පළකල දිනය : Wed, Apr 26th, 2017

අත ගැලවී අතට ආවත් දිවීම නතර නොකළ ශලිනි..

“මගේ දෙපා ඉවත් කිරීමට නියමිත දිනයේ මම රෝහලට ගියේ තද පැහැයකින් දෙපාවල නිය වර්ණවත් කරගෙනය. දෙපා මගෙන් ඉවත්ව යනවානම් ඒ යා යුත්තේ සුන්දර ආකාරයෙනි. ඒ වනවිට මගේ එක අතක් ඉවත්කර තිබුණි. අනෙක් අත ඉබේ ම ගැලවී මගේ සොහොයුරාගේ අතට ආවේ ඊට මාස කිහිපයකට පෙර ය…”

මේ කතාව සැබෑ කතාවකි. බැංගලෝරයේ ජිවත්වන මැරතන් ක්‍රීඩිකා ශලනි සරස්වතී මේ ඇත්ත කතාව ලියා තිබෙන්නේ ඇගේ බ්ලොග් අඩවියේ ය.

අත් පා සියල්ල හිමි ගැහැණියකව ජිවත් වූ යුගය අවසන් වෙද්දී ඇය 32 හැවිරිදි වියේ පසුවූවා ය.

රැකියාවේ සාර්ථක, විවාහක සහ අලුතෙන් ගැබ් ගත් මවක් වූ ඇය සිටියේ සතුටින් ඉපිලෙමිනි.

ඇය කාම්බෝජයේ සංචාරයකට ගොස් සිය නිවසට පැමිණියා පමණි.

“මුලින් ම ආවේ තද උණක්. එය කෙමෙන් කෙමෙන් අසාමාන්‍ය හන්දිපත් රිදීමක් වුණා. වෛද්‍යවරු මුලින් ම සිතුවේ එය ඩෙංගු රෝගය කියායි…”

රෝහල් ගතවීමෙන් අනතුරුව සිහිසුන් වූ සරස්වතී යළි පියවි සිහියට එළඹෙන විට ඇගේ එක අතක් අහිමිව ගොස් තිබුණි. කුස තුළ වූ දරුවාට ද ගැලවීමක් ලැබී තිබුණේ නැත.

“මෙය බැක්ටීරියාවක් නිසා සිදුවන විනාශයක් බවත්, ඒ බැක්ටීරියාව විසින් මා පණපිටින් ආහාරයට ගන්න බවත් මට ඒත්තු ගැන්වූ වෛද්‍යවරු, මේ රෝගය පිළිබඳව තමන් දැනගත්තේ මා සැත්කමට ලක් කිරීමේදී බවද කීමට අමතක කළේ නැත…”

ඉන් එළඹී මාස කිහිපයේදී, කෙමෙන දම් පැහැ වූ අනෙක් අත, අගේ සොයුරා විසින් අල්ලන විටම ගැලවී ආවේ ය.

ඉන් පසු මේ රෝගයට ම බිලි වූ දෙපා ත් ශල්‍යාගාරයක් තුලදී ඉවත්කරනු ලැබුණි.

“මට තරහක් හිතුණා. මෙලෙස සිදුවීමට තරම් මා වරදක් නොකළ බව මට ඒත්තු ගියා. එහෙත් ජීවිතය මට අවශ්‍ය දේ ම දෙන්නේ නැති නමුත් මා ජිවත් වියයුතු බව මා විසින් තීරණය කළා….”

ශලනි කෘතීම පා යොදාගෙන ඇවිදීමට පුහුණු වූවා ය.

ඉන්පසු දිවීමටත් නො හැකි වූයේ නැත.

ශලනි සරස්වතී ඉන්දියාවේ මැරතන් තරඟවලට සහභාගී වන්නට වූවා ය.

කිලෝමීටර් 10 ක් හැල්මේ දුවා, තමන් ඇද වැටුණේ නැතිබව ලෝකයට පෙන්වීම ඇගේ එකම අරමුණ විය.

ඇගේ සැමියා ප්‍රශාන්ත් චෞදප්පා (Prashanth Chowdappa) මේ වෙනුවෙන් ඇය අසලම වූවා ය.

“මට ඕන වුණේ ආයේ ජිවිතේ මට ඕන මාවතට ගෙනියන.. ජිවිතේ වෙන මොනවා කියල කරන්නද ? වටෙන්න වැටෙන්න නැගිටින්න වෙනවා… වැටුණොත් – ආයේ නැගිට්ටේ නැත්නම් තමයි ජිවිතේඅර වෙන්නේ..”

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button