පළකල දිනය : Tue, Apr 25th, 2017

සුපිරි යතුරුපැදි ධාවනශූර ආනන්ද වෙඩිසිංහ දැඩිසත්කාර ඒකකයේ

සුපිරි යතුරුපැදි ධාවනශුරයෙකු වන ආනන්ද වෙඩිසිංහ ඊයේ (24) නුවරඑළියේ පැවති මාර්ග ධාවන තරඟයේදී හදිසි අනතුරකට ලක්ව තිබෙනවා. අනතුරෙන් බරපතල තුවාල ලබා ඔහු මේ වන විට රෝහල් ගතකර ඇති අතර ඔහුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඔහු මහනුවර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ කොන්ද ප්‍රදේශයට හානි සිදුව ඇති බවත් එක් පාදයක් බිඳි ගොස් ඇති බවත් වෛද්‍යවරුවන් පවසනවා. අනතුර සිදුවන්නේ ඔහු විසින් තවත් ක්‍රීඩකයෙකු සමඟින් තරඟයේ අවසන් වටයේදී කරටකර තරඟයක සිටින අවස්ථාවක වන අතර ඔවුන් දෙදෙනාම පැදවූ යතුරු පැදි මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ මාර ගසක කොටයක වැදී තිබෙනවා.

ආනන්ද සමඟින් අනතුරට ලක්වූ අනෙක් යතුරුපැදිකරු වන සුරාජ්ගේද එක් අතක් බිඳී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඔහුගේ තත්වය බරපතල නොවන අතර ආනන්ද වෙඩිසිංහ අනතුරට ලක්වූ අවස්ථාවේ හිස ප්‍රදේශය දරුණු ලෙස වැදී ඇති බවත් ඒ හේතුවෙන් ඔහුගේ නාසයෙන් හා මුඛයෙන් ලේ වහනය වී ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

තරඟය අවස්ථාවේ අනාරක්ෂිත ස්ථාන සඳහා මෙවර වැඩි වශයෙන් වැලිකොට්ට යොදා නොතිබූ නිසාවෙන් මෙම අනතුර බරපතල වූ බවයි අවට සිටි පිරිස් ප්‍රකාශ කළේ. අනතුර එම අවස්ථාවේ තරඟය නැරඹීමට පැමිණි අයෙකුගේ කැමරාවේ සටහන්ව තිබුණේ මේ අයුරින්….

The race incident between Ananda Wedisinghe & Suraj Perera in the Group SM 450cc class at the Nuwara Eliya Road Race 2017.The two riders are currently under treatment.www.facebook.com/RacingInSriLanka

Posted by Racing In Sri Lanka on Monday, April 24, 2017

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button