පළකල දිනය : Sun, Apr 23rd, 2017

රුවන්වැලි මහා සෑය අසළ කැණිමකින් ඉතිහාසය වෙනස් වෙයි

අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ නැගෙනහිර වාහල්කඩ දොරටුව අසළ දකුණු පස බිම් කොටසේ සිදු කළ පුරාවිද්‍යා කැනිමකින් ඓතිහාසික සාධක රැසක් අනාවරණ කර ගෙන තිබෙනවා.

ඒ අනුව වසර 1500කට වඩා පැරණි හුඹස් මැටි, අළු හුණු හා ගඩොල් කුඩු යොදා ගනිමින් සකස් කළ ළා නිල් පැහැති බිත්ති පාදකයක කොටසක් ද සොයා ගත් බවයි මධ්‍යම සංස්කෘතික අරමුදල පැවසුවේ.

එහි අභයගිරිය හා මහා විහාර ව්‍යාපෘතියේ පුරා විද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය ටී ජී කුලතුංග කියා සිටියේ මෙතෙක් කිසිදු ඉපැරණි ගොඩනැගිල්ලකින් මෙවැන්නක් හමු නොවූ බවයි.

පිහිටි පොළවෙන් මීටර එකක් පමණ ගැඹුරට සිදු කළ කැණිම්වලදී මෙම ඓතිහාසික සාධක මතුකර ගැනීමට හැකි වුණා.

මෙම කැණීම්වලදී වැසිකිළි පද්ධතියක්ද මතුකර ගැනීමට හැකිවී තිබෙනවා.

එය රුවන්වැලි මහා සෑය ඉදිකිරීමට පෙර ඉදිකළ එකක්දැයි යන්න පිළිබඳ පරීක්ෂණ සිදු කරන බවයි පුරාවිද්‍යා අංශ සඳහන් කළේ.

මීට අමතරව මතුපිට කැටයම් නොකළ මුල්ම යුගයේ සඳකඩ පහනක්ද සොයා ගැණුනා.

මුලාශ්‍රය – නෙත්GOSSIP

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button