පළකල දිනය : Wed, Apr 5th, 2017

බඳින්නැයි කියා තරුණියන් ඇල්ලු බෝඩ් නිසා බයවුණු රසල් ට්විටර් ගිණුමට දැම්ම ෆොටෝ එක.

ඊයේ (4) බංග්ලාදේශය පරදවා ශ්‍රී ලංකාව පළමු විස්සයි විස්ස තරඟය ජයගත් උණසුම තවමත් මැකී ගොස් නැහැ. ඉතින් මැච් එක අතරතුර රසල් ආර්නල්ඩ්ට වෙච්ච අපුරු දෙයක් තමයි මේ පුවතින් අපි ගෙනාවේ.

ඊයේ ක්‍රීඩා පිටියට පැමිණි තරුණියක් විසින් විස්තර විචාරයේ යෙදී සිටි රසල් ආර්නල්ඩ්ට විවාහ යෝජනාවක් ගෙන එන අයුරු දැක්වෙන පුවරුක් ප්‍රදර්ශනය කරගෙන සිටියා. මෙය තරඟය අතර සජීවී විකාශයේද ප්‍රදර්ශනය වූ අතර රසල් එම අවස්ථාවේ සිනා සී කිසිවක් නොපවසා සිටියා.

කෙසේ නමුත් තරඟයෙන් අනතුරව සිය පවුලේ අය සමඟින් ඡායාරූපයක් ඔහුගේ ට්විටර් ගිණුමට එක් කරන්නට රසල් කටයුතු කර තිබුණු අතර එහි ඔහු සඳහන් කර තිබුනේ තවත් එක් තරඟයකින් පසුව පවුලේ අය සමඟින් එකතු වන්නට තමන්ට හැකි බවත් එය සොඳුරු අවස්ථාවක් වනු ඇති බවත්ය.

එම ඡායාරූපයට අදහස් පළ කරමින් රසික රසිකාවියන් රසල්ගෙන් විමසා ඇත්තේ මැච් එක අතර තරුණියක් විවාහ යෝජනාවක් ගෙන ආ නිසා මේ ඡායාරූපය ගිණුමට එක්කළාදැයි විහිළුවට මෙන් ප්‍රශ්න කරමින්.

මේ එම ඡායාරූපයි,

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button