පළකල දිනය : Wed, May 3rd, 2017

ලක්ෂ 20ක් ගෝල්ෆේස් ආව හැටි හරීන්, බන්දුලගෙන් අහපු හැටි..

ලක්ෂ 20ක් ගොල්ෆේස් ආවා කී මන්ත‍්‍රී බන්දුලට වාදපිටියේදී ඇමති හරීන් උඩ පැන පැන තලයි.

ඒකාබද්ද විපක්‍ෂය විසින් ගාළු මුවදොර පැවත්වූ මැයි රැළියට විසි ලක්‍ෂයක ජනතාවක් සහභාගී වූයේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා දෙරණ රූපවාහිනියේ වාදපිටිය වැඩසටහනේදී කියා සිටියේය.

ඊට ප‍්‍රබල ප‍්‍රහාරයක් එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් සහභාගී වූ ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතාගෙන් ඉල්ල විය.

ඔහු කියා සිටියේ කොලඹ දිස්ත‍්‍රික්කයේම සිටින්නේ ලක්‍ෂ 23ක ජනගහනයක් බවයි. එමෙන්ම ලක්‍ෂ 20ක ජනතාවග් ගෙන ඒමට බස් රථ 33,000ක් උවමනා බවද කී ඇමති හරීන් ලංකාවේ පුද්ගලික බස් රථ ඇත්තේ 19,000ක් බවද කියා සිටියේය.

පිරිසක් පයින් බයිසිකල්වලින් ආවේ යයි බන්දුල ගුණවර්ධන මහතා ඊට දුන් පිලිතුරද දැඩිව විවේචනයයට ලක් විය.

ලක්‍ෂ 20ක් යනු ලංකාවේ සමස්ථ ජනගහනයෙන් 10%කට ඉතා ආසන්න අගයක් වන අතර ගිය මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට ලූබුණු ඡන්ද සංඛ්‍යවෙන් 40%කට ආසන්න අගයකි.

එම අවස්ථාවේදී ඇතිවූ සංවාදයේ වීඩියෝව පහතින් බලන්න.

ලක්ෂ 20ක් ගෝල්ෆේස් පිටියට පැමිණි බව පැවසූ රුපියල් 2,500 ආචාර්යවරයාට කොළඹ දිස්ත්‍රික්කයේම ජිවත්වෙන්නේ ළමයින්ද සමග ලක්ෂ 23ක් බව පෙන්වාදෙමින් ඇමති හරීන් බන්දුල ආචාර්යතුමා අසරණ කරයිලංකාවේම පුද්ගලික බස් 18,000යි, ලක්ෂ 20ක් ගේන්න බස් 33,000ක් අවශ්‍ය බවට පෙන්වාදුන් විට අසරණවූ ආචාර්ය වරයා ජනතාව ආවේ පයින් බව පවසයි

Posted by United National Party on Tuesday, May 2, 2017

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button