පළකල දිනය : Sun, Apr 23rd, 2017

ප්‍රභාකරන්ගේ “හොඳම වෛද්‍යවරයා” හෙළිකළ දේ

රත්නම් වේලුපිල්ලේ කියන නම් ඔබට පුරුදු නමක් ද?

ඔබේ උත්තරය නැහැ කියන එක කියල අපි දන්නවා.

හැබැයි වෙන වේලුපිල්ලේ කෙනෙකු නම් ඔබට හොඳටම මතක ඇති.

ඒ වේලුපිල්ලේ ප්‍රභාකරන්.

මේ වේලුපිල්ලෙයි ඒ වේලුපිල්ලෙයි දෙන්න එක්කෙනෙක් නෙමෙයි, හැබැයි මේ වේලුපිල්ලේ රත්නම් – වේලුපිල්ලේ ප්‍රභාකරන්ගෙන් “හොඳම වෛද්‍යවරයා ” විදිහට නම දිනාගෙන තිබුණා.

යුද්දෙ කාලේ ඕමන්තෙන් මාන්කුලම්වලට – එතනින් විශ්වමඩු ඊට පස්සේ සරණාගත කඳවුරකට එන්න වුනු රත්නම්, කඳවුරේ ලෙඩ වෙලා මැරෙන්න පන අදින මිනිස්සුන්ට හොයාගන්න පුළුවන් බෙහෙත් – හිතේ මිම්මට දිදී සනීප කළා.

ඒ කාලේ තමයි LTTE සාමාජිකයොත් විශාල සංඛ්‍යාවක් ලෙඩ වුණේ.

හැබැයි දරුනුවටම යුද්දේ යන ඒ කාලේ හරි බෙහෙත් තියා හොර බෙහෙතක්වත් තමන්ගේ සාමාජිකයන්ට දෙන්න LTTE සංවිධානයට පුළුවන් වුණේ නැහැ.

සරණාගත කඳවුරේ ලෙඩ්ඩුන්ට සරණවෙන රත්නම් ගැන ආපු ආරංචියට දවසක් කෙනෙක් රත්නම්ව හොයාගෙන එනවා.

ඒ තමයි පොට්ටු අම්මාන්.

“මම තියෙන දේවල් එකතු කරලා කොහොම හරි බෙහෙත් හදන්න පොරොන්දු වුණා..ඉංග්‍රීසි බෙහෙත් හදන්න බෙහෙත් වර්ග නෑ වගේම ආයුර්වේදෙට බෙහෙත් තිබුණෙත් නැහැ.. එත් කරන්න දෙයක් නැහැ.. මිනිස්සුන්ට මැරෙන්න දෙන්න බැහැ..”

මේ විදිහට කියන රත්නම් වෙදමහත්තයා, සමහර බෙහෙත්වල මාත්‍රාව පවා වෙනස් කළා. ඒ වෙන කරන්න දෙයක් නැතිම කමට.

“මුලින් ම මම බෙහෙත් කළේ සරණාගත කඳවුරේ මිනිස්සුන්ට.. LTTE නායකයන් මගේ ලඟට යොමු කළේ පොට්ටු අම්මාන්. නාදන් කියන LTTE නායකයා දිගටම මගෙන් බෙහෙත් ගත්තා.

මම මේ කරන  දේ ආරංචිවෙලා ප්‍රභාකරන් LTTE සිමාවේ හිටපු හොඳම වෛද්‍යවරයා විදිහට මාව හැඳින්වුවා.. ”

වෛද්‍යවරයෙකුට ජිවිතේ බේරාගන්න්න ලෙඩා මොන සංවිධානේද, කවුද කියන එක වැදගත් නෑ.. අදටත් මම වෙදකම් කරනවා.. එදා LTTE එකට අද මම පොලිසිය එක්කත් වැඩ කරනවා.. ජිවිතේ හැටි එහෙමයි… “

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button