පළකල දිනය : Tue, Apr 11th, 2017

ඒඩ්ස් සැකය නිසා බලපෑම් එල්ලවූ ගනේමුල්ල පාසල් දැරිය ලොවටම පෙන්වූ දේ

ඒඩ්ස් රෝගය වැළදී ඇතැයි යන සැකය මත පාසලෙන් හා ඇතැම් දෙමාපියන්ගෙන් දිගින් දිගටම බලපෑම් එල්ලවූ ගනේමුල්ල කුඩාබොල්ලත පාසැලේ දැරිය මෙවර වාර විභාගයේද පන්තියේ ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා.

ගලහිටියාව හේමමාලි මහා විද්‍යාලයට අනුබද්ධ ගනේමුල්ල කුඩාබොල්ලත ශ්‍රී සුමංගල ප්‍රාථමික පාසැලේ දැරියකට ඒඩ්ස් රෝගය වැළඳී ඇතැයි චෝදනා කරමින් සිදු කෙරෙන කෙනෙහෙළිකම් පිළිබදව පසුගිය මස දිගින් දිගටම වාර්තා කලා.

විටෙක ගම්වැසියන්ගෙන්ද, විටෙක පාසැලේ ඇතැම් දරුවන්ගේ දෙමාපියන්ගෙන් නින්දා අපහාස පමණක් නොව පරුෂ වචනයන්ද නොඅඩුව පිදුම් ලැබූ මේ පුංචි දැරිය මේ කිසිවකින් සැලුණේ නැහැ.

දැරියගේ භාරකරුවන් පවසන්නේ දැරියට සිදුවූ කෙනෙහෙළිකම් හේතුවෙන් ඇය පසුගිය වාරයේ පාසැල් ගිය දින ගණනට වඩා නොගිය දින ගණන වැඩි බවයි.

මේ සියලු බාධක මැද නව හැවිරිදි මේ කුඩා දැරිය ඇයට එල්ල වූ සියලු චෝදනා අපහාස වලට පිළිතුරු දී ඇත්තේ මේවර වාර විභාගයේදීත් විශිෂ්ඨ ප්‍රතිපල පෙන්වමින්.

කෙසේ වෙතත් දැරියගේ මාපියන් අප හා පැවසුවේ ඇයට පාසැලේ ඇතැම් ගුරුවරුන්ගෙන් මෙන්ම දෙමාපියන්ගෙන් එල්ලවෙන බලපෑම තවමත් අවසන් වී නොමැති බවයි.

සමාජයෙන් අදටත් එල්ලවන දහසකුත් එකක් බාධකවලට නොසැලී මුහුණ දෙන දීප්තිමත් හෙට දවසකට උරුම කියන මෙම පුංචි දැරියගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරදීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීම නොවන්නේද?

(Hiru News)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button