේ වයස අවුරුදු 11ක් සහ අනෙක් දරුවාගේ වයස අවුරුදු 7තයි.

අගහිගකම් මැද ජීවත් වුන නිර්මණාලට ඉදිරියට ජීවිතය ගැටගහගන්න ඕන නිසා තමන්ට තියෙන එකම වටිනාම වස්තුව වන ඉඩම බැංකුවකට උකස් තියන්න සිද්ධ වුණා.

රුපියල් ලක්ෂ පහමාරක් වැනි මුදලකට තමයි ඉඩම උකස් තිබ්බේ.

ඇගේ මේ දුක ගැන මාතලේ ප්‍රදේශයේ වාර්තාකරු වාර්තා කිරීමත් සමග නිර්මලාගේ උකස් කරපු ඉඩම බේරාගෙන දීමට හසිත විදානාරච්චි නමැති ව්‍යාපාරිකයෙකු ඉදිපත් වුණා.

ඒ පුවත වාර්තා කිරීමත් සමග ඊට සංවේදී වුන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ටී.එම්. ඩිල්ෂාන් නිර්මලාට නිවසක් තනා දීමට පොරොන්දු වුණා.

එම පොරොන්දුව කියූ පරිදි ඉටු කරමින් රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වැය කර ටී.එම්. ඩිල්ෂාන් මාතලේ ප්‍රදේශයේ පදිංචි නිර්මලාට සහ ඇගේ දරුදෙදෙනාට ඊයේ (19) දිනට යෙදී තිබුණු සුබ මොහොතින් නව නිවසේ යතුරු කැරැල්ල භාරදුන්නා.

මාතලේ රුචිර – රජ ගොසිප්

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button