පළකල දිනය : Fri, Mar 24th, 2017

නාමල්ගේ විවාහය ප්‍රමාද ඇයි? සිරීපාදේ කට්ටිය වටකරගෙන අහපු කතාව

නාමල් රාජපක්ෂ, ශෙහාන් සේමසිංහ හා ඩී.වී. චානක ඇතුළු තරුණ මන්ත්‍රීවරු පිරිස සිරීපාදේ යාමට කතිකා කරගෙන තිබුණේ දැනට මාසයකට පමණ පෙරදීය. එහෙත් යෝෂිත රාජපක්ෂ හදිසි අනතුරකට ලක්වීම නිසා ඔවුන්ගේ සිරිපා ගමන තරමක් ප්‍රමාද විය. බ්‍රහස්පතින්දා සවස නාමල්, යෝෂිත හා රෝහිත අනෙක් මන්ත්‍රීවරුන් කණ්ඩායම සමග සිරිපා කරුණා කිරීමට ගියෝය. සැහැල්ලු ඇඳුම්වලින් සැරසුණ නාමල් හිස ආවරණය කරගන්නා ජැකට්ටුවක්ද පැළඳ සිටියේය.

තරුණ නඩය සිරිපා කරුණා කිරීමට ගියේ වැඳල බහින මේ නඩයට සුමන සමන් දෙවි පිහිටයි යැයි කියමිනි. ඔවුන්ගේ මුහුණට හමුවන වන්දනා නඩ වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි කියා ආශිර්වාද කළෝය. එහෙත් ඇතැම් වන්දනා නඩවලට ඔවුන්ගේ ආශිර්වාදය අවසන් කිරීමට නොහැකි විය. වඳින්න යන මේ නඩේට…..යැයි කියන විට ඇතැම් වන්දනා නඩ නාමල් හඳුනා ගත්හ. එතැනින් ආශිර්වාද කවි කීම නතර කළ ඔවුහු අනේ…මේ අපේ නාමල් මහත්තයානේ යැයි කියමින් නාමල් වටකරගන්නට වූහ.

මහින්ද මහත්තයයි මැඩමුයි ආවේ නැද්ද එම වන්දනා නඩ නාමල් වටකර ගනිමින් අසන විට ඔවුන්ට පිළිතුරු දෙමින්ම සිරිපාද වන්දනා කිරීමට නාමල්ට සිදුවිය.
දැන් ඔබතුමා විවාහයක් එහෙම කරගන්නේ නැද්ද නාමල් හමුවූ සමහරුන්ට තිබුණේ එවැනි ප්‍රශ්නය.

මේ අතර ඩී.වී. චානකගේ උසට සරිලන තරුණියක් සොයා ගැනීම ගැනත් පිරිස කතා කරන්න වූයේ ඒ අතරවාරයේය.

චානක මන්ත්‍රීතුමාගේ පස්සෙන් කෑගල්ල පැත්තේ
සුදු කෙට්ටු කෙල්ලෙක් ආවානේ. උසත් හරියට ගැළපෙනවා. ඒකෙත් ප්‍රශ්නයක් නෑපිරිස චානකට විහිළු කරන්න විය. ඒ අතර ශෙහාන් සේමසිංහට විහිළු කරන්න ගත්තේ තරුණියක් විවාහවී ඇත්දැයි ඇසූ බව කියමිනි.

නෑ. මම කසාද බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා ඒ අයට මම කිව්වා ශෙහාන් සේමසිංහ ඇඟ බේරාගත්තේය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ශිරන්ති රාජපක්ෂත්
කැබිලිත්තේ වන්දනාවට ගොස් තිබුණේය. ඔවුන් එහි ගියේ මාස තුනක්් පේවීමෙන් පසුවය.

ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්නගේ නැන්දණියගේ අවමංගල්‍ය උත්සවය ඇහැලියගොඩදී පැවැත්වුණේය. අභාවය ආරංචිවූ වහාම බැසිල් ඇහැලියගොඩ බලා ගියේය. බැසිල් එන විට පවිත්‍රා වන්නිආරච්චිත්, රංජිත් සොයිසාත් එහි ගොස් සිටියේය. දේහයට අවසන් ගෞරව දැක්වූ බැසිල් නිවසේ ඇතුළු කාමරයකට ගියේය. ඒ කතාබහ සිදුවන අතරවාරයේදී නිමල් සිරිපාල ද සිල්වා මළගෙදරට ආවේය.

බැසිල් මහත්තයත් ඇවිත් ඉන්නේ මළගෙදර සිටි අයෙක් නිමල්ට කීවේය.
කොතනද ඉන්නේ. මම ගිහින් කතා කරන්නම් කියා නිමල් සිරිපාල ද සිල්වා බැසිල් සිටි කාමරයට ගියේය. නිමල් එන විට බැසිල් අනෙක් මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරමින් සිටියේ ඔහුට විරුද්ධව පනවා තිබෙන නඩු ගැනය. පසුදා උදෑසන නඩුවක් විභාගවීමට නියමිතව තිබූ නිසා ඒ ගැන ඔවුන් වැඩි අවධානයකින් යුතුව කතා කර තිබුණේය.

බලන්නකෝ නිමල් මහත්තයා, අපේ බැසිල් මහත්තයාට හෙට උදේ උසාවි යන්න තියෙනවානේරංජිත් සොයිසා කීවේය.

ඔය වෙන දේවල් ගනං ගන්න එපානිමල් කීවේ බැසිල් දෙස බලමිනි.
අපි නම් ගනං ගන්නේ නෑ. දැන් ඉතිං නඩුවලට මුහුණ දෙන්න මහන්සිවෙන්න වෙලානේ තියෙන්නේ බැසිල් කීවේ සැහැල්ලුවෙනි.

මේ කතාබහ අතරවාරයේදී පවිත්‍රා එතැන සිටි මන්ත්‍රීවරුන් කණ්ඩායම රැගෙන එළියට ආවේ බැසිල්ටත් නිමල්ටත් නිදහසේ කතා කිරීමට අවස්ථාවක් ලබාදෙමිනි. මේ සාකච්ඡාව අවසන් වන විට විනාඩි.

හතළිස්පහක් පමණ ගතවී තිබූ අතර ඒ ගැන දෙදෙනාම එක වචනයක්වත් කීවේ නැත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button