පළකල දිනය : Sun, Apr 16th, 2017

විවාහ වී මාසයක් ගෙවුණු අවුරුදු දා නොසිතූ ලෙස නොඑන ගමන් ගිය ලක්මි

ඇය නමින් ලක්මිණි රුවන්තිකා හංසමාලි. රූපලාවන්‍ය කටයුතු තමයි ලක්මිගේ ජීවිතේ වුණේ.

ඇය ඒ ක්ෂේත්‍රයෙන් කාගෙත් හිත දිනාගෙන හිටපු කෙනෙකි.

මීට මාසයකට කළින් ඒ කියන්නේ මාර්තු මාසේ 13 වෙනිදා තමයි ලක්මිණිගේ විවාහය සිද්ධ වුණේ. ඒ ශකිල එක්ක.

ශකිලත් ඡායාරූප ශිල්පියෙක් විදියට තමයි රැකියාව කරගෙන ගියේ.

විවාහයට මාසයක් විතර ගත වෙද්දි ලක්මි හිටපු ගමන් රෝහල් ගතකරන්න වුණා. ඒ ඇයට හැදුණු සෙම්ප්‍රතික්ෂාව උත්සන්න වුණු නිසා.

වෛද්‍යවරු ප්‍රතිකාර කළත් ඇයගේ රෝගී තත්වය එන්න එන්නම දරුණු වුණා.

ඒ පෙනහළුවලට විෂබීජයක් ඇතුල්වුණු හින්දා කියලා තමයි ලක්මිගේ යාළුවෙක් කියලා තිබුණේ.

කොහොමහරි (14) අලුත් අවුරුද්ද වුණා වෙද්දි තමන්ගේ ළඟින් හිටපු හැමෝමව දාලා ලක්මි සමුගත්තා.

ලක්මිගේ ගෙදර අයට, මාසෙකට කලින් විවාහ වුණු සැමියට විතරක් නෙවෙයි ඇයගේ ළගින්ම හිටපු යාළුවන්ටත් සිද්ධ වුණු දේ තාමත් හීනයක් වගේ.

මහනුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක අධ්‍යාපනය ලබපු ලක්මි රූපලාවන්‍ය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න තමයි හිතාගෙන හිටියේ.

මේ ඇයගේ යහළුවෝ ඇගේ මරණය ගැන මුහුණු පොතේ තියපු දුක්බර සටහන් කිහිපයක්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button