පළකල දිනය : Wed, Apr 26th, 2017

කුණු කන්ද ‘බුදු පිළිමයක් අසල නවතී’ මුස්ලිම් පවුලක් දිවි ගලවාගත් හැටි

බුදු පිළිමයක් ළඟ කඩාගෙන ආ මීතොටමුල්ල කුණු  කන්ද නැවතීම නිසා දිවි ගලවාගත් මුස්ලිම් පවුලක් පිලිබඳ මේ දිනවල සමාජ ජලා ඔස්සේ වැඩි දුරටත් කතා වෙනවා

කුනුකන්ද අසල නිවසක පදිංචිව සිටි පදිංචි ඩබ්ලිව්. ඒ. එම්. බිස්‌ටියන් මෙලෙස දිවි ගලවාගෙන තිබෙනවා.

“මගේ පවුලේ පස්‌ දෙනයි.

පුතාල දෙන්නයි, දුවයි, බිරිඳයි සිද්ධිය වුණ දවසේ සිකුරාදා පල්ලි ගිහින් ඇවිල්ලා 1.30 ට විතර ගෙදරට ඇවිත් කෑම කාලා ඉන්නකොට අපේ නෑනා කිව්වා නුවර යමු වෑන් එක අරන් එන්නම් කියලා.

ඉන්න අතරේ ත්‍රීවීල් එකත් පාක්‌ කරලා ඊට පස්‌සේ එකට ගමනට සූදානමින් ඉන්නකොට නිවස ඇතුළට ගිහින් විනාඩි පහකින් විතර සද්දයක්‌ ආවා. ඊළඟට මම එළියට දුවලා බලනකොට කුණු කන්දේ කොටසක්‌ කඩාගෙන එනවා.

ගෙවල් ඔක්‌කොම පෙරළගෙන කඩාගෙන එනවා දැක්‌කා. ඊළඟට මුකුත් හිතාගන්න බෑ. මම බිරිඳයි, ළමයින්ටයි කිව්වා එළියට එන්න කියලා. බිරිඳ ඇතුළට එන්න කියලා කෑ ගහනවා. ඒ වෙලාවේ කුණු කන්ද අපේ ගේ අසල තිබූ බුදු පිළිමය ළඟට කඩන් ඇවිත් නැවතුණා.

තට්‌ටු තුනේ ඇන්ටන් අයියගේ ගේ ළඟ නතර වුණා. බුද්ධ ප්‍රතිමාව ඉතුරු වුණා. ඒ එක්‌කම අපි පැනලා බේරුණා.”

නුවෙන් ඩබ්ලිව්. ඒ. එම්. බිස්‌ටියන් කුණු කන්ද නාය යෑමෙන් මුහුණදුන් භයානක අත්දැකීම පිලිබඳ මෙසේ විස්තර කර තිබුනා

අවසානයේ අපටද කීමට ඇත්තේ බුදු ගුණ සත්‍යයි!!

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button