පළකල දිනය : Tue, Apr 25th, 2017

ගවයෙකු මැරුවොත් දිවි ඇතිතෙක් හිරේ දාන අලුත් නීති ඈති රට

ගව ඝාතනය ජීවිතාන්තය තෙක් බලපැවැත්වෙන සිර දඬුවමක් බවට පත් කෙරෙන පනත් කෙටුම්පතකට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබුණි.

නව නීතිය අනුව ගව ඝාතනය ඇප නොලැබෙන වරදක් හැටියටත් ප්‍රකාශයට පත්කෙරෙයි.මෙම නව නීතිය සම්මත කෙරෙන තෙක් ඉන්දියාවේ ගව ඝාතනයට නියම කෙරෙන දඬුවම වසර හතක සිර දඬුවමකට සීමාවිය.

ඉන්දියාවේ හින්දු ප්‍රජාව අතර ගවයා පූජනීය ජීවියෙකි.ගුජරාට් ප්‍රාන්තයේ ඇමතිවරයෙක් නව නීතිය පිළිබඳව අදහස් දක්වමින් ‘ගවයා ඉන්දියානු සංස්කෘතියේ සංකේතයක්’ වන බව කියා සිටියේය.ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩලය මගින් පනවන ලද අලුත් නීතිය තව නොබෝ දිනකින් පැවැත්වෙන ගුජරාට් මැතිවරණයේ දී පාලක භාරතීය ජනතා පක්ෂය මහජන ඡන්ද දිනා ගැනීම සඳහා පාවිච්චි කරන උපක්‍රමයක් හැටියට කොන්ග්‍රස් පක්ෂයේ දේශපාලනඥයකු විසින් විග්‍රහ කරනු ලැබ ඇත.

කෙසේ වෙතත් අප බෞද්ධ රටක් විදිහට මෙවැනි තීරණයක් ගෙන නීතියක් පැනවිය හැකිනම් එය ඉතා ආගනේය.

පසුගිය ආණ්ඩු සමයෙහි ශ්‍රී ලංකාවේ ගව ඝාතනය නැවැත්වීම සඳහා මාස දෙකක් ඇතුලත නීති සම්පාදනය කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නේ යයි සිංහල රාවය සංවිධානය එකල සඳහන් කලේ ගව ඝාතනයට විරීධය පා සංඝයා වහන්සේ නමක් ගිනි තබා ගෙන සිය දිවි නසා ගත් පසුවය.

ඉන්පසු ගව ඝාතනයට එරෙහිව එම සංවිධානය දකුණෙන් ඇරැඹු පා ගමන අරලියගහ මන්දිරය අසලින් අවසන් වූයේ අත්සන් දස ලක්ෂයක් සහිත පෙත්සමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත භාරදීමෙන්.

එහිදී ජනාධිපතිවරයා තමන්ට එම පොරොන්දුව දුන් බවයි සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න හිමියෝ එකල සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් සිංහලයට හැමදේම මතක සිටින්නේ සතියක්,දෙකක් වැනි කෙටි කාලයක් පමණක් බව ප්‍රභාකරන් පවා කියා සිටි කරුණක්. එය සත්‍යයක් බව වැටහෙන්නේ වර්තමානයේ කිසි තැනක ගව ඝාතනය ගැන කිසි තැනක,කිසි කෙනෙක් හඬ අවදි කරන්නේ නැති බැවිනි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button